Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හග්ගයි 2:17 - Sinhala Revised Old Version

17 ගොයම් වියළීයාමෙන්ද ගොයම් රෝගයෙන්ද ගල් වර්ෂාවෙන්ද නුඹලාගේ අත්වල සියලු වැඩවලදී නුඹලාට පහරදුනිමි; එහෙත් නුඹලා මා වෙතට හැරුණේ නැතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 නුඹලා වගා කරන්න උත්සාහ කළ සියලු දේ විනාශ වන පිණිස මම ගොයම් රෝගය ද කොළ වියළීම ද ගල් වර්ෂාව ද එවීමි. එහෙත්, නුඹලා මා වෙත හැරුණේ නැතැ යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 නුඹලා වගා කරන්න උත්සාහ කළ සියලු දේ විනාශ වන පිණිස මම ගොයම් රෝගය ද කොළ වියළීම ද ගල් වර්ෂාව ද එවීමි. එහෙත්, නුඹලා මා වෙත හැරුණේ නැතැ යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හග්ගයි 2:17
32 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ ක්ෂයරෝගයෙන්ද උණෙන්ද උෂ්ණයෙන්ද දැවිල්ලෙන්ද කඩුවෙන්ද ගොයම් වියළීමෙන්ද ගොයම් රෝගයෙන්ද නුඹට පහරදෙනසේක; නුඹ නැතිවීයන තුරු ඒවා නුඹ එළවාගන එනවා ඇත.


මම දේශය හා කඳුද ගොයමද මිදියුසද තෙල්ද භූමියෙන් අටගන්න දේවල්ද මනුෂ්‍යයන්ද සිව්පාවුන්ද සියලු හස්තකර්මද පිටට නියඟයක් එන්ට අණකෙළෙමියි කීවේය.


නුඹලා බොහොමයක් ගැන බලාසිටියහුය, නුමුත් ඒවා ස්වල්ප විය; නුඹලා ඒවා ගෙදර ගෙනා කල මම ඒවා පිඹදැමුවෙමි. ඒ මක්නිසාදැයි සේනාවල ස්වාමීන්වහන්සේ අසනසේක. මාගේ ගෘහය පාළුව තිබෙද්දී නුඹලා එකිනෙකා තම තමාගේම ගෙදරට දුවන නිසාය.


දේශයෙහි සාගතයක් පැමිණෙන්ටවත් වංසගතය පැමිණෙන්ටවත් ගොයම් වියළීයාම හෝ ගොයම් රෝගය හෝ පළඟැටියන් හෝ දළඹුවන් හෝ පැමිණෙන්ටවත්; ඔවුන්ගේ දේශයේ නුවරවල ඔවුන් සිටිද්දී ඔවුන්ගේ සතුරන් විසින් ඔවුන් වටලාගන්ටවත්; මොන පීඩාවක් නුමුත් මොන රෝගයක් නුමුත් පැමිණෙන්ටවත් යෙදුණු කල්හි;


ස්වාමීන්වහන්ස, ඔබගේ ඇස් විශ්වාසකම දෙස යොමා තිබෙනවා නොවේද? ඔබ ඔවුන්ට පහරදුන්සේක, නුමුත් ඔවුන්ට රිදුණේ නැත; ඔබ ඔවුන් නාස්තිකළසේක, නුමුත් ඔව්හු හික්මවීම පිළිනොගෙනම සිටියෝය. ඔව්හු තමුන්ගේ මුහුණ පර්වතයකට වඩා දැඩිකරගෙන, හැරීඑන්ට අකැමැතිවූවෝය.


පශ්චාත්තාපවෙන්ට ඈට කල් දුනිමි; නුමුත් ඈ තමාගේ වේශ්‍යාකම ගැන පශ්චාත්තාපවෙන්ට නොකැමැත්තීය.


තවද මා විසින් නුඹලාගේ සියලු නුවරවල දත් ශුද්ධකමද නුඹලාගේ සියලුම ස්ථානවල කෑම හිඟකමද දුන් නුමුත්, නුඹලා මා වෙතට හැරීනාවහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක:


එහෙත් නින්දිතයා අපේ බාල වයසේ පටන් අපේ පියවරුන්ගේ වස්තුද ඔවුන්ගේ බැටළුවන් සහ ගවයන්ද ඔවුන්ගේ පුත්‍රයන් සහ දූවරුන්ද, කාදැමුවේය.


ස්වාමීන්වහන්සේ තමන්ගේ දකුණත සහ තමන්ගේ බලවත් හස්තය ගැන දිවුරමින්: සැබවින් නුඹේ ධාන්‍ය නුඹේ සතුරන්ට කෑම පිණිස මම තවත් නොදෙන්නෙමි; නුඹ වැඩකර ලබාගත් නුඹේ මුද්‍රිකයුෂ විදේශීහු නොබොන්නෝය.


ඒ නිසා උන්වහන්සේ තමන්ගේ බලවත් උදහස සහ සටනේ දරුණුකම ඔවුන් කෙරෙහි වැගිරෙවුසේක; එයින් ඔවුන් වටකර ඔවුන්ට ගිනිඇල්ලූ නුමුත්, ඔව්හු එය නොදත්තෝය; එයින් ඔවුන් දැවූ නුමුත්, ඒක සිතට නොගත්තෝය.


එබැවින් ඒවායේ වැසියෝ බෙලහීනව සිටියෝය, ඔව්හු කැළඹී වියවුල්වූහ; ඔව්හු කෙතෙහි තෘණද, අමු පලාද, පියසි උඩ තණකොළද, වැඩෙන්ට පළමුවෙන් වේළුණු ගොයම්ද මෙන් වූවෝය.


එහෙත් සෙනඟ තමුන්ට පහරදුන් තැනන්වහන්සේ වෙතට නොහැරී, සේනාවල ස්වාමීන්වහන්සේ නොසෙවුවෝය.


ඔවුන්ගේ භෝග දළඹුවන්ටත් ඔවුන්ගේ ගොවිතැන් පළඟැටියන්ටත් දුන්සේක.


නුමුත් අභක්තික සිත් ඇත්තෝ උදහස රැස්කරගනිති. උන්වහන්සේ ඔවුන් බඳිනකල ඔව්හු කන්නලව් නොකරති.


මෙම ආහාස් රජු තමාට විපත පැමිණි කාලයේදී තව තව ස්වාමීන්වහන්සේට විරුද්ධව ද්‍රෝහිකම්කෙළේය.


දේශයට සාගතයක් පැමුණුණොත්, නොහොත් වසංගතයක් ආවොත්, නොහොත් ගොයම් වියළීයාම හෝ ගොයම් රෝගය හෝ පළඟැටියන් හෝ දළඹුවන් හෝ පැමුණුණොත්, ඔවුන්ගේ දේශයේ නුවරවල ඔවුන්ගේ සතුරන් විසින් ඔවුන් වටලාගන්ට හෝ මොන පීඩාවක් නුමුත් මොන රෝගයක් නුමුත් පැමිණෙන්ට හෝ යෙදුණොත්,


නවාතැන්පළේදී ඔවුන්ගෙන් එක්කෙනෙක් තමාගේ කොටළුවාට ගොදුරු දෙන්ට තමාගේ ගෝණිය ඇරිය කල තමාගේ මුදල් තිබෙනවා දුටීය; ඒවා ඔහුගේ ගෝණි කටෙහි තිබුණේය.


යෝසෙප් සහ ඔවුන් අතරේ තෝල්කකෙනෙක් සිටි නිසා ඔහුට තේරුණු බවක් ඔව්හු දැනනොගත්තෝය.


යෝසෙප් දේශයෙහි ආණ්ඩුකාරයාව සිටියේය; දේශයේ මුළු සෙනඟට වික්කේ ඔහුය. යෝසෙප්ගේ සහෝදරයෝ අවුත් මුහුණින් බිමට නැමී ඔහුට වැන්දෝය.


බලව, ස්වාමීන්වහන්සේගේ බලවත්වූ සවිවූ කෙනෙක් සිටින්නේය; ගල්වැස්ස සහිත කුණාටුවක් මෙන්ද විනාශකරන හුළඟක් මෙන්ද ගලායන මහත් ජලගැලීමක් මෙන්ද ඔහු ඒවා අතින් බිමට හෙළන්නේය.


මක්නිසාද නුඹ නුඹේ අත් වැඩේ ඵල කන්නෙහිය. නුඹ වාසනාවන්තවන්නෙහිය, නුඹට ශුභ සිද්ධවන්නේය.


නුඹලා බොහෝම වැපුරූ නුමුත් එකතුකරගත්තේ ස්වල්පයක්ය; නුඹලා කන නුමුත් තෘප්තියට නොපැමිණෙන්නහුය; බොන නුමුත් සෑහීමට නොපැමිණෙන්නහුය; අඳින නුමුත් උණුහුම් නොවන්නහුය; කුලී ලබාගන්නාද එය ලබාගන්නේ හිල් ඇති පසුම්බියකට (දමන්ට)ය.


යමෙක් මිමි විස්සක් තිබුණු ගොඩක් ළඟට ආකල තිබුණේ මිමි දහයක්ය; යමෙක් පුරා මිමි පනහක් අරගන්ට මුද්‍රික පැස ළඟට ආ කල තිබුණේ විස්සක්ය.


නුඹලාගේ භූමියේ ඵල නාස්ති නොකරන ලෙස, ඒවා කාදමන්නාට නුඹලා උදෙසා තර්ජනකරන්නෙමි; කෙතේ නුඹලාගේ මිදිවැලත් අකාලයේ එහි ඵල නොහෙළන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්