Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හිතෝපදේශ 11:6 - Sinhala Revised Old Version

6 ඇද නැත්තන්ගේ ධර්මිෂ්ඨකම ඔවුන් ගළවයි; එහෙත් ද්‍රෝහිකාරයෝ තමුන්ගේ ප්‍රයෝගයෙන් අසුවනු ලබති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 අවංක අය සිය දැහැමිකමින් ගැළවෙති; එහෙත් ද්‍රෝහියෝ සිය කූටෝපායවලට අසු වෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 අවංක අය සිය දැහැමිකමින් ගැළවෙති; එහෙත් ද්‍රෝහියෝ සිය කූටෝපායවලට අසු වෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 11:6
11 හුවමාරු යොමු  

වළක් හාරා තබන්නා එහි වැටෙන්නේය; තාප්පයක් කඩන්නාට සර්පයෙක් දෂ්ටකරයි.


දුෂ්ටයා තමාගේ අපරාධවලින්ම අසුවන්නේය, තමාගේ පාප නමැති ලනුවලින් බඳිනු ලබන්නේය.


තවද රජ ෂිමෙයිට කථාකොට: නුඹ මාගේ පියවූ දාවිත්ට කළාවූ නුඹේ සිතට දැනෙන මුළු දුෂ්ටකම නුඹ දන්නෙහිය. එබැවින් ස්වාමීන්වහන්සේ නුඹේ හිස පිටට නුඹේ දුෂ්ටකම හරවනසේක.


නුඹ මාගේ බඩු සියල්ල අතගා බැලුයෙහිය; නුඹේ ගෙයි බඩු සියල්ලෙන් නුඹට සම්බවුණේ කිමෙක්ද? එය මෙහි මාගේ සහෝදරයන්ද නුඹේ සහෝදරයන්ද ඉදිරියේ තබන්න, ඔව්හු අප දෙදෙනා අතරෙහි විනිශ්චය කෙරෙත්වා.


මෙසේ, නුඹ ඉදිරියෙහි තිබෙන මාගේ කුලිය සඳහා නුඹ එන කල්හි, මාගේ ධර්මිෂ්ඨකම මින් පසු මා වෙනුවට උත්තර දෙනවා ඇත. එළුවන් අතරෙහි තිත් සහ ලප නැත්තාවූද බැටළුවන් අතරෙහි කළුපාට නොවූද එකෙක්වත් මා වෙත සම්බවීනම් ඌ සොරකම්කරනලදැයි ගණන්ගත යුතුයයි කීය.


ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද හැරුණෝය. එවිට බෙන්යමින් මනුෂ්‍යයෝ විපත තමුන් පිටට පැමිණ තිබෙන බව දැක කැලඹී,


ජාතීහු තමුන් හෑරූ වළේ කිඳාගොස් සිටිති. ඔවුන් රහසින් හෙළූ දැලට ඔවුන්ගේම පා අසුවී තිබේ.


අභක්තිකයා තමාගේ මුඛයෙන් තමාගේ අසල්වාසියා විනාශකරයි; එහෙත් දැනගැන්ම කරණකොටගෙන ධර්මිෂ්ඨයෝ ගැළවෙන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්