Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 44:11 - Sinhala Revised Old Version

11 එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, නුඹලාට විපත්තිය පිණිසද සියලු යූදාවරුන් සිඳදමන පිණිසද මාගේ මුහුණ නුඹලාට විරුද්ධව තබමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 “එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ වන මම මෙසේ කියමි. ජුදා දේශය විනාශ වන ලෙස විපත් පැමිණවීමට මම තීරණය කරගතිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 “එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ වන මම මෙසේ කියමි. ජුදා දේශය විනාශ වන ලෙස විපත් පැමිණවීමට මම තීරණය කරගතිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 44:11
9 හුවමාරු යොමු  

මා විසින් ශුභය පිණිස නොව විපත්තිය පිණිස මාගේ මුහුණ මේ නුවර කෙරෙහි යොමා තිබේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. එය බබිලෝනියේ රජු අතට පාවාදෙනු ලබන්නේය, ඔහු එය ගින්නෙන් දවා දමන්නේය.


ඔවුන් තමුන්ගේ සතුරන් ඉදිරියෙහි වහල්කමට ගියත්, එහිදී ඔවුන් මරන හැටියට කඩුවට අණකරන්නෙමි. යහපත පිණිස නොව විපත්තිය පිණිස මාගේ ඇස් ඔවුන් දෙස යොමුකරන්නෙමි.


නපුරුකම් කරන්නන් ගැන සිහිවීම පොළොවෙන් සිඳ දමන පිණිස ස්වාමීන්ගේ මුහුණ ඔවුන්ට විරුද්ධවේ.


මම මාගේ මුහුණ නුඹලාට විරුද්ධව යොමු කරන්නෙමි, නුඹලා නුඹලාගේ සතුරන් ඉදිරියෙහි පරාජය වන්නහුය. නුඹලාට වෛරකරන අය නුඹලා කෙරෙහි අධිපතිකම් කරන්නහුය; කිසිවෙක් නොඑළවන කල නුඹලා පලායන්නහුය.


ඉශ්‍රායෙල් වංශයෙන් හෝ ඔවුන් අතරේ වසන විදේශීන්ගෙන් හෝ කවරෙක් නුමුත් කොයියාකාර ලෙයක්වත් කෑවොත් මම එසේ ලේ කන තැනැත්තාට විරුද්ධව මාගේ මුහුණ යොමුකරමින් ඔහු තමාගේ සෙනඟ අතරෙන් සිඳදමන්නෙමි.


මාගේ මුහුණද ඔවුන්ට විරුද්ධව තබන්නෙමි; ඔවුන් ගින්නෙන් නික්ම ගිය නුමුත් ගින්න ඔවුන් නාස්තිකරනවා ඇත; මා විසින් ඔවුන්ට විරුද්ධව මාගේ මුහුණ තබන විට මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය.


එබැවින් මිසර දේශයෙහි වසන සියලු යූදාවරුනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න: මුළු මිසර දේශයෙහි සිටින යූදාවරුන්ගෙන් කිසිවෙකුට–ස්වාමිවූ දෙවියන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම කියා මාගේ නාමය තමාගේ මුඛයෙන් තවත් සඳහන් කරන්ට නොලැබේය කියා මාගේ මහත් නාමයෙන් දිවුළෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්