Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 21:1 - Sinhala Revised Old Version

1 දාවිත්ගේ දවස්වලදී අවුරුද්දෙන් අවුරුද්ද තුන් අවුරුද්දක්ම සාගතයක් විය; දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විභාගකළ විට ස්වාමීන්වහන්සේ: සාවුල් විසින් ගිබියොන්වරුන් මැරූ බැවින් ඔහු නිසාත් ඔහුගේ කුරිරු වංශය නිසාත්යයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 දාවිත් රජුගේ දවස, තුන් අවුරුද්දක් මුළුල්ලේ ම සාගතයක් ඇති විය. ඒ ගැන දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විමසූ විට උන් වහන්සේ පිළිතුරු දෙමින්, “සාගතයට හේතුව, සාවුල් සහ ඔහුගේ පවුලේ අය මිනීමරුවන් නිසාත්, සාවුල් ගිබියොන්වරුන් මැරූ නිසාත් ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 දාවිත් රජුගේ දවස, තුන් අවුරුද්දක් මුළුල්ලේ ම සාගතයක් ඇති විය. ඒ ගැන දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විමසූ විට උන් වහන්සේ පිළිතුරු දෙමින්, “සාගතයට හේතුව, සාවුල් සහ ඔහුගේ පවුලේ අය මිනීමරුවන් නිසාත්, සාවුල් ගිබියොන්වරුන් මැරූ නිසාත් ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 21:1
34 හුවමාරු යොමු  

ආබ්‍රහම්ගේ දවස්වලදී වූ පළමුවෙනි සාගතය හැර තවත් සාගතයක් දේශයෙහි විය. ඊසාක් පිලිස්තිවරුන්ගේ රජවූ අබිමෙලෙක් වෙතට ගෙරාර්ට ගියේය.


දේශයෙහි සාගතයක් විය. දේශයෙහි සාගතය මහත් බැවින් ආබ්‍රම් මිසරයෙහි පොරොත්තුව සිටීම පිණිස එහි ගියේය.


ඔහු මට යාච්ඤාකරන්නේය, මමද උත්තරදෙන්නෙමි; දුකේදී ඔහු සමඟ සිටින්නෙමි. ඔහු මුදා ගෞරවයට පමුණුවන්නෙමි.


තවද විපත්ති දවසේදී මට යාච්ඤාකරව; මම නුඹ මුදාහරින්නෙමි, නුඹ මට ගෞරවකරන්නෙහිය.


දෙවියන්වහන්සේට මම මෙසේ කියන්නෙමි: මා වරදට පත් නොකළ මැනව; කුමක් නිසා මා සමඟ විවාදකරනසේක්දැයි මට දැන්නුව මැනව.


තවද එලිෂා විසින් නැවත පණ දුන්නාවූ ළමයාගේ මවුට ඔහු කථාකොට: නුඹේ ගෙයි වැසියන් සමඟ නුඹ පිටත්ව ගොස් නුඹට සිටින්ට පුළුවන් තැනක සිටින්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ සාගතයක් නියමකර තිබේ; එය සත් අවුරුද්දක් දේශයෙහි පවතිනවා ඇතැය කීවේය.


කොටළුහිසක් රිදී ෂෙකෙල් අසූවකටත් පරෙවිවසුරු කැබ් එකකින් සතරෙන් කොටසක් රිදී ෂෙකෙල් පහකටත් විකිණෙනතෙක් ඔව්හු සමාරිය වටලාගන සිටියෝය.


එලියා ආහබ්ට පෙනෙන්ට ගියේය. සාගතය සමාරියෙහි බලවත්ව තිබුණේය.


තවද ගිලියද්හි විසූවන්ගෙන් එක්නෙක්වූ තිෂ්බිය එලියා ආහබ්ට කථාකොට: මා සේවයකරන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මාගේ වචනය ලෙස මිස මේ අවුරුදුවල පිනිවත් වැස්සවත් නොවන්නේයයි කීයේය.


දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විචාළ කල්හි උන්වහන්සේ: නුඹ ඉස්සරහට නොයන්න. වටකරින් ඔවුන්ට පිටිපස්සෙන් ගොස් ඇඹිල්ල ගස්වලට ඉස්සරහපිටින් ඔවුන් ළඟට පැමිණියන්න.


දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විචාරමින්: මා පිලිස්තිවරුන්ට විරුද්ධව යන්ටද? ඔබවහන්සේ ඔවුන් මා අතට පාවාදෙනසේක්දැයි ඇසුවේය. ස්වාමීන්වහන්සේ: යන්න. මක්නිසාද මම සැබවින් පිලිස්තිවරුන් නුඹ අතට පාවාදෙන්නෙමියි දාවිත්ට කීසේක.


කෙයිලාහි මනුෂ්‍යයන් ඔහු අතට මා පාවාදෙනවා ඇද්ද? ඔබගේ මෙහෙකරුවාට සැලවුණු ලෙස සාවුල් එනවා ඇද්ද? ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකරුවාට දැන්නුව මැනවයි කීවේය. ඔහු එන්නේයයි ස්වාමීන්වහන්සේ කීසේක.


එවිට දාවිත් නැවත ස්වාමීන්වහන්සේගෙන් විචාළේය. ස්වාමීන්වහන්සේ ඔහුට උත්තරදෙමින්: නැගිට කෙයිලාට යන්න; මම නුඹ අතට පිලිස්තිවරුන් පාවාදෙන්නෙමියි කීසේක.


එබැවින්: මා ගොස් මේ පිලිස්තිවරුන්ට පහරදෙන්ටදැයි දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විචාළේය. නුඹ ගොස් පිලිස්තිවරුන්ට පහරදී කෙයිලා ගළවන්නැයි ස්වාමීන්වහන්සේ දාවිත්ට කීසේක.


එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයෝ කැපකළ දේ සම්බන්ධව අපරාධයක් කළෝය. මක්නිසාද යූදා ගෝත්‍රයට අයිති සෙරාගේ පුත්‍රවූ ශබ්දීගේ පුත්‍රයා වන කර්මීගේ පුත්‍රවූ ආකාන් කැපවූ දෙයින් ගත්තේය. ස්වාමීන්වහන්සේගේ උදහස ඉශ්‍රායෙල් පුත්‍රයන්ට විරුද්ධව ඇවුළුණේය.


පූජකවූ එලෙයාසර් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඌරීම් විනිශ්චයෙන් ඔහු උදෙසා විභාගකරන පිණිස ඔහු එලෙයාසර් ඉදිරියට පැමිණේවා. එලෙයාසර්ගේ අණ පිට ඔහුද ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝද එනම් මුළු සභාවද පිටතට යෙත්වා, ඔහුගේ අණ පිට ඇතුළටද එත්වයි කීසේක.


මා විසින් නුඹලාගේ කෑම නමැති රුකුල බින්ද විට ස්ත්‍රීහු දසදෙනෙක් එක් උදුනෙක්හි නුඹලාගේ රොටි පුලුස්සා කිරමින් නැවත භාරදෙන්නෝය. නුඹලා කා සෑහීමට නොපැමිණෙන්නහුය.


දේශයෙහි සාගතය බලවත්ව පැවතුණේය.


සාගතය මුළු පොළොවෙහි බලවත්ව තිබුණු නිසා සියලු දේශ වාසීහු ධාන්‍ය මිලේට ගන්නා පිණිස මිසරයට යෝසෙප් වෙතට ආවෝය.


සාගතය කානාන් දේශයෙහි වූ බැවින් මිලේට ගන්ට ආ තැනැත්තන් අතරේ ඉශ්‍රායෙල්ගේ පුත්‍රයෝද ආවෝය.


සාවුල් වෙනුවට රජවුණාවූ නුඹ පිටට ස්වාමීන්වහන්සේ සාවුල්ගේ පවුලේ සියල්ලන්ගේ ලේ පමුණුවා, නුඹේ පුත්‍රවූ අබ්සලොම් අතට රජකම භාරදුන්සේක. ඔන්න, නුඹ විපත්තියට අසුවී ඉන්නෙහිය, මක්නිසාද නුඹ මිනිමරුවෙක්යයි කීවේය.


යායිර්හි ඊරාත් දාවිත්ගේ මන්ත්‍රීවරයෙක්ය.


ඔව්හු රජුට කථාකොට: අප නැතිකළාවූ, අප ඉශ්‍රායෙල්වරුන්ගේ කොයි සීමාවකවත් නොසිට නැතිවීයන ලෙස


නැවත ස්වාමීන්වහන්සේගේ උදහස ඉශ්‍රායෙල්ට විරුද්ධව ඇවුළුණේය. උන්වහන්සේද: ගොස් ඉශ්‍රායෙල්වරුන්ද යූදාවරුන්ද ගණන්කරන්නැයි කියමින් දාවිත් ඔවුන්ට විරුද්ධව පෙළෙඹවුසේක.


අප විසින් ඔවුන්ට දුන් දිවුරුම නිසා උදහස අප පිටට නොපැමිණෙන පිණිස, ඔවුන්ට ජීවත්වෙන්ට ඉඩහැර, ඔවුන්ට මෙසේ කරමුයයි මුළු සභාවට කීවෝය.


තවද විනිශ්චයකාරයන් විනිශ්චයකරන දවස්වලදී දේශයෙහි සාගතයක් විය. එවිට යුදයේ බෙත්-ලෙහෙමේ එක්තරා මනුෂ්‍යයෙක් තමාගේ භාර්යාවද පුත්‍රයන් දෙදෙනාද සමග මෝවබ් දේශයෙහි වසන පිණිස ගියේය.


එබැවින් ඔව්හු: ඒ මනුෂ්‍යයා දැන් මෙහි ඇවිත් සිටීදැයි වැඩිදුරටත් ස්වාමීන්වහන්සේගෙන් ඇසුවෝය. ස්වාමීන්වහන්සේ උත්තරදෙමින්: ඔහු බඩු අතරේ සැඟවී ඉන්නවායයි කීසේක.


මාගේ මුහුණ සොයව්යයි ඔබ කීකල, ස්වාමිනි, ඔබගේ මුහුණ සොයන්නෙමියි මාගේ සිත ඔබට කීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්