Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 14:4 - Sinhala Revised Old Version

4 දේශයට වර්ෂාව නොලැබුණු නිසා බිම පැළී තිබෙන කාරණයෙන් ගොවියෝ ලජ්ජාවට පැමිණ, තමුන්ගේ හිස් වසාගනිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 දේශයට වැසි නොලැබුණ නිසා බිම වියළී තිබෙන බැවින් ගොවියෝ කැළඹී දුකින් තමන්ගේ මුහුණු සඟවාගනිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 දේශයට වැසි නොලැබුණ නිසා බිම වියළී තිබෙන බැවින් ගොවියෝ කැළඹී දුකින් තමන්ගේ මුහුණු සඟවාගනිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 14:4
10 හුවමාරු යොමු  

ගොවියෙනි, තිරිඟු සහ යව ගැන ලජ්ජාවෙන්න, මිදිවතුකාරයෙනි, කෑමොරගසන්න; මක්නිසාද කෙතේ අස්වැන්න නාස්තිවිය.


ඒ නිසා වැහිවලා නැවතුණේය, අන්තිම වර්ෂාවද නොආයේය; එහෙත් නුඹ වේශ්‍යාවෙකුගේ නළල ඇතුව, කිසි ලජ්ජාවක් නැතුව සිටියෙහිය.


බීජ ඒවායේ පිඩලි යට දිරායයි; අටු පාළුවී, ගබඩා කඩාවැටී තිබේ; මක්නිසාද ගොයම් වියළී තිබේ.


ස්වාමීන්වහන්සේ තමන්ගේ උදහසිනුත් කෝපයෙනුත් විනාශකළාවූ සොදොම් සහ ගොමොරාහිද අද්මා සහ ශෙබොයිම්හිද විනාශය මෙන් ඒ මුළු දේශයෙහි වැපිරීමක්වත් කිසි පලා ජාතියක් වැවීමක්වත් හටගැනීමක්වත් නොවන ලෙස ඒක ගෙන්දගමෙනුත් ලුණුවලිනුත් දාලා තිබෙන බවද දුටු කල්හි:


එතනිනුත් නුඹ නුඹේ අත් ඉස පිට තබාගෙන පිටත්ව යන්නෙහිය. මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹේ විශ්වාසයන් එපාකර තිබේ, ඒවායින් නුඹ සඵල නොවන්නෙහිය.


ඒ නිසා නුවරවල් දෙකක් තුනක් වතුර බීමට වෙන නුවරකට ගමන්කළෝය, නුමුත් සෑහීමට නොපැමුණුණෝය. එහෙත් නුඹලා මා වෙතට හැරී නාවහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


තවද මේ සියල්ල නිසාවත් නුඹලා මට ඇහුම්කන් නුදුන්නොත් තව සත් ගුණයක් නුඹලාගේ පව් නිසා නුඹලාට දඬුවම් කරන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්