Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හග්ගයි 1:7 - Sinhala Revised Old Version

7 සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාගේ මාර්ග සිතට ගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 සර්ව පරාක්‍රම සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. නුඹලාගේ ජීවිත පිළිවෙළ ගැන සිතා බලන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 සර්ව පරාක්‍රම සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. නුඹලාගේ ජීවිත පිළිවෙළ ගැන සිතා බලන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හග්ගයි 1:7
8 හුවමාරු යොමු  

එබැවින් සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාගේ මාර්ග සිතට ගන්න.


ඉතින්, මාගේ සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේ තුළ ප්‍රීතිවෙන්න. එම කාරණා නුඹලාට ලියා එවීම මට වෙහෙස නැත, නුඹලාගේ ප්‍රවේසම පිණිසත් ඒක හොඳය.


මක්නිසාද අණ පිට අණය, අණ පිට අණය; පනත පිට පනතය, පනත පිට පනතය; මෙහි ටිකක්ය, එහි ටිකක්ය.


නුඹලා බොහෝම වැපුරූ නුමුත් එකතුකරගත්තේ ස්වල්පයක්ය; නුඹලා කන නුමුත් තෘප්තියට නොපැමිණෙන්නහුය; බොන නුමුත් සෑහීමට නොපැමිණෙන්නහුය; අඳින නුමුත් උණුහුම් නොවන්නහුය; කුලී ලබාගන්නාද එය ලබාගන්නේ හිල් ඇති පසුම්බියකට (දමන්ට)ය.


මා විසින් ගෘහය කෙරෙහි ප්‍රසන්නවී ගෞරව ලබන පිණිස, නුඹලා කඳු රටට නැගී ගොස් ලී ගෙනවුත් ඒක ගොඩනගන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


එබැවින් අද දවසේ පටන් මත්තට සිතට ගන්න, ස්වාමීන්වහන්සේගේ මාළිගාවෙහි ගලක් පිට ගලක් තබන්ට පළමුවෙන් තිබුණු දවස්වල නම්,


අපේ මාර්ග සෝදිසිකර විමසා ස්වාමීන්වහන්සේ වෙතට නැවත හැරෙමු.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්