ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




හග්ගයි 1:6 - Sinhala Revised Old Version

නුඹලා බොහෝම වැපුරූ නුමුත් එකතුකරගත්තේ ස්වල්පයක්ය; නුඹලා කන නුමුත් තෘප්තියට නොපැමිණෙන්නහුය; බොන නුමුත් සෑහීමට නොපැමිණෙන්නහුය; අඳින නුමුත් උණුහුම් නොවන්නහුය; කුලී ලබාගන්නාද එය ලබාගන්නේ හිල් ඇති පසුම්බියකට (දමන්ට)ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

නුඹලා බොහෝ සේ වපුළ නමුත්, ලබාගත් අස්වැන්න සුළු ය. කන නමුත් තෘප්තියක් නුඹලාට නැත; බොන නමුත්, සෑහීමක් නැත. අඳින නමුත්, උණුසුමක් නැත. මුදල් හම්බ කරන්නා එය හම්බ කරන්නේ හිල් ඇති පසුම්බියකට දමන්නට ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

නුඹලා බොහෝ සේ වපුළ නමුත්, ලබාගත් අස්වැන්න සුළු ය. කන නමුත් තෘප්තියක් නුඹලාට නැත; බොන නමුත්, සෑහීමක් නැත. අඳින නමුත්, උණුසුමක් නැත. මුදල් හම්බ කරන්නා එය හම්බ කරන්නේ හිල් ඇති පසුම්බියකට දමන්නට ය.

පරිච්ඡේදය බලන්න



හග්ගයි 1:6
31 හුවමාරු යොමු  

දාවිත්ගේ දවස්වලදී අවුරුද්දෙන් අවුරුද්ද තුන් අවුරුද්දක්ම සාගතයක් විය; දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විභාගකළ විට ස්වාමීන්වහන්සේ: සාවුල් විසින් ගිබියොන්වරුන් මැරූ බැවින් ඔහු නිසාත් ඔහුගේ කුරිරු වංශය නිසාත්යයි කීසේක.


එවිට ඈ කථාකොට: නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මුට්ටියක පිටි මිටකුත් කුලාවක තෙල් ටිකකුත් මිස මා ළඟ රොටියක් නැත. ඒවා මා සහ මාගේ පුත්‍රයා විසින් කාලා නහින පිණිස ඒවා සාදා ගන්ට දර කෑලි දෙකක් අවුලමියි කීවාය.


සමහර දෙනෙක්: අපේ පුත්‍රයන්ද දූවරුන්ද ඇතුළුව අපි බොහෝදෙනෙක් කාලා ජීවත්වෙන පිණිස ධාන්‍ය ලබාගනිමුයයි කීවෝය.


ඔහු බහුලත්වයෙන් සෑහී සිටින කල ඔහුට හිඟවන්නේය. දුඃඛිතයන්ට පැමිණෙන හැම දුකම ඔහු පිටට පැමිණෙන්නේය.


ඔහුගේ ගෙයි සම්පත් පහව යන්නේය, උදහස් දවසේදී ඒවා පාවී යන්නේය.


වැසියන්ගේ දුෂ්ටකම නිසා සාරවූ දේශය ලවණ කාන්තාරයක් කරනසේක.


විසුරුවන නුමුත් වස්තුව වැඩිකරගන්න කෙනෙක්ද හිඟකමට පැමිණෙන හැටියට අයුතු ලෙස වලක්වාගන්න කෙනෙක්ද ඇත.


අක්කර දසයක මිදිවත්තෙන් බාත් එකක්ද බුසල් දසයක බීජවලින් බුසලක්ද අස්වැන්න ලැබෙන්නේය.


ඔව්හු තිරිඟු වපුරා කටු ගස් කපාගත්තෝය; ඔව්හු වෙහෙසුණු නුමුත් ප්‍රයෝජන නොලබති; මෙසේ ස්වාමීන්වහන්සේගේ බලවත් උදහස නිසා නුඹලාගේ අස්වැන්න ගැන ලජ්ජාවන්නහුය.


දේශයට වර්ෂාව නොලැබුණු නිසා බිම පැළී තිබෙන කාරණයෙන් ගොවියෝ ලජ්ජාවට පැමිණ, තමුන්ගේ හිස් වසාගනිති.


නුමුත් අප විසින් අහස් දේවීහට සුවඳ දුම් ඔප්පුකිරීමත් ඈට පානපූජා වැගිරවීමත් අත්හැරිය දා සිට සෑම දේම අපට හිඟවී, අපි කඩුවෙන්ද සාගතයෙන්ද නැතිවුණෙමුව.


ඔව්හුද කන නුමුත් තෘප්තියට නොපැමිණෙන්නෝය; ඔව්හු වේශ්‍යාකම්කරන නුමුත් වැඩි නොවන්නෝය. මක්නිසාද ඔව්හු ස්වාමීන්වහන්සේ සැලකීම අත්හැරියෝය.


ඔව්හු හුළඟ වපුරා, සුළිහුළඟ කපාගන්නෝය. ඔවුන්ට ගොයම් නැත; කොළවල කරල් නැත; තිබුණත්, අන්‍ය දේශීන් ඒවා ගිලගන්නවා ඇත.


එසේ නුඹලාගේ ශක්තිය නිකරුණේ වියදම්වන්නේය. මක්නිසාද නුඹලාගේ දේශය එහි වර්ධනය නොදෙන්නීය, දේශයේ ගස්ද ඵල නොදෙන්නේය.


මා විසින් නුඹලාගේ කෑම නමැති රුකුල බින්ද විට ස්ත්‍රීහු දසදෙනෙක් එක් උදුනෙක්හි නුඹලාගේ රොටි පුලුස්සා කිරමින් නැවත භාරදෙන්නෝය. නුඹලා කා සෑහීමට නොපැමිණෙන්නහුය.


එබැවින් නුඹලා නිසා ආකාශයෙන් පිනි නැවතී තිබේ, පොළොවෙන් එහි ඵල වැලකී තිබේ.


එබැවින් සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාගේ මාර්ග සිතට ගන්න.


සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාගේ මාර්ග සිතට ගන්න.


නුඹලා බොහොමයක් ගැන බලාසිටියහුය, නුමුත් ඒවා ස්වල්ප විය; නුඹලා ඒවා ගෙදර ගෙනා කල මම ඒවා පිඹදැමුවෙමි. ඒ මක්නිසාදැයි සේනාවල ස්වාමීන්වහන්සේ අසනසේක. මාගේ ගෘහය පාළුව තිබෙද්දී නුඹලා එකිනෙකා තම තමාගේම ගෙදරට දුවන නිසාය.


යමෙක් මිමි විස්සක් තිබුණු ගොඩක් ළඟට ආකල තිබුණේ මිමි දහයක්ය; යමෙක් පුරා මිමි පනහක් අරගන්ට මුද්‍රික පැස ළඟට ආ කල තිබුණේ විස්සක්ය.


ගොයම් වියළීයාමෙන්ද ගොයම් රෝගයෙන්ද ගල් වර්ෂාවෙන්ද නුඹලාගේ අත්වල සියලු වැඩවලදී නුඹලාට පහරදුනිමි; එහෙත් නුඹලා මා වෙතට හැරුණේ නැතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඒක සොරාගේ ගෙටත් මාගේ නාමයෙන් බොරුවට දිවුරන අයගේ ගෙටත් වැද, ඔහුගේ ගෙය තුළ නැවතී, එහි දඬුත් ගලුත් ඇතුළුව නැතිකරන පිණිස පිටත්කර හරින්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.


මක්නිසාද මේ දවස්වලට පළමුවෙන් මනුෂ්‍යයාට කුලියක් ලැබුණේවත් මෘගයාට කුලියක් තිබුණේවත් නැත; පිටතට යන අයටත් ඇතුළට එන අයටත් එදිරිකාරයා නිසා සමාදානය තිබුණෙත් නැත. එසේය, මම සියලු මනුෂ්‍යයන් එකිනෙකාට විරුද්ධකෙළෙමි.


මාගේ නාමයට ගෞරවදෙන හැටියට නුඹලා අසා සිතට නොගන්නහුනම් මම නුඹලා අතරට ශාපය එවා, නුඹලාගේ ආශීර්වාදවලට ශාපකරන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. එසේය, නුඹලා සිතට නොගන්න නිසා මම ඒවාට ශාපම කෙළෙමි.


නුඹේ පැසටද පිටි අනන ඔරුවටද ශාප පැමිණෙන්නේය.