Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 2:3 - Sinhala Revised Old Version

3 සාලමොන් තීර්හි හූරාම් රජුට පණිවිඩයක් යවමින්: මාගේ පියවූ දාවිත්ට වාසයකිරීමට ගෙයක් ගොඩනැගීම පිණිස ඔබ කිහිරි ලී එවීමෙන් ඔහු සමඟ ක්‍රියාකළාක් මෙන් මා සමඟත් ක්‍රියාකළමැනවි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 සලමොන් තීර්හි හූරාම් රජුට පණිවුඩයක් යවමින්, “මාගේ පිය වූ දාවිත්ට වාසය කිරීමට ගෙයක් ගොඩනැඟීම පිණිස ඔබ කිහිරි ලී එවීමෙන් ඔහු සමඟ ගනු දෙනු කළ පරිදි මා සමඟත් ගනු දෙනු කළ මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 සලමොන් තීර්හි හූරාම් රජුට පණිවුඩයක් යවමින්, “මාගේ පිය වූ දාවිත්ට වාසය කිරීමට ගෙයක් ගොඩනැඟීම පිණිස ඔබ කිහිරි ලී එවීමෙන් ඔහු සමඟ ගනු දෙනු කළ පරිදි මා සමඟත් ගනු දෙනු කළ මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 2:3
18 හුවමාරු යොමු  

තීර්හි රජවූ හීරාම් දාවිත්ට ගෘහයක් ගොඩනැගීම පිණිස ඔහු වෙතට පණිවිඩකාරයන්ද කිහිරි ලීද ගල්වඩුවන්ද වඩුවන්ද එවුවේය.


තවද තීර්හි රජවූ හීරාම් පණිවිඩකාරයන්ද කිහිරි ලීද වඩුවන්ද ගල් වඩුවන්ද දාවිත් වෙතට එවුවේය. ඔව්හු දාවිත්ට ගෙයක් ගොඩනැගුවෝය.


පිදීමේ රොටි මේසය පිට මා ඉදිරියෙහි නිතරම තබන්න.


නුඹ පූජාසනය පිට ඔප්පුකළ යුතුදේ නම් මේය; නොකඩව දවස්පතා එක් අවුරුදු බැටළු වස්සෝ දෙදෙනෙක.


එක බැටළු වස්සෙකු උදය පූජාකරන්න; අනික් බැටළු වස්සා සවස පූජාකරන්න.


අනික් බැටළු පැටවා සවස ඔප්පුකර ඒ සමඟ උදය ආහාර පූජාවේ හැටියටත් ඒකේ පාන පූජාවේ හැටියටත් මිහිරි සුවඳක් පිණිස එය ස්වාමීන්වහන්සේට ගින්නෙන් කරනලද පූජාවක් කොට ඔප්පුකරන්න.


ආරොන් එය පිට මිහිරි සුගන්ධ ද්‍රව්‍ය දවන්නේය. ඔහු හැම උදයම පහන් සූදානම් කරන කල්හි ඒවා දැවිය යුතුය.


ඔහු ආහාර පූජාව ගෙනැවිත් එයින් අතපුරා රැගෙන උදයේ දවන පූජාව හැර ඒවාත් පූජාසනය පිට දැවුවේය.


ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට මෙසේ කියන්න–ශුද්ධ සභා රැස්වීම් කොට නුඹලා විසින් ප්‍රසිද්ධකළ යුතු ස්වාමීන්වහන්සේගේ මංගල්‍යයන් එනම් මාගේ නියම මංගල්‍යයන් මේවාය:


සබත් දවසේදී කැලල් නැති එක් අවුරුදු බැටළුපැටවුන් දෙදෙනෙකුද ආහාර පූජාවකට තෙල් මිශ්‍ර සිහින් පිටි ඒඵාවකින් දසයෙන් දෙකොටසක්ද ඒකේ පාන පූජාවද ඔප්පුකරන්න.


නුඹලාගේ මාසාරම්භවලදී ස්වාමීන්වහන්සේට දවන පූජාවක් ඔප්පුකරන්න; එනම් ස්වාමීන්වහන්සේට ගින්නෙන් කරන පූජාවක් වන මිහිරි සුවඳ ඇති දවන පූජාවක් පිණිස කැලල් නැති තරුණ ගොන් දෙදෙනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් සත් දෙනෙක්ද,


සාලමොන් දෙවියන්වහන්සේගේ ගෘහයෙහි සියලු බඩු වන රන් පූජාසනයද පිදීමේ රොටි තිබුණු මේසද;


සබත් දවස්වලදීද අමාවක්වලදීද නියම මංගල්‍යවලදීද අවුරුද්දට තුන්වතාවක් පවත්වන මුහුන් නැති රොටි මංගල්‍යයේදීද සති මංගල්‍යයේදීද කූඩාරම් මංගල්‍යයේදීද මෝසෙස්ගේ ආඥාවේ හැටියට එක එක දවසට සුදුසු ලෙස ඔහු පූජා ඔප්පුකෙළේය.


ඔව්හු ස්වාමීන්වහන්සේට හැම උදයද හැම සවසද දවන පූජාත් සුවඳ දුම් ඔප්පුකරති. පිදීමේ රොටි රන් මේසය උඩ තබති, රන් පහන්-රුක සමඟ එහි පහන් හැම සවසම දල්වති. මක්නිසාද අපි අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ භාරය පවත්වමුව; නුමුත් නුඹලා උන්වහන්සේ අත්හැරියහුය.


වැඩ නිමකළ පසු ඔව්හු ඉතිරි මිල රජු සහ යෙහෝයාදා ඉදිරිපිටට ගෙනාවෝය, එයින් ස්වාමීන්වහන්සේගේ ගෘහයට භාණ්ඩ එනම් මෙහෙයටත් පූජා ඔප්පුකිරීමටත් බඩුද හැඳිද රන් රිදී භාජනද සාදනලද්දේය. යෙහෝයාදාගේ සියලු දවස්වලදී ස්වාමීන්වහන්සේගේ ගෘහයේ දවන පූජා නිතරම ඔප්පුකරනලද්දේය.


කෝරෙෂ් රජුගේ පළමුවෙනි අවුරුද්දේදී කෝරෙෂ් රජ යෙරුසලමෙහි තිබෙන දෙවියන්වහන්සේගේ ගෘහය ගැන නියෝගයක් කෙළේය. ඒ මෙසේය: ඒ ගෘහය පූජා ඔප්පුකරන ස්ථානයක් කොට ගොඩනගනු ලැබේවා, ඒකේ අත්තිවාරම් සවිකොට පිහිටුවනු ලැබේවා; හැට රියනක් උසටද හැට රියනක් පළලටද,


තවද ව්‍යවස්ථාවේ ලියා තිබෙන ලෙස අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පූජාසනය පිට ගිනි දල්වන පිණිස අවුරුද්දෙන් අවුරුද්ද නියම කාලවලට අපේ පියවංශවල ප්‍රකාරයට අපේ දෙවියන්වහන්සේගේ ගෘහයට දෙන දර පඬුරු ගෙනඊම ගැන පූජකයෝද ලෙවීවරුද සෙනඟද වන අපි පස ඇට දැමුවෙමු.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්