Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 19:7 - Sinhala Revised Old Version

7 මම යූදාහිද යෙරුසලමේද මන්ත්‍රණය මේ ස්ථානයේදී හිස්කර, ඔවුන්ගේ සතුරන්ගේ කඩුවෙන්ද ඔවුන්ගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන්ගේ අත්වලින්ද ඔවුන් වැටෙන්ට සලස්වා, ඔවුන්ගේ මළකඳන් ආකාශයේ පක්ෂීන්ටත් පොළොවේ මෘගයන්ටත් ගොදුරු කොට දෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 මේ ස්ථානයේ දී මම ජුදාහි හා ජෙරුසලමේ වැසියන්ගේ යෝජනා කඩාකප්පල් කර දමා, ඔවුන්ගේ සතුරන් ඉදිරියෙහි කඩුවෙන් ද ඔවුන්ගේ දිවි නසන්නට සොයන්නන්ගේ අත්වලින් ද ඔවුන් විනාශ වන්නට සලස්වා, ඔවුන්ගේ මළකඳන් අහසේ පක්ෂීන්ටත්, පොළොවේ මෘගයන්ටත් ගොදුරු කොට දෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 මේ ස්ථානයේ දී මම ජුදාහි හා ජෙරුසලමේ වැසියන්ගේ යෝජනා කඩාකප්පල් කර දමා, ඔවුන්ගේ සතුරන් ඉදිරියෙහි කඩුවෙන් ද ඔවුන්ගේ දිවි නසන්නට සොයන්නන්ගේ අත්වලින් ද ඔවුන් විනාශ වන්නට සලස්වා, ඔවුන්ගේ මළකඳන් අහසේ පක්ෂීන්ටත්, පොළොවේ මෘගයන්ටත් ගොදුරු කොට දෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 19:7
32 හුවමාරු යොමු  

මම මාගේ මුහුණ නුඹලාට විරුද්ධව යොමු කරන්නෙමි, නුඹලා නුඹලාගේ සතුරන් ඉදිරියෙහි පරාජය වන්නහුය. නුඹලාට වෛරකරන අය නුඹලා කෙරෙහි අධිපතිකම් කරන්නහුය; කිසිවෙක් නොඑළවන කල නුඹලා පලායන්නහුය.


ඔව්හු බලවත් රෝගවලින් මැරෙන්නෝය; ඔවුන් ගැන කිසිවෙක් නොවැලපෙන්නේය, ඔව්හු වළලනු නොලැබ, භූමිය මතුපිට කසළ මෙන් වන්නෝය. ඔව්හු කඩුවෙන්ද සාගතයෙන්ද විනාශවී, ඔවුන්ගේ මළකඳන් ආකාශයේ පක්ෂීන්ටත් පොළොවේ මෘගයන්ටත් ගොදුරු වන්නේය.


ඔවුන්ගේ සතුරන් අතටත් ඔවුන්ගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන් අතටත් පාවාදෙන්නෙමි. ඔවුන්ගේ මළකඳන් ආකාශයේ පක්ෂීන්ටත් පොළොවේ මෘගයන්ටත් ගොදුරු වන්නේය.


සත්දෙනෙකු බිහිකළ තැනැත්තී දුර්වලවේ; ඇගේ ප්‍රාණය ඉකුත්විය; ඇගේ ඉර දවාලේදීම බැස ගියේය; ඈ ලජ්ජාවටත් පැමුණුණාය. ඔවුන්ගෙන් ඉතිරි අය ඔවුන්ගේ සතුරන් ඉදිරියේදී කඩුවට භාරදෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


අප පිටතට යන්නේ කොතැනටදැයි ඔවුන් නුඹෙන් ඇසූ කල්හි: වසංගතයට නියම අය වසංගතයටත්, කඩුවට නියම අය කඩුවටත්, සාගතයට නියම අය සාගතයටත්, වාල්කමට නියම අය වාල්කමටත් යනවා ඇත කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි ඔවුන්ට කියන්න.


මේ සෙනඟගේ මළකඳන්ද ආකාශයේ පක්ෂීන්ටත් පොළොවේ මෘගයන්ටත් ගොදුරුවන්නේය; කිසිවෙක්ද උන් භය නොගන්වන්නේය.


ව්‍යවස්ථාවෙහි වූවෝ උරුමක්කාරයෝ නම් ඇදහිල්ල අවලංගුවේ, පොරොන්දුවද නිෂ්ඵලවී තිබේ.


එසේවී නම් අපි ඇදහිල්ල කරණකොටගෙන ව්‍යවස්ථාව අවලංගුකරමුද? එසේ නොවේවා. අපි ව්‍යවස්ථාව ස්ථිරකරමුව.


ස්වාමීන්වහන්සේ අණ නොකළසේක්නම් යමක් සිද්ධවේයයි කියන්නේ කවුද?


ඔවුන්ගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන් අතටත් බබිලෝනියේ නෙබුකද්රෙශර් අතටත් ඔහුගේ සේවකයන් අතටත් ඔවුන් පාවාදෙන්නෙමි. නුමුත් ඊට පසුව පුරාණ දවස්වල මෙන් වැසියන් එහි සිටිනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


නුඹේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන් අතටත් නුඹ භයවෙන අයින් අතටත්, එනම් බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් අතටත් කල්දිවරුන් අතටත් මම නුඹ පාවාදී,


කොටළුවෙකු වළලන්නාක්මෙන් ඔහු යෙරුසලමේ දොරටුවලින් එපිටට ඇදගෙන ගොස් හෙළා වළලනු ලබනවා ඇත.


එබැවින් ඔවුන්ගේ දරුවන් සාගතයට භාරදී, ඔවුන් කඩුවේ බලයට අත්හැරිය මැනව; ඔවුන්ගේ භාර්යාවෝ දරුවන් නැත්තියෝද වැන්දඹුවෝද වෙත්වා; ඔවුන්ගේ පුරුෂයෝ වසංගතයෙන් මැරෙත්වා, ඔවුන්ගේ යෞවනයෝද යුද්ධයේදී කඩුවෙන් මැරුම්කත්වා.


ඔවුන් ප්‍රේමකළාවූ, සේවයකළාවූ, අනුව ගියාවූ, පේන අසාගත්තාවූ, නමස්කාරකළාවූ ඉරත් සඳත් මුළු අහස් සේනාවත් ඉදිරියෙහි ඒවා අතුරා තබන්නෝය. ඒවා එකතුකරන්ටවත් වළලන්ටවත් නොයෙදී, භූමිය මතුපිට කසළ වන්නේය.


නුඹලා එක්ව මන්ත්‍රණයකරන්න, ඒක නිෂ්ඵලවන්නේය; වචනය කථාකරන්න, ඒක ස්ථිර නොවන්නේය. මක්නිසාද දෙවියන්වහන්සේ අප සමඟ සිටිනසේක.


ස්වාමීන්වහන්සේට විරුද්ධව ප්‍රඥාවක්වත් නුවණක්වත් මන්ත්‍රණයක්වත් නැත.


අපි ප්‍රඥාවන්තයෝය, ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව අප වෙත ඇත්තේයයි නුඹලා කියන්නේ කොහොමද? එහෙත්, බලව, ලියන්නන්ගේ බොරු පන්හිඳ ඒ ව්‍යවස්ථාව බොරුවක් කර තිබේ.


ප්‍රඥාවන්තයෝ ලජ්ජාවට පැමිණ කැලඹී අසුවුණෝය. මෙන්න, ඔව්හු ස්වාමීන්වහන්සේගේ වචනය එපාකළෝය; ඔවුන් තුළ ඇති ප්‍රඥාව කුමක්ද?


එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම මේ නුවර කල්දිවරුන් අතටත් බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් අතටත් භාරදෙමි, ඔහු ඒක අල්ලාගන්නේය.


මම ගිවිසුම ගැන පළිගන්නාවූ කඩුවක් නුඹලා පිටට පමුණුවන්නෙමි; නුඹලා නුඹලාගේ නුවරවල රැස්ව සිටින කල්හි නුඹලා අතරට වසංගතය පමුණුවන්නෙමි; නුඹලාද නුඹලාගේ සතුරාගේ අතට පාවාදෙනු ලබන්නහුය.


අද දවසේ ස්වාමීන්වහන්සේ තා මා අතට පාවාදෙනසේක; මම තට ගසා, තාගේ හිස කපාදමා, පිලිස්තිවරුන්ගේ සේනාවේ මළකඳන් අද දවසේ ආකාශයේ පක්ෂීන්ටද පොළොවේ වන මෘගයන්ටද දෙන්නෙමි; මෙසේ ඉශ්‍රායෙල් කෙරෙහි දෙවිකෙනෙක් ඉන්න බව පොළොවේ සියල්ලන්ම දැනගන්නවා ඇත.


මාගේ උරුමයෙන් ඉතුරු කොටස මම අත්හැරදමා, ඔවුන් තමුන්ගේ සියලු සතුරන්ට ගොදුරක්ද කොල්ලයක්ද වෙන පිණිස ඔවුන්ගේ සතුරන් අතට ඔවුන් පාවාදෙන්නෙමි;


මම තවත් මේ සෙනඟ අතරේ පුදුම ක්‍රියාවක් එනම් පුදුමවූ අපූරු ක්‍රියාවක් කරන්ට පටන්ගන්නෙමි. ඔවුන්ගේ ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව නැතිවී යන්නේය, ඔවුන්ගේ නැණවතුන්ගේ නුවණද සැඟවීයන්නේයයි කීසේක.


ඉන්පසු මම යූදාහි රජවූ ශෙදෙකියාද, ඔහුගේ සේවකයන්ද, සෙනඟද, එනම් වසංගතයෙනුත් කඩුවෙනුත් සාගතයෙනුත් මේ නුවර ඉතුරු වෙන්නන්, බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් අතටත් ඔවුන්ගේ සතුරන් අතටත් ඔවුන්ගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන් අතටත් පාවාදෙන්නෙමි. ඔහුද ඔවුන්ට කරුණා නොකොට, අනුකම්පාකරන්නේවත් දයාවෙන්නේවත් නැතුව, ඔවුන්ට කඩුමුවහතින් පහර දෙන්නේය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්