Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 53:6 - Sinhala Revised Old Version

6 අහෝ සියොන් කෙරෙන් ඉශ්‍රායෙල්ගේ ගැළවීම පැමුණුණොත් යහපත! දෙවියන්වහන්සේ ස්වකීය සෙනඟ වහල්කමෙන් මුදා ගෙනෙන කල්හි යාකොබ් ප්‍රීතිවන්නේය, ඉශ්‍රායෙල් සන්තෝෂවන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 සියොන් කන්දෙන් ඉශ්රායෙල්වරුන්ගේ විමුක්තිය පැමිණියොත් කොතරම් යහපත් ද? දෙවිඳුන් සිය සෙනඟට සැප සම්පත් සලසා දුන් විට, ජාකොබ්ගේ සෙනඟ ප්‍රීති ප්‍රමෝද වන්නෝ ය; ඉශ්රායෙල් ජනතාව ප්‍රීති සන්තෝෂ වන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 සියොන් කන්දෙන් ඉශ්රායෙල්වරුන්ගේ විමුක්තිය පැමිණියොත් කොතරම් යහපත් ද? දෙවිඳුන් සිය සෙනඟට සැප සම්පත් සලසා දුන් විට, ජාකොබ්ගේ සෙනඟ ප්‍රීති ප්‍රමෝද වන්නෝ ය; ඉශ්රායෙල් ජනතාව ප්‍රීති සන්තෝෂ වන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 53:6
18 හුවමාරු යොමු  

අහෝ සියොන් කෙරෙන් ඉශ්‍රායෙල්ගේ ගැළවීම පැමුණුණොත් යහපත! ස්වාමීන්වහන්සේ තමන් සෙනඟ වහල්කමින් මුදා ගෙනෙන කල්හි, යාකොබ් ප්‍රීතිවන්නේය, ඉශ්‍රායෙල් සන්තෝෂවන්නේය.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම යාකොබ්ගේ කූඩාරම්වල වහල්කම පහකොට, ඔහුගේ වාසස්ථානවලට අනුකම්පාකරන්නෙමි; නුවරද එහි හෙලපිට ගොඩනගනු ලැබ, මාළිගාව තිබුණු හැටියට පවතින්නේය.


එම්බා සියොන් වැසිය, ශබ්ද පවත්වා මොරගසන්න; මක්නිසාද නුඹ මධ්‍යයෙහි ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ උතුම්ව සිටිනසේක.


එවිට ජාතියේ තානාපතියන්ට දිය යුතු උත්තරය කිමෙක්ද? ස්වාමීන්වහන්සේ සියොන් පිහිටුවා තිබේ, උන්වහන්සේගේ සෙනඟ අතරෙන් පීඩිත අය එහි ආරක්ෂාව ලබන්නෝය කියාය.


ස්වාමිනි, ඔබගේ දේශයට ඔබ කරුණාකළසේක. යාකොබ් වහල්කමින් මුදා ගෙනාසේක.


එදා ඔව්හු මහත් පූජා ඔප්පුකොට ප්‍රීතිවූහ; මක්නිසාද දෙවියන්වහන්සේ ඔවුන්ට මහත් ප්‍රීතියකින් ප්‍රීතිවෙන්ට සැලැස්වූසේක; ස්ත්‍රිහුද දරුවෝද ප්‍රීතිවූවෝය. මෙසේ යෙරුසලමේ ප්‍රීති ඝෝෂාව දුරට ඇසුණේය.


මම මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ගේ වහල්කම පහකරන්නෙමි, ඔවුන් විනාශවී තිබෙන නුවරවල් ගොඩනගා එහි වාසය කරනවා ඇත; මිදිවතු වවා ඒවායේ මුද්‍රිකපානය බොනවා ඇත; වතුද වවා ඒවායේ ඵල කනවා ඇත.


එසේය, මා විසින් යූදාගේද යෙරුසලමේද වහල්කම පහකරන ඒ දවස්වලදීත් ඒ කාලයෙහිදීත්,


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා විසින් ඔවුන්ගේ වාල්කම පහකළ කල්හි යූදා දේශයෙහිද එහි නුවරවලද මනුෂ්‍යයන්–එම්බා ධර්මිෂ්ඨකමේ වාසභූමිය, එම්බා ශුද්ධකමේ කන්ද, නුඹට ස්වාමීන්වහන්සේ ආශීර්වාදකරනසේක්වා යන කීම නැවත භාවිතාකරනවා ඇත.


අලංකාරයේ සම්පූර්ණත්වය වූ සියොන්හි සිට දෙවියන්වහන්සේ බැබළූසේක.


තවද යෝබ් තමාගේ මිත්‍රයන් උදෙසා යාච්ඤාකළ විට ස්වාමීන්වහන්සේ ඔහුගේ වහල්කම පහකොට, පෙර තිබුණු සියල්ලට වඩා දෙගුණයක් වැඩිකොට ඔහුට දුන්සේක.


ඔව්හු ස්වාමීන්වහන්සේට ස්තුති ප්‍රශංසාකරමින්: උන්වහන්සේ යහපත්ය, මක්නිසාද ඉශ්‍රායෙල් කෙරෙහි උන්වහන්සේගේ කරුණාව සදාකල්ම පවත්නෙය කියා ඔවුනොවුන් ගී කීවෝය. ස්වාමීන්වහන්සේගේ ගෘහයේ අත්තිවාරම දමන නිසා ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකළ විට මුළු සෙනඟ මහත් ඝෝෂාවකින් ඝෝෂාකළෝය.


මම මාගේ මුහුණ නුඹලාට විරුද්ධව යොමු කරන්නෙමි, නුඹලා නුඹලාගේ සතුරන් ඉදිරියෙහි පරාජය වන්නහුය. නුඹලාට වෛරකරන අය නුඹලා කෙරෙහි අධිපතිකම් කරන්නහුය; කිසිවෙක් නොඑළවන කල නුඹලා පලායන්නහුය.


නුඹලාගෙන් ඉතුරුවෙන්නන් ගැන නම්, මම ඔවුන්ගේ සතුරන්ගේ දේශවලදී ඔවුන්ගේ සිත්වලට ක්ලාන්තභාවයක් පමුණුවන්නෙමි. සැලෙන කොළයක ශබ්දයට ඔව්හු දුවන්නෝය; කඩුව ඉදිරියෙන් යමෙක් පලායන්නාක් මෙන් ඔව්හු පලා ගොස් කිසිවෙකු ඔවුන් නොඑළවන කල වැටෙන්නෝය.


කිසිවෙක් එළවාගෙන නොඑන නුමුත් දුෂ්ටයෝ පලායති; එහෙත් ධර්මිෂ්ඨයෝ සිංහයෙකු මෙන් නිර්භීතව සිටිති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්