තමාගේ මන්ත්‍රණය ලෙස නොකළ බව අහිතොපෙල් දැක, තමාගේ කොටළුවා සූදානම්කොට පිටත්ව ස්වකීය නුවරෙහි තිබුණ ඔහුගේ ගෙදරට ගොස්, තමාගේ ගෙදර කාරණා සකස්කොට තබා, එල්ලී මැරුණේය; ඔහු තම පියාගේ සොහොන්ගෙයි තැන්පත් කරනු ලැබීය.
හිතෝපදේශ 11:5 - Sinhala Revised Old Version නිර්දෝෂ අයගේ ධර්මිෂ්ඨකම ඔහුගේ මාර්ගය සමතලාකරයි; එහෙත් දුෂ්ටයා තමාගේම දුෂ්ටකමෙන් වැටෙයි. Sinhala New Revised Version දැහැමිකමින් නිදොස් මිනිසාගේ ජීවිත ගමන පහසු වේ; අදමිටුකමින් අදමිටුන්ගේ ම වැටීම සිදු වේ. Sinhala New Revised Version 2018 දැහැමිකමින් නිදොස් මිනිසාගේ ජීවිත ගමන පහසු වේ; අදමිටුකමින් අදමිටුන්ගේ ම වැටීම සිදු වේ. |
තමාගේ මන්ත්‍රණය ලෙස නොකළ බව අහිතොපෙල් දැක, තමාගේ කොටළුවා සූදානම්කොට පිටත්ව ස්වකීය නුවරෙහි තිබුණ ඔහුගේ ගෙදරට ගොස්, තමාගේ ගෙදර කාරණා සකස්කොට තබා, එල්ලී මැරුණේය; ඔහු තම පියාගේ සොහොන්ගෙයි තැන්පත් කරනු ලැබීය.
මනුෂ්‍යයෙක් දුෂ්ටකමෙන් ස්ථිර නොවන්නේය; එහෙත් ධර්මිෂ්ඨයාගේ මුල කිසි කලකත් නොසෙල්වෙන්නේය.
දුෂ්ටයා තමාගේ නපුරු ක්‍රියාවේදී හෙළාදමනු ලබයි; එහෙත් ධර්මිෂ්ඨයාට මරණයේදී ආරක්ෂාස්ථානයක් ඇත්තේය.
ඇදනැතිකමින් හැසිරෙන්නා ගැළවෙයි. එහෙත් තමාගේ මාර්ගවල වංකවූ තැනැත්තා හදිසියෙන් වැටෙන්නේය.
ධර්මිෂ්ඨයාගේ මාර්ගය ඇදනැති මාර්ගයක්ය. සෘජුගුණාන්විතවූ තැනන්වහන්ස, ඔබවහන්සේ ධර්මිෂ්ඨයාගේ මාවත හසුරුවනසේක.
ඉශ්‍රායෙල්ගේ අහංකාරකම [වූ දේවරූප] ඔහුගේ මුහුණ ඉදිරියෙහිම සාක්ෂිදෙයි. ඒ නිසා ඉශ්‍රායෙල් සහ එප්‍රායිම් තමුන්ගේ අයුතුකමෙන් පැකිල වැටෙන්නෝය; යූදාත් ඔවුන් සමඟ වැටෙනවා ඇත.
ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද හැරුණෝය. එවිට බෙන්යමින් මනුෂ්‍යයෝ විපත තමුන් පිටට පැමිණ තිබෙන බව දැක කැලඹී,