නුඹ භූමිය වගාකරන කල ඈ මෙතැන් පටන් ඇගේ සාරවත්කම නුඹට නොදෙන්නීය. නුඹ පොළොවෙහි පලායන්නෙක්ද තැනින් තැන යන්නෙක්ද වන්නෙහියයි කීසේක.
ලෙවී කථාව 26:17 - Sinhala Revised Old Version මම මාගේ මුහුණ නුඹලාට විරුද්ධව යොමු කරන්නෙමි, නුඹලා නුඹලාගේ සතුරන් ඉදිරියෙහි පරාජය වන්නහුය. නුඹලාට වෛරකරන අය නුඹලා කෙරෙහි අධිපතිකම් කරන්නහුය; කිසිවෙක් නොඑළවන කල නුඹලා පලායන්නහුය. Sinhala New Revised Version මම නුඹලාට විරුද්ධ වන්නෙමි. නුඹලාගේ සතුරන් ඉදිරියෙහි නුඹලා මරනු ලබන්නහු ය. නුඹලාගේ සතුරෝ නුඹලා පාලනය කරන්නෝ ය. කෙනෙකු නුඹලා ලුහුබැඳ නොයන විට පවා නුඹලා පලා යන්නහු ය. Sinhala New Revised Version 2018 මම නුඹලාට විරුද්ධ වන්නෙමි. නුඹලාගේ සතුරන් ඉදිරියෙහි නුඹලා මරනු ලබන්නහු ය. නුඹලාගේ සතුරෝ නුඹලා පාලනය කරන්නෝ ය. කෙනෙකු නුඹලා ලුහුබැඳ නොයන විට පවා නුඹලා පලා යන්නහු ය. |
නුඹ භූමිය වගාකරන කල ඈ මෙතැන් පටන් ඇගේ සාරවත්කම නුඹට නොදෙන්නීය. නුඹ පොළොවෙහි පලායන්නෙක්ද තැනින් තැන යන්නෙක්ද වන්නෙහියයි කීසේක.
ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන් ඔබට විරුද්ධව පව්කළ බැවින් සතුරා ඉදිරියෙහි පරාජයවූ කල ඔවුන් දෙවනු ඔබ වෙතට හැරී ඔබගේ නාමය ප්‍රකාශකර, මේ ගෘහයේදී ඔබට යාච්ඤා කර කන්නලව් කළොත්,
ස්වාමීන්වහන්සේගේ උදහස ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි ඇවිළ උන්වහන්සේ සිරියේ රජවූ හසායෙල් අතටත් හසායෙල්ගේ පුත්‍රවූ බෙන්-හදද් අතටත් ඒ කාලය මුළුල්ලෙහි ඔවුන් පාවාදුන්සේක.
සිරියේ රජ යෙහෝවාහාස්ට සේනාවෙන් ඉතුරුකළේ අසරුවන් පනසක්ද රථ දශයක්ද පාබලසෙනඟ දස දහසක්ද පමණය; මක්නිසාද ඔහු ඔවුන් විනාශකොට, ඔවුන් මැඩ දූවිලි මෙන් කෙළේය.
භයක් නැති තැනදී ඔව්හු බොහෝසෙයින් භයපත්වූවෝය. මක්නිසාද දෙවියන්වහන්සේ නුඹට විරුද්ධව කඳවුරු බැඳගත් තැනැත්තාගේ ඇට විසිරවූසේක; දෙවියන්වහන්සේ ඔවුන් එපාකළ නිසා නුඹ ඔවුන් ලජ්ජාවට පත් කෙළෙහිය.
අහෝ සියොන් කෙරෙන් ඉශ්‍රායෙල්ගේ ගැළවීම පැමුණුණොත් යහපත! දෙවියන්වහන්සේ ස්වකීය සෙනඟ වහල්කමෙන් මුදා ගෙනෙන කල්හි යාකොබ් ප්‍රීතිවන්නේය, ඉශ්‍රායෙල් සන්තෝෂවන්නේය.
කිසිවෙක් එළවාගෙන නොඑන නුමුත් දුෂ්ටයෝ පලායති; එහෙත් ධර්මිෂ්ඨයෝ සිංහයෙකු මෙන් නිර්භීතව සිටිති.
නුඹලා කන්ද මුදුනේ රිටක් මෙන්ද හෙලක් පිට කොඩි ගහක් මෙන්ද ඉතිරිවෙන තුරු, එකදාහක් එක්කෙනෙකුගේ තර්ජනයටද නුඹලා පස්දෙනෙකුගේ තර්ජනයටද පලායනවා ඇත.
නුමුත් ඔව්හු කැරළිගසා, උන්වහන්සේගේ ශුද්ධාත්මයට දුක් ඉපදෙවූවෝය. ඒ නිසා උන්වහන්සේ ඔවුන්ට සතුරෙක් වී, උන්වහන්සේම ඔවුන්ට විරුද්ධව යුද්ධකළසේක.
මම යූදාහිද යෙරුසලමේද මන්ත්‍රණය මේ ස්ථානයේදී හිස්කර, ඔවුන්ගේ සතුරන්ගේ කඩුවෙන්ද ඔවුන්ගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන්ගේ අත්වලින්ද ඔවුන් වැටෙන්ට සලස්වා, ඔවුන්ගේ මළකඳන් ආකාශයේ පක්ෂීන්ටත් පොළොවේ මෘගයන්ටත් ගොදුරු කොට දෙන්නෙමි.
එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, නුඹලාට විපත්තිය පිණිසද සියලු යූදාවරුන් සිඳදමන පිණිසද මාගේ මුහුණ නුඹලාට විරුද්ධව තබමි.
ඇගේ එදිරිකාරයෝ ප්‍රධානයෝ වූහ, ඇගේ සතුරෝ සමෘද්ධවෙති; මක්නිසාද ඇගේ අපරාධ රාශිය නිසා ස්වාමීන්වහන්සේ ඈට පීඩාකළසේක. ඇගේ බාලයෝ එදිරිකාරයාට පෙරටුවෙන් වහල්කමට ගියෝය.
උන්වහන්සේ සතුරෙකු මෙන් තමන් දුන්න තැත්කැවූසේක, එදිරිකාරයෙකු මෙන් සිය දකුණත ඔසවා, ඇසට ප්‍රියවූ සියල්ලන් නැසූසේක. සියොන් දුවගේ කූඩාරමෙහි ගින්නක් මෙන් තමන් කෝපය වැගිරෙවුසේක.
මාගේ මුහුණද ඔවුන්ට විරුද්ධව තබන්නෙමි; ඔවුන් ගින්නෙන් නික්ම ගිය නුමුත් ගින්න ඔවුන් නාස්තිකරනවා ඇත; මා විසින් ඔවුන්ට විරුද්ධව මාගේ මුහුණ තබන විට මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය.
ඉශ්‍රායෙල් වංශයෙන් හෝ ඔවුන් අතරේ වසන විදේශීන්ගෙන් හෝ කවරෙක් නුමුත් කොයියාකාර ලෙයක්වත් කෑවොත් මම එසේ ලේ කන තැනැත්තාට විරුද්ධව මාගේ මුහුණ යොමුකරමින් ඔහු තමාගේ සෙනඟ අතරෙන් සිඳදමන්නෙමි.
ස්වාමීන්වහන්සේ නුඹේ සතුරන් ඉදිරියෙහි නුඹ පරාජයවෙන්ට සලස්වනසේක. නුඹ ඔවුන්ට විරුද්ධව එක මගකින් ගොස් සත් මගකින් ඔවුන් ඉදිරියෙන් පලායන්නෙහිය. නුඹ පොළොවේ සියලු රාජ්‍යවල ඔබ මොබ ගෙනයනු ලබන්නෙහිය.
ඒ හැටියට සෙනඟගෙන් තුන්දාහක් පමණ මනුෂ්‍යයෝ එහි ගියෝය. නුමුත් ඔව්හු හායි මනුෂ්‍යයන් ඉදිරියෙන් පලා ගියෝය.
ස්වාමීන්වහන්සේගේ උදහසද ඉශ්‍රායෙල්ට විරුද්ධව ඇවිළ උන්වහන්සේ ඔවුන් කොල්ලකාරයන් අතට පාවාදුන්සේක, ඔව්හු ඔවුන්ගෙන් කොල්ලකෑවෝය. තමුන්ගේ සතුරන්ට විරුද්ධව සිටින්ට තවත් ඔවුන්ට බැරිවෙන හැටියට උන්වහන්සේ ඔවුන් වටකර සිටිය සතුරන්ගේ අතට ඔවුන් පාවාදුන්සේක.
එබැවින් ස්වාමීන්වහන්සේගේ උදහස ඉශ්‍රායෙල්ට විරුද්ධව ඇවිළ, මෙසොපොතාමියේ රජවූ කුෂන්-රිෂාතයිම් අතට උන්වහන්සේ ඔවුන් පාවාදුන්සේක. ඉශ්‍රායෙල් පුත්‍රයෝ කුෂන්-රිෂාතයිම්ට අට අවුරුද්දක් මෙහෙකළෝය.
මිදියන්වරුන්ගේ අත ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව ජයගත්තේය. මිදියන්වරුන් නිසා ඉශ්‍රායෙල් පුත්‍රයෝ කඳුවල තිබෙන බිම්ගෙවල්ද ගුහාවල්ද කොටුද සාදාගත්තෝය.
නුමුත් නුඹලා ස්වාමීන්වහන්සේගේ හඬට ඇහුම්කන් නොදී උන්වහන්සේගේ අණට විරුද්ධව කැරළි ගසන්නහුනම්, උන්වහන්සේගේ හස්තය නුඹලාගේ පියවරුන්ට විරුද්ධව තිබුණාක් මෙන් නුඹලාටත් විරුද්ධවන්නේය.
පිලිස්තිවරු වනාහි ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කළෝය. ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ පිලිස්තිවරුන් ඉදිරියෙන් පලාගොස්, ගිල්බෝවා කන්දේදී මැරුම්කා වැටුණෝය.
පිලිස්තිවරු සටන්කළෝය, එවිට ඉශ්‍රායෙල්වරු පැරදී එක එකා තම තමාගේ කූඩාරමට පලාගියෝය. ඉතා මහත් නාස්තියක් සිදුවිය; ඉශ්‍රායෙල්වරුන්ගෙන් පාබළ සෙනඟ තිස්දාහක් වැටුණෝය.