Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 29:39 - Sinhala Revised Old Version

39 නුඹලාගේ බාරවලටත් නුඹලාගේ ස්වෙච්ඡා පූජාවලටත් අඩංගුවන්නාවූ නුඹලාගේ දවන පූජාද ආහාර පූජාද පාන පූජාද ශාන්ති පූජාද ඇර මේවා නුඹලාගේ නියම මංගල්‍යවලදී ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්න කියා ඔවුන්ට කියන්නැයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

39 “නුඹලාගේ දවන යාග පූජාවලට ද ධාන්‍ය පූජා සහ පානීය පූජාවලට ද සහභාගිකමේ පූජාවලට ද අමතර ව මේවා නියමිත මංගල්‍ය දිනවල දී සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු ය. තවද, මේවා පිදිය යුත්තේ බාරවලට පුදන පඬුරු හා ස්වේච්ඡා පඬුරුවලටත් අමතර ව ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

39 “නුඹලාගේ දවන යාග පූජාවලට ද ධාන්‍ය පූජා සහ පානීය පූජාවලට ද සහභාගිකමේ පූජාවලට ද අමතර ව මේවා නියමිත මංගල්‍ය දිනවල දී සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු ය. තවද, මේවා පිදිය යුත්තේ බාරවලට පුදන පඬුරු හා ස්වේච්ඡා පඬුරුවලටත් අමතර ව ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 29:39
20 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට මෙසේ කියන්න–ශුද්ධ සභා රැස්වීම් කොට නුඹලා විසින් ප්‍රසිද්ධකළ යුතු ස්වාමීන්වහන්සේගේ මංගල්‍යයන් එනම් මාගේ නියම මංගල්‍යයන් මේවාය:


තවද ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන පරිද්දෙන් දවන පූජා සඳහා එනම් උදේ සවස දවන පූජාද සබත් දවස්, අමාවක් සහ නියම මංගල්‍ය සම්බන්ධ දවන පූජාද සඳහා ඔහු ස්වකීය සම්පතින් රාජ කොටස නියමකෙළේය.


සබත් දවස්වලදීද අමාවක දවස්වලදීද මංගල්‍යවලදීද ගණනින් නියම ප්‍රකාරයට නිතරම ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සියලු දවන පූජා ඔප්පුකිරීමත්,


නුඹලාගේ අමාවක්වලටද නියම මංගල්‍යවලටද මාගේ ආත්මය ද්වේෂකරයි. ඒවා මට බරක්ය; ඒවා උසුලා වෙහෙසව සිටිමි.


අපේ දෙවියන්වහන්සේගේ ගෘහයේ මුළු වැඩ සඳහාත් ෂෙකෙලකින් තුනෙන් පංගුවක් අවුරුදු පතා දෙන ලෙස අපට නියෝග පනවාගතිමු.


ඉන්පසු ඔව්හු නිරන්තර දවන පූජාද අමාවක්වලත් ස්වාමීන්වහන්සේගේ සියලු නියම ශුද්ධ මංගල්‍යවලත් පූජාද ස්වාමීන්වහන්සේට කැමැත්තෙන්ම ඔප්පුකරන සියල්ලන්ගෙත් ස්වේච්ඡා පූජාද ඔප්පුකළෝය.


යම් කෙනෙක් ස්වාමීන්වහන්සේට ඔප්පුකරන ශාන්ති පූජා යාගය පිළිබඳ ව්‍යවස්ථාව මේය.


එහෙයින් නුඹලා කතත් බොතත් වෙන යමක් කරතත් සියල්ල දෙවියන්වහන්සේගේ ගෞරවය පිණිස කරන්න.


නුඹලාගේ දවන පූජාද යාග පූජාද දසයෙන් කොටස්ද නුඹලාගේ අතෙහි එසවීම් පූජාවද නුඹලාගේ බාරද නුඹලාගේ ස්වෙච්ඡා පූජාද නුඹලාගේ ගවයන්ගෙත් එළු බැටළුවන්ගෙත් කුලුඳුලන්ද එහි ගෙනවුත්,


තමා විසින් සපයා දිය හැකි දෙය හැර තමාගේ කැපවීම ගැන ස්වාමීන්වහන්සේට පූජාවක් කරන හැටියට භාරයක් වෙන්නාවූ නසරීයයා ගැන තිබෙන ව්‍යවස්ථාව මේය. ඔහු වෙන්නාවූ භාරය ලෙස තමාගේ කැපවීමේ ව්‍යවස්ථාව ප්‍රකාර ඔහු විසින් කළ යුතුමයයි කීසේක.


නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නුඹලා උදෙසා සමගිකමක් කරන පිණිස එය සමඟි කිරීමේ දවසක් නිසා ඒ දවසේදී කිසිම වැඩක් නොකළ යුතුය.


ගොනාටත් බැටළුවාටත් බැටළුපැටවුන්ටත් නියෝගයේ ප්‍රකාරයට උන්ගේ ගණනේ හැටියට උන්ගේ ආහාර පූජාවද පාන පූජාද පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද ඔප්පුකරන්න.


මෝසෙස්ද ස්වාමීන්වහන්සේ තමාට අණකළ සියල්ල ලෙස ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කීවේය.


නුඹලා දවන පූජාද නුඹලාගේ ආහාර පූජාද මට ඔප්පුකරන නුමුත් ඒවා පිළිනොගන්නෙමි. නුඹලාගේ තර සතුන්ගෙන් ඔප්පුකරන ශාන්ති පූජාවන්ද නොසලකන්නෙමි.


ඒ ඒ දවසට නියම ලෙස ස්වාමීන්වහන්සේට ගින්නෙන් කරන පූජාවක් වන දවන පූජාවක්ද ආහාර පූජාවක්ද යාගයක්ද පාන පූජා ඔප්පුකරන පිණිස ශුද්ධ සභා රැස්වීම් කොට නුඹලා විසින් ප්‍රසිද්ධකළ යුතු ස්වාමීන්වහන්සේගේ නියම මංගල්‍යයන් මේවාය.


නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අණකරමින්, මාගේ පූජාව එනම් මිහිරි සුවඳක් ඇති ගින්නෙන් කළ යුතු මාගේ පූජා පිණිස මාගේ භෝජන ඒවායේ නියම කාලවලදී මට ඔප්පුකරන්ට බලාගන්නැයි ඔවුන්ට කියන්න.


නැගෙනහිර දොරටු පාලයාවූ, ලෙවීයවූ, ඉම්නාගේ පුත්‍රවූ කෝරේ ස්වාමීන්වහන්සේගේ පඬුරුත් අති ශුද්ධදේත් බෙදාදෙන පිණිස සිය කැමැත්තෙන්ම දෙවියන්වහන්සේට ඔප්පුකළ දේවල් කෙරෙහි පත්ව සිටියේය.


ලියා තිබෙන ලෙස කූඩාරම් මංගල්‍යය පවත්වමින් එක එක දවසේ නියමයේ හැටියට ගණන වශයෙන් දවස්පතා දවන පූජා ඔප්පුකළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්