Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 6:24 - Sinhala Revised Old Version

24 එවිට දානියෙල් කෙරෙහි වරද තැබූ ඒ මනුෂ්‍යයන් රජුගේ ආඥාව පිට ගෙනවුත්, ඔවුන් සහ ඔවුන්ගේ දරුවන්ද භාර්යාවන්ද සිංහ ගුහාවේ දැමුවෝය; ඔවුන් ගුහාවේ අඩියට පැමිණෙන්ටත් පළමුවෙන් සිංහයෝ ඔවුන්ගෙන් ජයගෙන, ඔවුන්ගේ ඇට සියල්ල කැබලි කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 ඉන්පසු රජතුමා දානියෙල්ට විරුද්ධ ව පැමිණිලි කළ අය, ඔවුන්ගේ භාර්යාවන් හා දරුවන් සමඟ සිංහ ගුහාවට දමන්නට අණ කෙළේ ය. ඔවුන් ගුහාවේ පතුළට පැමිණෙන්නටත් පෙර සිංහයෝ ඔවුන් පිට කඩා පැන ඇටකටු පිටින් ඔවුන් කැබලිකොට දැමූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 6:24
13 හුවමාරු යොමු  

උදය දක්වා මම කල්පනාකෙළෙමි;‍ උන්වහන්සේ සිංහයෙකු මෙන් මාගේ සියලු ඇට බිඳිනසේක. එක දවසක් ඇතුළතදී ඔබ මා තීන්දු කරනසේක.


එසේ හාමාන් විසින් මොර්දෙකයිට සෑදූ එල්ලුම්ගහේම හාමාන් එල්ලා දැමුවෝය. ඉක්බිති රජුගේ කෝපය සංසිඳුණේය.


උන්වහන්සේ මාගේ සතුරන්ගේ නපුරට විපාක දෙනසේක. ඔබගේ සැබෑකම නිසා ඔවුන් විනාශ කළ මැනව.


නුමුත් ඒ කාරණය රජු ඉදිරියට පැමිණි කල, රජ හාමාන් විසින් යුදෙව්වරුන්ට විරුද්ධව කළ නපුරු යෝජනාව ඔහුගේම හිස පිටට හැරෙන හැටියට අණකර ලියා ඇරියේය; ඔහු සහ ඔහුගේ පුත්‍රයෝ ගහේ එල්ලා තබනලද්දෝය.


නුමුත්: දරුවන් නිසා පියවරුවත් පියවරුන් නිසා දරුවෝවත් මරනු නොලබත්වා; එක එකා තම තමාගේම පාපය නිසා මරනු ලබාවයි කියා ස්වාමීන්වහන්සේ අණකළ පරිද්දෙන් මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතේ ලියා තිබෙන ලෙස, ඔහු ඒ මිනීමරුවන්ගේ දරුවන් නොමැරුවේය.


දරුවන් වෙනුවට පියවරුවත් පියවරුන් වෙනුවට දරුවෝවත් මරනු නොලැබෙත්වා. එක් එක්කෙනා තම තමාගේ පාපය නිසා මරනු ලැබේවා.


ධර්මිෂ්ඨයා විපතින් මුදනු ලබයි, දුෂ්ටයා ඔහු වෙනුවට විපතට පත්වෙයි.


නුමුත් කොල්ලයට ඔව්හු අත නොපෙවුවෝය.


එවිට රජුගේ ආඥාව තද නිසා උදුන ඉතා රත්ව තිබුණු බැවින්, ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද එසවූ මනුෂ්‍යයෝ ගිනි දළුවෙන් මළෝය.


බොරු සාක්ෂිකාරයා දඬුවම් නොලැබ නොසිටියි; මුසාවාද නික්මවන්නාද නැතිවෙයි.


එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා එක එකා තම තමාගේ සහෝදරයාටත් තම තමාගේ අසල්වාසියාටත් නිදහස ප්‍රකාශකරන්ට නුඹලා මට ඇහුම්කන්දුන්නේ නැත. බලව, කඩුවටත් වසංගතයටත් සාගතයටත් අසුවීමට නුඹලාට මම නිදහස ප්‍රකාශකරමි; පොළොවේ සියලු රාජ්‍යයන් අතරෙහි නුඹලා ඔබමොබ විසිරයන්ට සලස්වන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්