ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලෙවී කථාව 2:1 - Sinhala Revised Old Version

යමෙක් ආහාර පූජාවක් ස්වාමීන්වහන්සේට ඔප්පුකරන කල ඔහුගේ පූජාව සිහින් පිටිවලින් විය යුතුය; ඔහු ඊ පිට තෙල් වත්කොට, ඊ පිට තුවරලා දමා,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“යමෙක් සමිඳාණන් වහන්සේට ධාන්‍ය පූජාවක් ඔප්පු කරන්නේ නම්, ඔහුගේ පූජාව සිහින් පිටිවලින් විය යුතු ය. තවද, එහි තෙල් වත් කොට එය මත තුවරලා ද දැමිය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“යමෙක් සමිඳාණන් වහන්සේට ධාන්‍ය පූජාවක් ඔප්පු කරන්නේ නම්, ඔහුගේ පූජාව සිහින් පිටිවලින් විය යුතු ය. තවද, එහි තෙල් වත් කොට එය මත තුවරලා ද දැමිය යුතු ය.

පරිච්ඡේදය බලන්න



ලෙවී කථාව 2:1
31 හුවමාරු යොමු  

මුහුන් නොදැමූ රොටිද තෙලින් මිශ්‍රවූ මුහුන් නොදැමූ පූපයන්ද තෙල් ගැල්වූ මුහුන් නොදැමූ පූපපෙතිද ගන්න. ඒවා සිහින් තිරිඟු පිටියෙන් සෑදිය යුතුය.


නුඹේ දවන පූජාවල එළු බැටළුවන් නුඹ මට ගෙනාවේවත් නුඹේ යාගවලින් මට ගෞරව කළේවත් නැත. මම ආහාර පූජාවලින් නුඹට බරක් නොවීමි, දුම් පූජාවලින් නුඹ නොවෙහෙසීමි.


ඉශ්‍රායෙල් පුත්‍රයන් පිරිසිදු භාජනයක ස්වාමීන්වහන්සේගේ ගෘහයට පඬුරු ගෙනෙන්නාක්මෙන් ඔවුන් නුඹලාගේ සියලු සහෝදරයන් සියලු ජාතීන් අතරෙන් අශ්වයන් පිටින්ද රථවලින්ද දෝලාවලින්ද අශ්වතරයන් පිටින්ද ඔටුවන් පිටින්ද මාගේ ශුද්ධ කන්ද වන යෙරුසලමට ස්වාමීන්වහන්සේට පඬුරක් කොට ගෙනෙනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඔහුද: මේක පූජකයන් අපරාධ පූජාව සහ පාප පූජාව තම්බන්ටත් ආහාර පූජාව බදින්ටත් ඕනෑවූ ඉඩමය; එසේ කරන්නේ සෙනඟ ශුද්ධකරන පිණිස ඒවා පිට-මළුවට නොගෙනියන පිණිසයයි මට කීවේය.


ආහාර පූජාවද පාන පූජාවද ස්වාමීන්වහන්සේගේ ගෘහයෙන් පහවගියේය; ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ පූජකයෝ වැලපෙන්නෝය.


සමහරවිට උන්වහන්සේ හැරී ඇවිත් තැවී, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඔප්පුකිරීමට ආහාර පූජාවක්ද පාන පූජාවක්ද අඩංගුවූ ආශීර්වාදයක් දීලා යනවා ඇද්දෝයි දන්නේ කවුද?


අටවෙනි දවසේදී ඔහු කැලලක් නැති බැටළු වස්සන් දෙදෙනෙක්ද කැලලක් නැති අවුරුද්දක බැටළු වැස්සියෙක්ද තෙල් මිශ්‍රවූ සිහින් පිටි ඒඵාවකින් දසයෙන් තුන් කොටසක්ද තෙල් හුණ්ඩුවක්ද ගෙනේවා.


ස්වාමීන්වහන්සේට ගිනි පූජාවක්මෙන් රොටිවල සිහිවීමක් පිණිස ඒ දෙපෙළ පිට පවිත්‍ර තුවරලා තබන්න.


කොබෙයියන් දෙදෙනෙක්වත් පරෙවි පැටවුන් දෙදෙනෙක්වත් ගෙනෙන්ට ඔහුට වත්කම නැත්නම්, ඔහු කළ පාපය ගැන පාප පූජාවක් පිණිස සිහින් පිටි ඒඵාවකින් දසයෙන් කොටසක් ගෙනෙන්ට ඕනෑය; ඒවා පාප පූජාවක් බැවින් ඒ පිට තෙල්වත් තුවරලාවත් නොදැමිය යුතුය.


පූජකයාද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔහු උදෙසා සමගිකමක් කරන්නේය, ඔහු යමක් කිරීමෙන් වරදකාරයෙක් වූයේද ඒ ගැන ක්ෂමාකරනු ලබන්නේයයි කීසේක.


ඔහු ආහාර පූජාව ගෙනැවිත් එයින් අතපුරා රැගෙන උදයේ දවන පූජාව හැර ඒවාත් පූජාසනය පිට දැවුවේය.


ශාන්ති පූජාව පිණිස ගොනෙක්ද බැටළුවෙක්ද තෙල් මිශ්‍රවූ ආහාර පූජාවක්ද ගෙනෙන්න. මක්නිසාද අද ස්වාමීන්වහන්සේ නුඹලාට පෙනෙනසේකැයි කියන්නැයි කීවේය.


මක්නිසාද ඉර උදාවන තැන් පටන් බස්නා තැන දක්වා මාගේ නාමය ජාතීන් අතරේ උතුම්ය; සියලුම ස්ථානවල සුවඳ දුම්ද පිරිසිදු පූජාවක්ද මාගේ නාමයට ඔප්පුකරනු ලබන්නේය. එසේය, මාගේ නාමය ජාතීන් අතරේ උතුම්යයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


ගින්නෙහි නොදවන්නාවූ අති ශුද්ධ දේ වලින් නුඹට අයිති වන්නේ ඔවුන්ගේ සියලු පූජා එනම් ඔවුන්ගේ සියලු ආහාර පූජාද ඔවුන්ගේ සියලු පාප පූජාද ඔවුන්ගේ සියලු වරද පූජාද යන මේවාය; ඔවුන් මට දෙන දේවල් නුඹටත් නුඹේ පුත්‍රයන්ටත් අති ශුද්ධ වන්නේය.


ආහාර පූජාවකට කොටා සිඳගත් තෙල් හිනකින් සතරෙන් කොටසක් සමඟ මිශ්‍රකළ සිහින් පිටි ඒඵාවකින් දසයෙන් කොටසක් ඔප්පුකරන්න.


කැලල් නැති තරුණ ගොන් දොළොස් දෙනෙක්ද බැටළුවන් දෙන්නෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් දසසතර දෙනෙක්ද,


ඔහුගේ පඬුර නම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය;


ඔහු ඔප්පුකළේ ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය;


එවිට ඔව්හු තරුණ ගොනෙක්ද ඊට අයිති ආහාර පූජාවට තෙල් මිශ්‍ර සිහින් පිටිද ගනිත්වා, නුඹ පාප පූජාවක් පිණිස තවත් තරුණ ගොනෙක් ගෙන,


යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: ජීවනදායක කෑම නම් මමය. මා ළඟට එන්නාට බඩගිනි නොවන්නේය, මා කෙරෙහි අදහන්නාට කිසිකලකත් පිපාසා නොවන්නේය.


නුඹලා ශුද්ධ තැනන්වහන්සේගෙන් ආලේපයක් ලැබ සියලු දේම දනිහුය.


නුඹලා ගැන වනාහි, නුඹලා උන්වහන්සේගෙන් ලැබූ ආලේපය නුඹලා තුළ පවතින්නේය, යමෙකු විසින් නුඹලාට ඉගැන්වීම ඕනෑකරන්නේ නැත; එම ආලේපය සියල්ල ගැන නුඹලාට උගන්වන ලෙසද, එය බොරු නොව සත්‍යව තිබෙන ලෙසද, එයින් නුඹලාට ඉගැන්නූ ප්‍රකාරයටද උන්වහන්සේ තුළ පැවතෙන්න.


නුමුත් ප්‍රේමවන්තයෙනි, නුඹලා වනාහි නුඹලාගේ ඉතා ශුද්ධ ඇදහිල්ල පිට නුඹලාම ගොඩනඟාගනිමින්, ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ සිට යාච්ඤාකරමින්,


තවත් දේවදූතයෙක් රන් දුම් භාජනයක් රැගෙන ඇවිත් පූජාසනය ඉදිරිපිට සිටියේය; සිංහාසනය ඉදිරියෙහි තිබුණු රන් පූජාසනය පිට සියලු ශුද්ධවන්තයන්ගේ යාච්ඤා සමඟ ඔප්පුකරන පිණිස බොහෝ සුගන්ධ ද්‍රව්‍ය ඔහුට දෙනලද්දේය.