Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හිතෝපදේශ 21:28 - Sinhala Revised Old Version

28 බොරු සාක්ෂිකාරයා විනාශවන්නේය; එහෙත් ඇහුම්කන්දෙන්නා අවහිරයක් නැතුව කථාකරන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 බොරු සාක්කිකරු වැනසී යයි; සාවධාන ව සවන් දෙන්නාගේ වදන් සුරැකී පවතියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 බොරු සාක්කිකරු වැනසී යයි; සාවධාන ව සවන් දෙන්නාගේ වදන් සුරැකී පවතියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 21:28
11 හුවමාරු යොමු  

තවද: මම විශ්වාසකළෙමි, ඒ නිසා කථාකළෙමියි ලියා තිබෙන ලෙස, ඇදහිල්ලේ එම ආත්මය ඇත්තාවූ අපිත් විශ්වාසකරමුව, එබැවින් කථාකරමුව.


බොරු සාක්ෂිකාරයා දඬුවම් නොලැබ නොසිටියි; මුසාවාද නික්මවන්නා නිදහස් නොවන්නේය.


බොරු සාක්ෂිකාරයා දඬුවම් නොලැබ නොසිටියි; මුසාවාද නික්මවන්නාද නැතිවෙයි.


මේක විශ්වාසවූ කීමක්ය. දෙවියන්වහන්සේ කෙරෙහි අදහාගන සිටින්නන් යහපත් ක්‍රියාවල යෙදී සිටින්ට බලාගන්නා පිණිස නුඹ විසින් මේ දේවල් සහතිකලෙස කියනවාට කැමැත්තෙමි. මේවා මනුෂ්‍යයන්ට යහපත්වූ ප්‍රයෝජනවත්වූ දේවල්ය.


නුඹට ඔල්මාදයයි ඔව්හු කීවෝය. නුමුත් ඈ: ඒ ඔහුමයයි සහතිකකොට කීවාය. ඒ ඔහුගේ දූතයායයි ඔව්හු කීවෝය.


තමාගේ අසල්වාසියාට විරුද්ධව බොරු සාක්ෂි කියන්නා පොල්ලක්ද කඩුවක්ද තියුණු ඊයක්ද වැනිය.


සැබෑව කියන තොල සදහටම ස්ථිරව පවතියි; එහෙත් බොරු කියන දිව මොහොතකට පමණක්ය.


මුසාබස් නික්මවන බොරු සාක්ෂිකාරයාය, සහෝදරයන් අතරේ භේද පතුරුවන්නාය.


බොරු ප්‍රවෘත්තියක් පතළ නොකරන්න. අධර්මිෂ්ඨ සාක්ෂිකාරයෙකු වීමට දුෂ්ටයෙකුට නුඹේ අත නොදෙන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්