Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 තෙසලෝනික 1:4 - Sinhala Revised Old Version

4 එබැවින් නුඹලාගේ සියලු පීඩාවලදීත් නුඹලා ඉවසන දුක්වලදීත් ඇත්තාවූ නුඹලාගේ ස්ථිරකමත් ඇදහිල්ලත් නිසා අපිම නුඹලා ගැන දෙවියන්වහන්සේගේ සභාවලදී පාරට්ටුකරමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 ඔබගේ සියලු පීඩාවල දී හා ඔබ විඳින දුක්ගැහැටවල දී ඔබ දක්වන ඉවසීම හා ඇදහිල්ල ගැන දෙවියන් වහන්සේගේ සභාවල දී අපි ඔබ ගැන පාරට්ටු කරමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

4 එබැවින් ඔබ ඉවසා දරා සිටින සියලු පීඩා හා කරදර මැද ද ඔබගේ ස්ථිරකමත්, ඇදහිල්ලත් ගැන දෙවියන්වහන්සේගේ සභා අතරේ අපි පාරට්ටු කරන්නෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 ඔබගේ සියලු පීඩාවල දී හා ඔබ විඳින දුක්ගැහැටවල දී ඔබ දක්වන ඉවසීම හා ඇදහිල්ල ගැන දෙවියන් වහන්සේගේ සභාවල දී අපි ඔබ ගැන පාරට්ටු කරමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 තෙසලෝනික 1:4
24 හුවමාරු යොමු  

මක්නිසාද දෙවියන්වහන්සේගේ කැමැත්ත කළ පසු පොරොන්දුව ලබන පිණිස නුඹලාට ඉවසිල්ල ඕනෑය.


මක්නිසාද, සහෝදරයෙනි, නුඹලා ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ යුදයෙහි තිබෙන දෙවියන්වහන්සේගේ සභාවන් අනුවයන්නෝවී, ඔවුන් යුදෙව්වරුන්ගෙන් වින්ද දේවල්ම නුඹලාත් නුඹලාගේම රටවැසියන්ගෙන් වින්දහුය.


අපගේ බලාපොරොත්තුවත් ප්‍රීතියත් පාරට්ටුවේ ඔටුන්නත් කිමෙක්ද? අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ ඊමේදී උන්වහන්සේ ඉදිරියෙහි නුඹලාම නොවේද?


අපේ යාච්ඤාවලදී නුඹලා ගැන මතක්කරමින්, නුඹලා සියල්ලන් ගැන සෑමවේලේම දෙවියන්වහන්සේට ස්තුතිකරමුව.


එසේය, මම නුඹලා ගැන පාරට්ටුකර ඔහුට යමක් කීවෙම් නම්, මම ලජ්ජාවට පමුණුවනු නොලැබුවෙමි; එහෙත් අප නුඹලාට සැබෑකමින් සියල්ල කී හැටියටම තීතස් ඉදිරියෙහි අප විසින් නුඹලා ගැන කළ පාරට්ටුවත් සැබෑවුණේය.


මෙහි දෙවියන්වහන්සේගේ ආඥාද යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලද රක්ෂාකරන්නාවූ ශුද්ධවන්තයන්ගේ ඉවසීම ඇත්තේය.


නුමුත් ස්වාමීන්වහන්සේ එක් එක්කෙනාට බෙදාදුන් ප්‍රකාරයටද එක් එක්කෙනාව දෙවියන්වහන්සේ කැඳෙවු ප්‍රකාරයටද හැසිරේවා. සියලු සභාවලදී මෙසේ නියමකරමි.


දැනගැන්ම සමඟ පමණ දැන ක්‍රියාකිරීමද, පමණ දැන ක්‍රියාකිරීම සමඟ ඉවසිල්ලද, ඉවසිල්ල සමඟ දේවභක්තියද,


ඉවසූ අය ආශීර්වාදලද්දෝයයි අප කියමුව. යෝබ්ගේ ඉවසීම ගැන නුඹලා අසා තිබේ, ස්වාමීන්වහන්සේගේ තීරණයද නුඹලා දුටුවහුය, ස්වාමීන්වහන්සේ බොහෝ අනුකම්පාව ඇත්තාවූ දයාවන්තවූ කෙනෙක්ය.


ඒ හැටියට ඔහු ඉවසිල්ලෙන් සිට, පොරොන්දුව ලබාගත්තේය.


ස්වාමීන්වහන්සේද නුඹලාගේ සිත් දෙවියන්වහන්සේගේ ප්‍රේමයටත් ක්‍රිස්තුස්වහන්සේගේ ඉවසීමටත් පමුණුවන සේක්වා.


නැත්නම් යම් විධියකින් මකිදෝනිවරු මා සමඟ එන්ට යෙදී නුඹලා සූදානම් නැති බව දුටුවොත්, නුඹලා කොහොම නුමුත් අපි නම් මේ විශ්වාසය නිසා ලජ්ජාවට පැමිණෙන්නෙමුව.


මක්නිසාද නුඹලාගේ මනාපකම දනිමි, අකාය ගිය අවුරුද්දේ පටන්ම සූදානම්ව සිටියායයි මකිදෝනිවරුන්ට නුඹලා ගැන පාරට්ටුකරමි; නුඹලාගේ ජ්වලිතකමින් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පොලඹවනු ලැබුවෝය.


බලාපොරොත්තුවෙහි ප්‍රීතිවෙන්න; දුකේදී ඉවසිලිවන්තව සිටින්න; යාච්ඤාවෙහි නොකඩව පැවතෙන්න;


නුමුත් අපි නොපෙනෙන දේ ගැන බලාපොරොත්තුවෙමු නම් ඉවසිල්ලෙන් ඒ ගැන බලා සිටිමුව.


ඉවසීම ඇතුව යහපත්කම් කිරීමෙන් මහිමයද ගෞරවයද අමරණභාවයද සොයන්නන්ට සදාකාල ජීවනය දෙනසේක;


නුඹලා කෙරෙහි තිබෙන මාගේ විශ්වාසය මහත්ය, නුඹලා ගැන මාගේ පාරට්ටුකිරීම මහත්ය. සැනසිල්ලෙන් පූර්ණව සිටිමි, අපේ සියලු දුක්වලදී ප්‍රීතියෙන් පිනමි.


එහෙයින් ක්‍රිස්තුස්වහන්සේ උදෙසා පැමිණෙන දුර්වලකම්වලටත් අන්තරායවලටත් හිඟකම්වලටත් පීඩාවලටත් විපත්තිවලටත් ප්‍රසන්නව සිටිමි. මක්නිසාද මම දුර්වලව සිටින කලම ශක්තිමත්ව සිටිමි.


ඒ වනාහි නුඹලා අලස නොවී, ඇදහිල්ලද ඉවසිලිවන්තකමද කරණකොටගෙන පොරොන්දු උරුමකරගන සිටින්නන්ගේ අඩිපාරේ යන්නන් වෙන පිණිසය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්