Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 37:10 - Sinhala Revised Old Version

10 මද කලකින් දුෂ්ටයා නැතිවන්නේය. එසේය, නුඹ ඔහුගේ ස්ථානය පරීක්ෂාකර බලන්නෙහිය, ඔහු සම්බනොවන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 දුදනා මඳ කලකින් නැති වී යයි; ඔබ ඔහු සෙව්වත් ඔහු නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 දුදනා මඳ කලකින් නැති වී යයි; ඔබ ඔහු සෙව්වත් ඔහු නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 37:10
25 හුවමාරු යොමු  

ඔව්හු උසස්වෙන නුමුත් ටික කලකින් නැතුව යති; එසේය, ඔව්හු පහත්කරනු ලැබ අන් සියල්ලන් මෙන් තුරන්ව යති, ගොයම් කරල් මෙන් කපනු ලබති.


නුමුත් සියලු දේවල අන්තිමය ළංවී තිබේ. එබැවින් නුඹලා සිහියෙන් යුක්තව සිට, යාච්ඤාකිරීම පිණිස පිබිද සිටින්න.


මක්නිසාද හුළඟ වැදී එය නැතිවී යයි; එය තිබුණු ස්ථානයද තවත් එය දැනනොගන්නේය.


දෙවියන්වහන්සේ නුඹ සදාකාලේටම බිඳ දමනසේක, උන්වහන්සේ නුඹ අල්වා ඔබගේ කූඩාරමෙන් ඇද දමනසේක, ජීවතුන්ගේ දේශයෙන් නුඹ උදුරා දමනසේක.


ඔහු නැවත තමාගේ ගෙදරට හැරී නොඑන්නේය, ඔහුගේ ස්ථානයද නැවත ඔහුව දැන නොගන්නේය.


මක්නිසාද ප්‍රඥාවන්තයන් මැරී යන බවත්, අඥානයාද අල්ප බුද්ධි ඇත්තාද යන දෙදෙනාම විනාශවෙන බවත්, ස්වකීය ධනය අනුන්ට තබා යන බවත් ඔහු දක්නේය.


නුමුත් මනුෂ්‍යයා මැරී දිරායන්නේය. එසේය, මනුෂ්‍යයා තුරන්ව ගියාම ඔහු කොතනද?


එසේ හාමාන් විසින් මොර්දෙකයිට සෑදූ එල්ලුම්ගහේම හාමාන් එල්ලා දැමුවෝය. ඉක්බිති රජුගේ කෝපය සංසිඳුණේය.


ඔබ මාගේ වරදට කමාවී, මාගේ අපරාධය පහ නොකරන්නේ මක්නිසාද? මම ඉක්මනින් ධූලියෙහි නිදන්නෙමි, ඔබ මා බොහෝසේ සොයන නුමුත් මම නොසිටින්නෙමියි කීවේය.


එවිට යේහු තමාගේ අධිපතියාවූ බිද්කර්ට කථාකොට: ඔහු රැගෙන යෙස්‍රෙයෙලිය නාබොත්ගේ බිම් කොටසෙහි දමන්න. මක්නිසාද මාත් නුඹත් එක්ව ඔහුගේ පියවූ ආහබ් පස්සෙන් අසුන් පිට යන විට ස්වාමීන්වහන්සේ ඔහුට විරුද්ධව කී තීරණ-වාක්‍යය සිහිකරන්න;


දුෂ්ටයන්ගේ ජයඝෝෂාව ලුහුඬු බවත් අභක්තිකයාගේ ප්‍රීතිය මොහොතකට පමණක් බවත් නොදන්නෙහිද?


දුෂ්ටයන්ගේ ගෙය හෙළාදමනු ලබන්නේය; එහෙත් අවංක අයගේ කූඩාරම සඵලවන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්