Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හිතෝපදේශ 21:29 - Sinhala Revised Old Version

29 දුෂ්ටයා තමාගේ මුහුණ දැඩිකරගනියි; එහෙත් අවංක තැනැත්තා තමාගේ මාර්ගය කල්පනාකර බලයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 දුෂ්ටයා කපටි මුහුණක් පෙන්වයි; අවංක මිනිසා තමා යන මඟ ගැන කල්පනාකාරී වෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 දුෂ්ටයා කපටි මුහුණක් පෙන්වයි; අවංක මිනිසා තමා යන මඟ ගැන කල්පනාකාරී වෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 21:29
20 හුවමාරු යොමු  

නිර්දෝෂ අයගේ ධර්මිෂ්ඨකම ඔහුගේ මාර්ගය සමතලාකරයි; එහෙත් දුෂ්ටයා තමාගේම දුෂ්ටකමෙන් වැටෙයි.


ඉතින් අපගේ පියවූ දෙවියන්වහන්සේමද අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේද නුඹලා වෙතට එන්ට අපට මාර්ගය සලස්වාදෙනසේක්වා.


සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාගේ මාර්ග සිතට ගන්න.


ඔහු කල්පනාකොට තමා කළ තමාගේ සියලුම වරදවලින් හැරෙන නිසා ඔහු නොනැසී ජීවත්වන්නේමය.


ස්වාමීන්වහන්ස, ඔබගේ ඇස් විශ්වාසකම දෙස යොමා තිබෙනවා නොවේද? ඔබ ඔවුන්ට පහරදුන්සේක, නුමුත් ඔවුන්ට රිදුණේ නැත; ඔබ ඔවුන් නාස්තිකළසේක, නුමුත් ඔව්හු හික්මවීම පිළිනොගෙනම සිටියෝය. ඔව්හු තමුන්ගේ මුහුණ පර්වතයකට වඩා දැඩිකරගෙන, හැරීඑන්ට අකැමැතිවූවෝය.


නිතරම භයවන්නා වාසනාවන්තයෙක්ය; එහෙත් තමාගේ සිත දැඩිකරගන්නා විපතට වැටෙයි.


මාගේ මාර්ග කල්පනාකොට ඔබගේ ශික්ෂාවලට මාගේ පාද හරවා ගතිමි.


ඔබගේ පනත් පවත්වන පිණිස මාගේ මාර්ග ස්ථිර නම් කොපමණ යහපත්ද!


එබැවින් අද දවසේ පටන් මත්තට සිතට ගන්න, ස්වාමීන්වහන්සේගේ මාළිගාවෙහි ගලක් පිට ගලක් තබන්ට පළමුවෙන් තිබුණු දවස්වල නම්,


ඔව්හු පිළිකුල් දේ කළ නිසා ලජ්ජා වූවෝද? නැත, ඔවුන් කොහෙත්ම ලජ්ජාවුණේවත් ඔවුන්ට නින්දාව දැනුණේවත් නැත. එබැවින් වැටෙන්නන් අතරෙහි ඔවුන් වැටෙනවා ඇත. ඔවුන්ට දඬුවම් පැමිණෙන කාලයෙහි ඔවුන් පැකිල වැටෙනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


බොහෝ වර තරවටු ලැබත් තමාගේ කුළල තදකරගන්නා ගැළවීමක් නැතුව හදිසියෙන් පොඩිකරනු ලැබේ.


එබැවින් සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාගේ මාර්ග සිතට ගන්න.


මෙසේ ඈ ඔහු අල්ලා සිඹ, ලජ්ජා නැති මුහුණක් ඇතුව ඔහුට කථාකොට:


ප්‍රඥාවන්තයාට සමාන කවරෙක්ද? කාරණයක අර්ථය දන්නේ කවුද? මනුෂ්‍යයෙකුගේ ප්‍රඥාව නිසා ඔහුගේ මුහුණ පැහැපත්වන්නේය, ඔහුගේ මුහුණේ රළුකමද වෙනස්වන්නේය.


නුඹේ ඇස් ඉස්සරහම බලත්වා, නුඹේ ඇසිපියද නුඹ ඉදිරියෙහි කෙළින්ම බලත්වා.


නුඹේ පාදවල මාවත සමතලාකරන්න, නුඹේ සියලු මාර්ග ස්ථිරව තිබේවා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්