Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




කොලොස්සි 2:1 - Sinhala Revised Old Version

1 එසේය, නුඹලා උදෙසාත් ලවොදිකයෙහි සිටින්නන් උදෙසාත් මාංසාකාරයෙන් මාගේ මුහුණ නුදුටු සියල්ලන් උදෙසාත් කොපමණ මහත් පොරඇල්ලීමක් මට තිබේද කියා නුඹලා දැනගන්නවාට කැමැත්තෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 ඔබ උදෙසාත්, ලවෝදීසයේ වැසියන් උදෙසාත්, පෞද්ගලික වශයෙන් මා නුදුටු සියල්ලන් උදෙසාත් මා කෙතරම් අධික ලෙස වෙහෙස මහන්සි දරනවා දැ යි ඔබට දන්වන්නට කැමැත්තෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

1 ඔබ ද ලවොදිකයෙහි සිටින්නවුන් ද පෞද්ගලිකව මා මුණ නො ගැසුණු සැවොම ද උදෙසා මා කොතරම් පරිශ්‍රමයක් දරනවාදැයි ඔබ දැන ගන්නවාට කැමතියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 ඔබ උදෙසාත්, ලවෝදීසයේ වැසියන් උදෙසාත්, පෞද්ගලික වශයෙන් මා නුදුටු සියල්ලන් උදෙසාත් මා කෙතරම් අධික ලෙස වෙහෙස මහන්සි දරනවා දැ යි ඔබට දන්වන්නට කැමැත්තෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




කොලොස්සි 2:1
18 හුවමාරු යොමු  

ඒ ඇර, මා තුළ බලවත් ලෙස කෙරෙන උන්වහන්සේගේ ක්‍රියා කිරීමේ ප්‍රකාරයට ඒ සඳහා මම පොරඅල්ලමින් වීර්යකරමි.


මා කෙරෙහි තිබෙන බව නුඹලා දුටුවාවූ, දැන් මට ඇතැයි නුඹලා අසන්නාවූ එම සටනම නුඹලාටත් ඇත්තේය.


එවිට: නුඹ දකින දේ පොතක ලියා, එපීස, ස්මර්ණ, පර්ගමම්, තියාතිරා, සර්දිස්, පිලෙදල්පියා, ලෙවාදික යන මේ සභා හතට අරින්නැයි කියන්නාවූ හොරණෑවක මෙන් මහත් ශබ්දයක් මා පස්සෙන් ඇසීමි.


දැන් මම නුඹලා උදෙසා විඳින දුක් ගැන ප්‍රීතිව, ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය වන සභාව උදෙසා, උන්වහන්සේගේ දුක්වලින් අඩුව තිබෙන ඒවා මාගේ මාංසයෙන් සම්පූර්ණකරමි.


ඔහුගේ බෙල්ල වැළඳගන ඔහු සිඹගත්තෝය. ඔව්හු නැව ළඟට ඔහු සමඟ ගියෝය.


නුඹලා උන්වහන්සේ නුදුටු නුමුත් උන්වහන්සේට ප්‍රේම කරන්නහුය; දැන් උන්වහන්සේ නොදකින නුමුත් නුඹලා උන්වහන්සේ කෙරෙහි අදහා,


මක්නිසාද මම මාංසාකාරයෙන් ඈත්ව සිටින නුමුත්, ආත්මයෙන් නුඹලා සමඟ සිට, නුඹලාගේ පිළිවෙළත් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි තිබෙන නුඹලාගේ ඇදහිල්ලේ ස්ථිරකමත් බලමින් ප්‍රීතිවෙමි.


මාගේ දරුවෙනි, ක්‍රිස්තුස්වහන්සේ නුඹලා තුළ සෑදෙන තුරු නුඹලා නිසා නැවත ප්‍රසවවේදනා විඳිමි.


ඉතින් රාජ්‍යය ගැන දේශනාකරමින් නුඹලා අතරෙහි ඇවිද්දාවූ මාගේ මුහුණ නුඹලා සියල්ලන් තවත් නොදකින බව දනිමි.


උන්වහන්සේ මහත් වේදනා වින්දසේක් වඩා ඕනෑකමින් යාච්ඤාකළසේක. උන්වහන්සේගේ ඩාදියද මහත් ලේ බින්දු මෙන් බිම වැටුණේය.


උන්වහන්සේ මාංසවත්ව සිටි දවස්වලදී තමන්වහන්සේ මරණයෙන් ගළවන්ට පුළුවන්වූ තැනන්වහන්සේට බලවත් හැඬීමෙන් හා කඳුළින් යුක්ත යාච්ඤා සහ කන්නලව් ඔප්පුකර, තමන්ගේ දේවභය නිසා උත්තර ලැබ,


නුඹලා දන්න හැටියට අපි ප්‍රථමකොට පිලිප්පියේදී දුක්ද නිග්‍රහද ලැබූ නුමුත්, මහත් පොරඇල්ලීමක් ඇතුව දෙවියන්වහන්සේගේ ශුභාරංචිය නුඹලාට කියාදෙන්ට අපගේ දෙවියන්වහන්සේ තුළ නිර්භීතවුණෙමුව.


එවිට රාඛෙල්: මහත් පොර ඇල්ලීම්වලින් මාගේ සහෝදරී හා සමඟ පොර අල්ලා ජයගතිමියි කියා ඔහුට නප්තලී යන නාමය තැබුවාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්