ලෙවී කථාව 23:2 - Sinhala Revised Old Version ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට මෙසේ කියන්න–ශුද්ධ සභා රැස්වීම් කොට නුඹලා විසින් ප්‍රසිද්ධකළ යුතු ස්වාමීන්වහන්සේගේ මංගල්‍යයන් එනම් මාගේ නියම මංගල්‍යයන් මේවාය: Sinhala New Revised Version “ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු සමිඳාණන් වහන්සේගේ මංගල්‍ය පහත සඳහන් ඒවා ය කියා ප්‍රකාශ කළ යුතු ය.” Sinhala New Revised Version 2018 “ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු සමිඳාණන් වහන්සේගේ මංගල්‍ය පහත සඳහන් ඒවා ය කියා ප්‍රකාශ කළ යුතු ය.” |
සබත් දවස්වලදීද අමාවක දවස්වලදීද මංගල්‍යවලදීද ගණනින් නියම ප්‍රකාරයට නිතරම ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සියලු දවන පූජා ඔප්පුකිරීමත්,
සාලමොන් තීර්හි හූරාම් රජුට පණිවිඩයක් යවමින්: මාගේ පියවූ දාවිත්ට වාසයකිරීමට ගෙයක් ගොඩනැගීම පිණිස ඔබ කිහිරි ලී එවීමෙන් ඔහු සමඟ ක්‍රියාකළාක් මෙන් මා සමඟත් ක්‍රියාකළමැනවි.
ලියා තිබෙන හැටියට පාස්කුව බොහෝ කාලයක පටන් නොපැවැත්වූ බැවින්, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පාස්කුව යෙරුසලමෙහි පවත්වන පිණිස එන්ට කියා ඔව්හු බෙයෙර්-ෂෙබා සිට දාන් දක්වා ඉශ්‍රායෙල් රට මුළුල්ලෙහි ප්‍රසිද්ධකරන ලෙස නියෝගයක් කළෝය.
ඉන්පසු ඔව්හු නිරන්තර දවන පූජාද අමාවක්වලත් ස්වාමීන්වහන්සේගේ සියලු නියම ශුද්ධ මංගල්‍යවලත් පූජාද ස්වාමීන්වහන්සේට කැමැත්තෙන්ම ඔප්පුකරන සියල්ලන්ගෙත් ස්වේච්ඡා පූජාද ඔප්පුකළෝය.
ආරොන් ඒ දැක ඒක ඉදිරියෙහි පූජාසනයක් ගොඩනගා: හෙට ස්වාමීන්වහන්සේට මංගල්‍යයක් වන්නේය කියා ප්‍රසිද්ධියක් කෙළේය.
අපේ මංගල්‍ය නගරය වන සියොන් බලන්න. යෙරුසලම නිශ්චල වාසස්ථානයක්ව අහක් නොවෙන කූඩාරමක්ව තිබෙනවා නුඹේ ඇස්වලින් දකිනවා ඇත. ඒකේ ඇණ කවදාවත් උගුලනු නොලබන්නේය; ඒකේ කිසි ලනුවක් කඩනු නොලබන්නේය.
මංගල්‍ය රැස්වීමට එන කෙනෙක් නැති බැවින් සියොන්ට යන මාර්ගයෝ වැලපෙන්නාහ; ඇගේ සියලු දොරටු පාළුව තිබේ, ඇගේ පූජකයෝ සුසුම්ලති. ඇගේ කන්‍යාවෝ ශෝකවෙති, ඈම තික්තකමෙහි සිටියි.
පැමිණිල්ලක් ගැන නම් ඔව්හුම විනිශ්චයකිරීමට සිට, මාගේ විනිශ්චයවල හැටියට ඒක විනිශ්චයකරත්වා. මාගේ ව්‍යවස්ථාද මාගේ නියෝගද ඔව්හු මාගේ සියලු සභාවලදී රක්ෂාකරත්වා; මාගේ සබත් දවස්ද ශුද්ධකොට පවත්වත්වා.
ඇගේ සියලු ප්‍රීතියද ඇගේ මංගල්‍යයන්ද ඇගේ අමාවක්ද ඇගේ සබත් දවස්ද ඇගේ සියලු නියම රැස්වීම්ද පහකරන්නෙමි.
ශුද්ධවූ උපවාසයක්ද රැස්වීමක්ද ප්‍රසිද්ධකර, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෘහයට වැඩිමහල්ලන්ද දේශයේ සියලුම වැසියන්ද රැස්කර, ස්වාමීන්වහන්සේට මොරගසන්න.
එම දවසේම ශුද්ධ සභා රැස්වීමක් ප්‍රසිද්ධකර පවත්වන්න. කිසි බර වැඩක් නොකරන්න. එය නුඹලාගේ සියලු වාසස්ථානවල නුඹලාගේ පරම්පරාවලට නිරන්තර පනතක්ය.
ස්වාමීන්වහන්සේගේ සබත්ද නුඹලාගේ දානද නුඹලාගේ සියලු භාරවල්ද ස්වාමීන්වහන්සේට දෙන නුඹලාගේ සියලු සතුටු පඬුරුද ඇර,
ඒ ඒ නියම කාලවල නුඹලා විසින් ප්‍රසිද්ධකළ යුතු ශුද්ධ සභා රැස්වීම් වන ස්වාමීන්වහන්සේගේ නියම මංගල්‍යයන් මේවාය.
අන්න, ශුභාරංචි දන්වන්නාවූ, සමාදානය ප්‍රකාශකරන්නාවූ අයගේ පාද කඳු පිට එති! එම්බා යූදා, නුඹේ මංගල්‍යවල් පවත්වා නුඹේ බාරවල් ඉෂ්ටකරන්න. මක්නිසාද දුෂ්ටයා නුඹ මැදින් තවත් නොඑන්නේය; ඔහු සහමුලින්ම සිඳදමනු ලැබීය.
නුඹලාගේ ප්‍රීති දවසෙහිත් නුඹලාගේ නියම මංගල්‍යවලදීත් නුඹලාගේ මාස් ආරම්භයෙහිදීත් නුඹලාගේ දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකරන කල හොරණෑ පිඹින්න; ඒවා නුඹලාගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹලාට සිහිවීමක් පිණිස වන්නේය. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේයයි කීසේක.
නුඹලාගේ බාරවලටත් නුඹලාගේ ස්වෙච්ඡා පූජාවලටත් අඩංගුවන්නාවූ නුඹලාගේ දවන පූජාද ආහාර පූජාද පාන පූජාද ශාන්ති පූජාද ඇර මේවා නුඹලාගේ නියම මංගල්‍යවලදී ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්න කියා ඔවුන්ට කියන්නැයි කීසේක.
එසේය, නුඹලා උදෙසාත් ලවොදිකයෙහි සිටින්නන් උදෙසාත් මාංසාකාරයෙන් මාගේ මුහුණ නුදුටු සියල්ලන් උදෙසාත් කොපමණ මහත් පොරඇල්ලීමක් මට තිබේද කියා නුඹලා දැනගන්නවාට කැමැත්තෙමි.
එබැවින් කෑම ගැනවත් බීම ගැනවත් මංගල්‍ය දවසක් ගැනවත් අමාවක දවසක් ගැනවත් සබත් දවස් ගැනවත් නුඹලා විනිශ්චයකරන්ට කිසිවෙකුට ඉඩ නාරින්න.