Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විලාප ගී 1:4 - Sinhala Revised Old Version

4 මංගල්‍ය රැස්වීමට එන කෙනෙක් නැති බැවින් සියොන්ට යන මාර්ගයෝ වැලපෙන්නාහ; ඇගේ සියලු දොරටු පාළුව තිබේ, ඇගේ පූජකයෝ සුසුම්ලති. ඇගේ කන්‍යාවෝ ශෝකවෙති, ඈම තික්තකමෙහි සිටියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 මංගල්‍ය රැස්වීමට එන කෙනෙකු නැති බැවින් සියොන් වැසියෝ වැලපෙන්නාහ. ඇගේ සියලු දොරටු පාළු වී තිබේ. ඇගේ පූජකයෝ සුසුම්ලති. ඇගේ කාන්තාවෝ ශෝකයෙන් පෙළෙති. ඈ බොහෝ සේ දුක් විඳියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 මංගල්‍ය රැස්වීමට එන කෙනෙකු නැති බැවින් සියොන් වැසියෝ වැලපෙන්නාහ. ඇගේ සියලු දොරටු පාළු වී තිබේ. ඇගේ පූජකයෝ සුසුම්ලති. ඇගේ කාන්තාවෝ ශෝකයෙන් පෙළෙති. ඈ බොහෝ සේ දුක් විඳියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විලාප ගී 1:4
19 හුවමාරු යොමු  

මම යෙරුසලම ගොඩවල්ද සිවලුන්ගේ වාසයක්ද කරන්නෙමි; වැසියෙක් නොසිටින හැටියට මම යූදාහි නුවරවල් පාළුවක් කරන්නෙමි.


යූදා වැලපෙයි, එහි දොරටුද මලානිකවෙයි; කළු ඇඳගෙන ඔව්හු බිම හිඳිති; යෙරුසලමේ කෑගැසීමද නැගී ගියේය.


අන්න, යූදා නුවරවල් පාළුවක්ද හිවලුන්ගේ වාසයක්ද කිරීමට දූසාමාන කථාවක හඬක්ද මහත් ඝෝෂාවක්ද උතුරු දේශයෙන් පැමිණෙන්නේය.


එබැවින් නුඹලා නිසා සියොන් කෙතක් මෙන් හානු ලබන්නේය, යෙරුසලම ගොඩවල්ද ගෘහයේ කන්ද කැලෑ මුදුන්ද වෙනවා ඇත.


යෞවනයෝ ඇඹරුම්ගල උසුලාගන ගියෝය, ළමයි දරවල බරින් වැටී ගියෝය.


ඇගේ දොරටු වැලපෙන්ටත් හඬන්ටත් යෙදෙනවා ඇත; ඈ අසරණව බිම හිඳගන්නවා ඇත.


මා සුසුම්ලනවා ඔව්හු ඇසුවෝය; මා සනසන්ට කෙනෙක් නැත; මාගේ සියලු සතුරෝ මාගේ විපත්තිය ගැන ඇසුවෝය; ඔබ ඒක කළ නිසා ඔව්හු සතුටුවෙති. ඔබ ප්‍රකාශකළ දවස ඔබ පමුණුවන සේක, ඔව්හුද මා හා සමානවන්නෝය.


මම නුඹලා අතරට වන මෘගයන් එවන්නෙමි, උන් නුඹලාගේ දරුවන් නුඹලාගෙන් කොල්ලකන්නෝය, නුඹලාගේ ගවයන් විනාශකරන්නෝය; නුඹලා ගණනින් අඩුකරන්නෝය; එසේ නුඹලාගේ මාර්ග පාළුවන්නේය.


වැඩිමහල්ලෝ දොරටුවෙන් පහව ගියෝය. යෞවනයෝ තමුන්ගේ ගීතිකාකිරීමෙන් වැලකුණෝය.


ඈ ඇගේ මුදුද ආභරණද පැළඳගෙන, ඇගේ ප්‍රේමවන්තයන් පස්සේ ගොස්, මා සිහිනැතිකොට, ඈ විසින් සුවඳදුම් ඔප්පුකරන්ට යෙදුණාවූ බාල් දේවතාවුන්ගේ දවස් නිසා ඈට දඬුවම් කරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්