හිතෝපදේශ 18:7 - Sinhala Revised Old Version අඥානයාගේ මුඛය ඔහුට විනාශයක්ය, ඔහුගේ තොල්ද ඔහුගේ ප්‍රාණයට මලපතක්ය. Sinhala New Revised Version අඥානයාගේ කට ඔහුගේ විනාශය වේ; ඔහුගේ ම වචන ඔහුට ම උගුලක් වේ. Sinhala New Revised Version 2018 අඥානයාගේ කට ඔහුගේ විනාශය වේ; ඔහුගේ ම වචන ඔහුට ම උගුලක් වේ. |
ඔවුන්ගේ දිව මෙසේ තමුන්ටම විරුද්ධවී, ඔවුන්ගේ පැකිලීම සිදුවන්නේය. ඔවුන් දකින සියල්ලෝ හිස වනන්නෝය.
කට රැකගන්නා තමාගේ ජීවිතයද රැකවල්කරගනියි; එහෙත් බොහෝසෙයින් කට අරින්නා විනාශයට පැමිණෙයි.
මෝඩයාගේ මුඛයෙහි උඩඟුකම නමැති ඉපලක් ඇත්තේය; එහෙත් ප්‍රඥාවන්තයන්ගේ තොල් ඔවුන් ආරක්ෂා කරයි.
ඔහු ඈ දුටු විට තමාගේ වස්ත්‍ර ඉරාගෙන: අහෝ මාගේ දියණියෙනි, නුඹ මා ඉතා කණගාටු කෙළෙහිය, නුඹ මා කළඹන තැනැත්තියක්ය. මක්නිසාද මම ස්වාමීන්වහන්සේට මාගේ මුඛය හැර පොරොන්දුවක් කෙළෙමි, එය වෙනස්කළ නොහැක්කෙමියි කීය.