Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හිතෝපදේශ 18:6 - Sinhala Revised Old Version

6 අඥානයාගේ තොල් ඔහු විවාදයට පමුණුවයි; ඔහුගේ මුඛයද පහරවලට අඬගසයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 මෝඩයාගේ කතාබහින් වාද විවාද ඇති වෙයි, ඔහුගේ කට නිසා ගුටි බැට ලබයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 මෝඩයාගේ කතාබහින් වාද විවාද ඇති වෙයි, ඔහුගේ කට නිසා ගුටි බැට ලබයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 18:6
14 හුවමාරු යොමු  

ගලක් බරය, වැලිත් බරය. එහෙත් ඒ දෙකටම වඩා මෝඩයෙකුගේ උරණය බරය.


ප්‍රඥාවත් මනුෂ්‍යයෙක් මෝඩ මනුෂ්‍යයෙකු සමඟ විවාදකරන විට ඔහු කෝපවුණත් සිනාසුණත් කාරණය තීන්දු නොවේ.


ඩබරකාර ස්ත්‍රියෙක් සමඟ පොදුගෙයක සිටීමට වඩා පියස්සේ මුල්ලක ඉදීම හොඳය.


තරඟයෙන් වැලකී සිටීම මනුෂ්‍යයෙකුට ගෞරවයකි; එහෙත් හැම මෝඩයෝම ඩබරකරති.


අඥානයන්ගේ පිටට පහරද පිළියෙළකර තිබේ.


අධික තරහකාරයා දඬුවම විඳින්නේය; මක්නිසාද නුඹ ඔහු මිදුවත් නැවත නැවතත් එසේ කරන්ට ඕනෑ වෙයි.


ඩබරය පටන්ගැන්ම වක්කඩක් අරින්නාක්මෙන්ය; එබැවින් තරඟය ඇවිස්සෙන්ට පළමුවෙන් එය අත්හරින්න.


ප්‍රඥාවන්තයා භයව නපුරෙන් ඉවත්වෙයි; එහෙත් අඥානයා උඩඟුකම් පාමින් සැක නැතුව සිටියි.


මෝඩයාගේ මුඛයෙහි උඩඟුකම නමැති ඉපලක් ඇත්තේය; එහෙත් ප්‍රඥාවන්තයන්ගේ තොල් ඔවුන් ආරක්ෂා කරයි.


උඩඟුකමෙන් තරඟය අටගන්නවා පමණක්ය; එහෙත් දැනමුතුකම පිළිගන්නන් වෙත ප්‍රඥාව තිබේ.


මෝඩයාගේ කෝපවීම එවේලේම එළිදරව්වන්නේය; එහෙත් බුද්ධිමත් මනුෂ්‍යයා ලජ්ජාව සඟවාගන්නේය.


නින්දාකරන්නා පන්නාදමන්න, එවිට තරඟය පහවේ; එසේය, විවාදයත් ලජ්ජාවත් නවතියි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්