Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 44:24 - Sinhala Revised Old Version

24 පැමිණිල්ලක් ගැන නම් ඔව්හුම විනිශ්චයකිරීමට සිට, මාගේ විනිශ්චයවල හැටියට ඒක විනිශ්චයකරත්වා. මාගේ ව්‍යවස්ථාද මාගේ නියෝගද ඔව්හු මාගේ සියලු සභාවලදී රක්ෂාකරත්වා; මාගේ සබත් දවස්ද ශුද්ධකොට පවත්වත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 පැමිණිල්ලක් ගැන නම්, ඔව්හු ම විනිශ්චය කිරීමට සිට, මාගේ විනිශ්චයයන් හැටියට එය විනිශ්චය කරත් වා. මාගේ ව්‍යවස්ථා ද මාගේ නියෝග ද මාගේ සියලු නියමිත මංගලවල දී ඔව්හු රක්ෂා කරත් වා. මාගේ සබත් දවස් ද ශුද්ධ කොට පවත්වත් වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 පැමිණිල්ලක් ගැන නම්, ඔව්හු ම විනිශ්චය කිරීමට සිට, මාගේ විනිශ්චයයන් හැටියට එය විනිශ්චය කරත් වා. මාගේ ව්‍යවස්ථා ද මාගේ නියෝග ද මාගේ සියලු නියමිත මංගලවල දී ඔව්හු රක්ෂා කරත් වා. මාගේ සබත් දවස් ද ශුද්ධ කොට පවත්වත් වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 44:24
16 හුවමාරු යොමු  

මොවුන්ගෙන් විසිහතර දහසක් ස්වාමීන්වහන්සේගේ ගෘහයේ වැඩ බලාගැනීමට සිටියෝය; හදහසක් මුලාදෑනියෝව විනිශ්චයකාරයෝව සිටියෝය.


ඇගේ පූජකයෝ මාගේ ව්‍යවස්ථාව කඩකොට මාගේ ශුද්ධවූ දේ කෙලහුවෝය. ඔවුන් ශුද්ධ එකද අශුද්ධ එකද අතරේ වෙනසක් කළේවත් අපවිත්‍ර එකද පවිත්‍ර එකද අතරේ තිබෙන වෙනස දැන්නුවේවත් නැත, මාගේ සබත්ද ඔව්හු නොසලකා ඇරියෝය, මෙසේ ඔවුන් අතරෙහි මට අගෞරව පැමුණුණේය.


මා ප්‍රමාදවුණොත් දෙවියන්වහන්සේගේ ගෘහයෙහි මනුෂ්‍යයන් කෙසේ හැසිරිය යුතුද කියා නුඹ දැනගන්නා පිණිසය. එය ජීවමාන දෙවියන්වහන්සේගේ සභාවත් සැබෑවේ කනුව සහ අත්තිවාරමත්ය.


ඌරීම් සහ තුම්මීම් දරන පූජකයෙක් නැගිටිනතුරු අති ශුද්ධ දේවලින් නොකන හැටියට තීර්ෂාතා තෙමේ ඔවුන්ට කීවේය.


ඒ නඩුව ඇති මනුෂ්‍යයෝ දෙන්නාම ස්වාමීන්වහන්සේ ඉදිරියට එනම් ඒ දවස්වල සිටින පූජකයන්ද විනිශ්චයකාරයන්ද ඉදිරියට පැමිණෙත්වා;


ලෙවීගේ පුත්‍රයෝවූ පූජකයෝද එහි පැමිණෙත්වා; මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ විසින් තමන්ට සේවයකරන පිණිසද ස්වාමීන්වහන්සේගේ නාමයෙන් ආශීර්වාද කරන පිණිසද ඔවුන් තෝරාගත් සේක; ඔවුන්ගේ කීමේ හැටියට සියලු විවාදද සියලු දඬුවම්ද වේවා.


මට තේරුම දුන මැනව, එවිට ඔබගේ ව්‍යස්ථාව රක්ෂාකරන්නෙමි; එසේය, මාගේ මුළු සිතින් එය පවත්වන්නෙමි.


තවද මම ඔවුන් විශුද්ධකරන ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්න පිණිස, මා සහ ඔවුන් අතරේ සලකුණක්ව තිබෙන්ට මාගේ සබත් ඔවුන්ට දුනිමි.


මාගේ සබත් ශුද්ධ ලෙස පවත්වන්න; එවිට මා නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්න පිණිස ඒවා මා සහ නුඹලා අතරේ සලකුණක් වන්නේයයි කීමි.


නුමුත් දේශයේ සෙනඟ නියම කාලවලදී ස්වාමීන්වහන්සේ ඉදිරියට ඇතුල්වෙන කල නමස්කාර කරන්ට උතුරු දොරටුවේ මාර්ගයෙන් ඇතුල්වෙන අය දකුණු දොරටුවේ මාර්ගයෙන් පිටතට යා යුතුය; දකුණු දොරටුවේ මාර්ගයෙන් ඇතුල්වෙන අය උතුරු දොරටුවේ මාර්ගයෙන් පිටතට යා යුතුය. කවුරු නුමුත් ඇතුල්වෙන දොරටුවේ මාර්ගයෙන් හැරී නොගොස් ඊට ඉදිරිපිටින් පිටතට යා යුතුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්