ගීතාවලිය 53 - Sinhala Revised Old Versionදේව අභක්ති ලෝකයා ගැන දුක්වීම 1 අඥානයා: දෙවිකෙනෙක් නැතැයි තමාගේ සිත තුළ කියාගත්තේය. ඔව්හු දූෂ්‍යව, පිළිකුල්වූ අයුතුකම් කළෝය; යහපත කරන්නෙක් නැත. 2 නුවණින් හැසිරෙන්නාවූ, දෙවියන්වහන්සේ සොයන්නාවූ යමෙක් ඇද්දැයි දක්නා පිණිස, දෙවියන්වහන්සේ ස්වර්ගයේ සිට මනුෂ්‍ය පුත්‍රයන් දෙස බැලූසේක. 3 ඔවුන් සියලු දෙනාම ආපසු ගියෝය; ඔව්හු එක ලෙස කිලුටුවී සිටිති; යහපත කරන්නෙක් නැත, එක්කෙනෙක්වත් නැත. 4 ආහාර කන්නාක් මෙන් මාගේ සෙනඟ කාදමන්නාවූ, දෙවියන්වහන්සේට යාච්ඤා නොකරන්නාවූ, අයුතුකම් කරන්නන්ට දැනුමක් නැද්ද? 5 භයක් නැති තැනදී ඔව්හු බොහෝසෙයින් භයපත්වූවෝය. මක්නිසාද දෙවියන්වහන්සේ නුඹට විරුද්ධව කඳවුරු බැඳගත් තැනැත්තාගේ ඇට විසිරවූසේක; දෙවියන්වහන්සේ ඔවුන් එපාකළ නිසා නුඹ ඔවුන් ලජ්ජාවට පත් කෙළෙහිය. 6 අහෝ සියොන් කෙරෙන් ඉශ්‍රායෙල්ගේ ගැළවීම පැමුණුණොත් යහපත! දෙවියන්වහන්සේ ස්වකීය සෙනඟ වහල්කමෙන් මුදා ගෙනෙන කල්හි යාකොබ් ප්‍රීතිවන්නේය, ඉශ්රායෙල් සන්තෝෂවන්නේය. |
Ceylon Bible Society
Ceylon Bible Society