Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 10:10 - Sinhala Revised Old Version

10 නුඹලාගේ ප්‍රීති දවසෙහිත් නුඹලාගේ නියම මංගල්‍යවලදීත් නුඹලාගේ මාස් ආරම්භයෙහිදීත් නුඹලාගේ දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකරන කල හොරණෑ පිඹින්න; ඒවා නුඹලාගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹලාට සිහිවීමක් පිණිස වන්නේය. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 ප්‍රීතිදායක අවස්ථාවල දී, ප්‍රසිද්ධ මංගල්‍යවල දී හා පෝය දින සිදුකරන උත්සවවල දී, දවන යාග පූජා සහ සහභාගිකමේ පූජා පුදන විට හොරණෑ පිඹිය යුතු වේ. එය මඟින් නුඹලාගේ දෙවියන් වහන්සේ නුඹලාට සිහිපත් වනු ඇත. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 ප්‍රීතිදායක අවස්ථාවල දී, ප්‍රසිද්ධ මංගල්‍යවල දී හා පෝය දින සිදුකරන උත්සවවල දී, දවන යාග පූජා සහ සහභාගිකමේ පූජා පුදන විට හොරණෑ පිඹිය යුතු වේ. එය මඟින් නුඹලාගේ දෙවියන් වහන්සේ නුඹලාට සිහිපත් වනු ඇත. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 10:10
34 හුවමාරු යොමු  

අමාවක දවසේදීද පුරා හඳ දවසේදීද අපේ මහා මංගල්‍ය දවසේදීද හොරණෑව පිඹිව්.


මක්නිසාද ස්වාමීන්වහන්සේම මහත් ශබ්දයක්ද උත්තම දේවදූතයෙකුගේ හඬද දෙවියන්වහන්සේගේ හොරණෑ නාදයද ඇතුව ස්වර්ගයෙන් බස්නාසේක. ක්‍රිස්තුස්වහන්සේ තුළ මළාවූ අය පළමුකොට නැගිටින්නෝය.


නළා ඇතිව පූජකයන්ගේ පුත්‍රයන්ගෙන් සමහරෙක් එනම් ආසාප්ගේ පුත්‍රවූ සක්කූර්ගේ පුත්‍රයා වන මීකායාගේ පුත්‍රවූ මත්තනියාගේ පුත්‍රයා වන ෂෙමායාගේ පුත්‍රවූ යෝනාතාන්ගේ පුත්‍රයා වන සෙකරියා සහ,


ගොඩනගන්නෝ ස්වාමීන්වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම දමන කල ඉශ්‍රායෙල්හි රජවූ දාවිත්ගේ පිළිවෙළේ හැටියට ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරන පිණිස පූජකයෝ ස්වකීය ඇඳුමෙන් සැරසී හොරණෑ ඇතුවද ආසාප්ගේ පුත්‍රයෝ වන ලෙවීවරු අත්තල් ඇතුවද සිටගත්තෝය.


මුළු සභාව වැඳවැටී උන්නාය, ගී කියන්නෝ ගී කීවෝය. හොරණෑකාරයෝ නළා පිම්බෝය; දවන පූජාව නිමවන තුරු සියල්ල එසේ පැවතුණේය.


ලෙවීවරු දාවිත්ගේ තූර්යභාණ්ඩද පූජකයෝ හොරණෑද රැගෙන සිටියෝය.


නුඹලාගේ දේශයෙහි නුඹලාට සතුරුකම් කරන සතුරාට විරුද්ධව නුඹලා යුද්ධයට යන විටද මහත් හඬකින් හොරණෑ පිඹින්න; එවිට නුඹලා නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිහිකරනු ලැබ නුඹලාගේ සතුරන්ගෙන් ගළවනු ලබන්නහුය.


ඔහු දෙස ඇස් යොමා බලා, භයපත්ව: ස්වාමිනි, කිමෙක්දැයි ඇසීය. ඔහු කථාකොට: නුඹේ යාච්ඤාද දානද සිහිවීමක් කොට දෙවියන්වහන්සේ ඉදිරියට පැමුණුණේය.


වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි.


ප්‍රීතිමත් හඬ දන්නාවූ සෙනඟ ආශීර්වාදලද්දෝය. ස්වාමිනි, ඔව්හු ඔබගේ මුහුණේ එළියෙහි හැසිරෙති.


පූජකයෝද තම තමුන්ගේ තනතුරුවල යෙදී සිටියෝය; ලෙවීවරුත් ස්වාමීන්වහන්සේගේ තූර්ය භාණ්ඩ රැගෙන සිටියෝය, ඔවුන් ලවා දාවිත් රජ ප්‍රශංසාකරවන විට: මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකාලේටම පවත්නේය කියා ස්වාමීන්වහන්සේට ස්තුතිකිරීමට දාවිත් විසින් ඒවා සාදවා තිබුණේය. පූජකයෝද ඔවුන් ඉදිරිපිටින් සිට නළා පිම්බෝය; සියලු ඉශ්‍රායෙල්වරුද නැගිට සිටියෝය.


ඔවුන් සමඟ හේමාන්ද යෙදූතුන්ද නියමකරනු ලැබුයේ නළාවලිනුත් අත්තල්වලිනුත් දෙවියන්වහන්සේට ගීතිකා සඳහා තූර්ය භාණ්ඩවලිනුත් ශබ්දකිරීමටය. යෙදූතුන්ගේ පුත්‍රයන්ද දොරටුපාලයන් කොට පත්කෙළේය.


මෙසේ සියලු ඉශ්‍රායෙල්වරු ඔල්වර හඬත් හොරණෑ-ශබ්දයත් ඇතුව, නළාවලිනුත් අත්තල්වලිනුත් වීණාවලිනුත් මහ වීණාවලිනුත් ශබ්ද පවත්වමින්, ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනාවෝය.


පූජකයෝවූ ෂෙබනියාද යෝෂාපාට්ද නෙතනෙල්ද අමසයිද සෙකරියාද බෙනායාද එලීයෙසෙර්ද දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය පෙරටුවෙන් නළා පිම්බෝය. ඵිබෙද්-ඒදොම්ද යෙහියාද ගිවිසුම් පෙට්ටිය උදෙසා දොරටුපාලයෝව සිටියෝය.


නුඹලා ඔවුන්ට කථාකර: ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි යොර්දානේ ජලය බෙදී ගිය නිසාය; පෙට්ටිය යොර්දානෙන් මෙතරට එන විට යොර්දාන් ජලය බෙදී ගියේය. මේ ගල්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ට සදාකාල සිහිවීමක් පිණිස වන්නේයයි කියන්නැයි කීවේය.


සත්වෙනි මාසයේ පළමුවෙනි දින ශුද්ධ රැස්වීමක් පවත්වන්න; කිසි බර වැඩක් නොකරන්න. ඒක නුඹලාට හොරණෑ පිඹීමේ දවසක්ය.


ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකරමින් මෙසේ කියන්න–සත්වෙනි මස පළමුවෙනි දින නුඹලාට ගරුමය නිවාඩුවක්ද හොරණෑ පිඹීමේ සිහිවීමක්ද ශුද්ධ සභා රැස්වීමක්ද වන්නේය.


මෙසේ ආරොන් ශුද්ධ ස්ථානයට ඇතුල්වන කල්හි ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නිරන්තර සිහිකරවීමක් පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ නාම විනිශ්චයේ ළය වැස්මෙහි තමාගේ හෘදය පිට දරාවා.


ආත්මයාණන්වහන්සේද මණමාලීද: එන්නැයි කියති. අසන්නාද: එන්නැයි කියාවා. පිපාසා ඇත්තාද ඒවා. කැමති කෙනෙක් ජීවන-වතුර නොමිලයේ ගනීවා.


ඉන්නිසා මේ වචනවලින් එකිනෙකා සනසාගන්න.


ඇසිපිය හෙළන ක්ෂණයකින්, අපි සියල්ලෝම වෙනස්කරනු ලබන්නෙමුව. මක්නිසාද හොරණෑව පිඹිනු ලබන්නේය, එකල මළාහු නොදිරන ස්වභාවෙන් යුක්තව නැගුටුවනු ලබන්නෝය, අපිද වෙනස්කරනු ලබන්නෙමුව,


තවද ඒ දවසෙහි මහත් හොරණෑවක් පිඹිනු ලැබේ; එවිට අෂූර් දේශයෙහි නැතිවීයන්ට ළංව සිටි අයද මිසර දේශයෙහි පන්වනු ලැබ සිටි අයද ඇවිත් යෙරුසලමේ ශුද්ධ කන්දෙහි ස්වාමීන්වහන්සේට නමස්කාරකරන්නෝය.


හොරණෑ ශබ්දයෙන් උන්වහන්සේට ප්‍රශංසාකරව්. කුඩා වීණාව හා මහා වීණාවෙන් උන්වහන්සේට ප්‍රශංසාකරව්.


නුඹද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් සමඟිකරන මුදල ගෙන නුඹලාගේ ප්‍රාණ ගැන සමඟිකිරීමට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා සිහිකරවීමක් පිණිස එය සම්මුඛවීමේ කූඩාරමේ මෙහෙයට නිමකරන්නැයි කීසේක.


නුඹලාගේ මාසාරම්භවලදී ස්වාමීන්වහන්සේට දවන පූජාවක් ඔප්පුකරන්න; එනම් ස්වාමීන්වහන්සේට ගින්නෙන් කරන පූජාවක් වන මිහිරි සුවඳ ඇති දවන පූජාවක් පිණිස කැලල් නැති තරුණ ගොන් දෙදෙනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් සත් දෙනෙක්ද,


දාවිත් යොනාතාන්ට කථාකොට: හෙට අමාවක බැවින් මා නොවරදවාම රජ්ජුරුවන් සමඟ කෑමට ඉඳගත යුතුය. නුමුත් තුන්වෙනිදා සවස වෙනතුරු මා කෙතේ සැඟවී සිටින පිණිස මට යන්ට ඉඩ අරින්න.


ඔහුද: නුඹ අද ඔහු ළඟට යන්නේ මොකටද? අමාවකවත් සබත් දිනයවත් නොවේයයි කීවේය. ඈ ඒකට කමක් නැත කියා,


පූජකයෝ සත්දෙනෙක් බැටළු අං හොරණෑ සතක් රැගෙන ගිවිසුම් පෙට්ටියට පෙරටුව යෙත්වා. සත්වෙනි දවසේදී සත් වරක් නුවර වටේට යන්න, පූජකයෝද හොරණෑ පිඹිත්වා.


මක්නිසාද එය ඉශ්‍රායෙල්ට නියෝගයක්ය, යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ පනතක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්