එවිට ඔහු: මමත් නුඹ වාගේම අනාගතවක්තෘ කෙනෙක්මි; දේවදූතයෙක් ස්වාමීන්වහන්සේගේ වචනයෙන් මට කථාකොට–ඔහු කෑම කන පිණිසත් වතුර බොන පිණිසත් නුඹේ ගෙදරට කැඳවාගන එන්න කියා කීයේයයි ඔහුට කීවේය. ඔහු ඔහුට කීවේ බොරුය.
හිතෝපදේශ 19:5 - Sinhala Revised Old Version බොරු සාක්ෂිකාරයා දඬුවම් නොලැබ නොසිටියි; මුසාවාද නික්මවන්නා නිදහස් නොවන්නේය. Sinhala New Revised Version බොරු සාක්කි කියන්නාට දඬුවම් නියත ය; මුසාවාද දෙසන්නාට නිදහස් වීමක් නැත. Sinhala New Revised Version 2018 බොරු සාක්කි කියන්නාට දඬුවම් නියත ය; මුසාවාද දෙසන්නාට නිදහස් වීමක් නැත. |
එවිට ඔහු: මමත් නුඹ වාගේම අනාගතවක්තෘ කෙනෙක්මි; දේවදූතයෙක් ස්වාමීන්වහන්සේගේ වචනයෙන් මට කථාකොට–ඔහු කෑම කන පිණිසත් වතුර බොන පිණිසත් නුඹේ ගෙදරට කැඳවාගන එන්න කියා කීයේයයි ඔහුට කීවේය. ඔහු ඔහුට කීවේ බොරුය.
එහෙත් ඔහුට අච්චුනොකර නාරින්න, මක්නිසාද නුඹ ප්‍රඥාවත් මනුෂ්‍යයෙකු බැවින් ඔහුගේ පැසුණු හිසකේ ලෙයින් යුක්තව මිනීවළට පමුණුවන පිණිස නුඹ විසින් කටයුතු කිමෙක්දැයි නුඹ දන්නෙහියයි කීවේය.
ඔව්හු අයුතුකම් කරණකොටගෙන ගැළවී යන්නෝද? දෙවියන්වහන්ස, උදහසින් මනුෂ්‍ය වර්ගයන් හෙළාදැමුව මැනව.
බොරු ප්‍රවෘත්තියක් පතළ නොකරන්න. අධර්මිෂ්ඨ සාක්ෂිකාරයෙකු වීමට දුෂ්ටයෙකුට නුඹේ අත නොදෙන්න.
එවිට දානියෙල් කෙරෙහි වරද තැබූ ඒ මනුෂ්‍යයන් රජුගේ ආඥාව පිට ගෙනවුත්, ඔවුන් සහ ඔවුන්ගේ දරුවන්ද භාර්යාවන්ද සිංහ ගුහාවේ දැමුවෝය; ඔවුන් ගුහාවේ අඩියට පැමිණෙන්ටත් පළමුවෙන් සිංහයෝ ඔවුන්ගෙන් ජයගෙන, ඔවුන්ගේ ඇට සියල්ල කැබලි කළෝය.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය නිකරුණේ ව්‍යවහාර නොකරව. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය නිකරුණේ ව්‍යවහාර කරන තැනැත්තා නිවැරදිකාරයෙකුකොට ගණන් නොගන්නාසේක.