හිතෝපදේශ 14:11 - Sinhala Revised Old Version දුෂ්ටයන්ගේ ගෙය හෙළාදමනු ලබන්නේය; එහෙත් අවංක අයගේ කූඩාරම සඵලවන්නේය. Sinhala New Revised Version දුෂ්ටයන්ගේ නිවෙස විනාශ වනු ඇත; අවංක අයගේ නිවෙස පවතිනු ඇත. Sinhala New Revised Version 2018 දුෂ්ටයන්ගේ නිවෙස විනාශ වනු ඇත; අවංක අයගේ නිවෙස පවතිනු ඇත. |
සැබවින් අධර්මිෂ්ඨයන්ගේ වාසස්ථාන මෙසේය, දෙවියන්වහන්සේ නාඳුනන්නාගේ ඉඩමද මෙයාකාරයයි කීවේය.
මක්නිසාද: අධිපතියාගේ ගෘහය කොතැනද කියාත් දුෂ්ටයන් වාසයකළ කූඩාරම කොතැනද කියාත් නුඹලා අසති.
නුඹ පිරිසිදුව අවංකව සිටින්නෙහි නම්, සැබෑවටම දැන් නුඹ උදෙසා උන්වහන්සේ පිබිද, නුඹේ ධර්මිෂ්ඨකමේ නිවාසය සමාදානයෙන් වර්ධනයකරනසේක.
නුඹේ භාර්යාව නුඹේ ගෙය ඇතුළෙහි ඵලදෙන මිදිවැලක් මෙන් වන්නීය. නුඹේ දරුවෝ නුඹේ මේසේ අවට ඔලීව පැළ මෙන් වන්නෝය.
මද කලකින් දුෂ්ටයා නැතිවන්නේය. එසේය, නුඹ ඔහුගේ ස්ථානය පරීක්ෂාකර බලන්නෙහිය, ඔහු සම්බනොවන්නේය.
තමාගේ වස්තුව කෙරෙහි විශ්වාසකරන්නා වැටෙන්නේය; එහෙත් ධර්මිෂ්ඨයා අමු කොළයක් මෙන් සශ්‍රීකවෙයි.
ස්වාමීන්වහන්සේ උඩඟු අයගේ ගෙය උදුරාදමනසේක; එහෙත් වැන්දඹුවගේ සීමාව උන්වහන්සේ ස්ථිරකරනසේක.
ධර්මිෂ්ඨ තැනන්වහන්සේ දුෂ්ටයාගේ වංශය ගැන කල්පනාකරනසේක; උන්වහන්සේ දුෂ්ටයන් විපතට හෙළාදමනසේක.
ස්වාමීන්වහන්සේගේ ශාපය දුෂ්ටයාගේ ගෙය පිට තිබේ; නුමුත් ධර්මිෂ්ඨයන්ගේ නිවාසයට උන්වහන්සේ ආශීර්වාදකරනසේක.
ඒක සොරාගේ ගෙටත් මාගේ නාමයෙන් බොරුවට දිවුරන අයගේ ගෙටත් වැද, ඔහුගේ ගෙය තුළ නැවතී, එහි දඬුත් ගලුත් ඇතුළුව නැතිකරන පිණිස පිටත්කර හරින්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.