Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 18:9 - Sinhala Revised Old Version

9 ගින්නෙහි නොදවන්නාවූ අති ශුද්ධ දේ වලින් නුඹට අයිති වන්නේ ඔවුන්ගේ සියලු පූජා එනම් ඔවුන්ගේ සියලු ආහාර පූජාද ඔවුන්ගේ සියලු පාප පූජාද ඔවුන්ගේ සියලු වරද පූජාද යන මේවාය; ඔවුන් මට දෙන දේවල් නුඹටත් නුඹේ පුත්‍රයන්ටත් අති ශුද්ධ වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 ගින්නෙන් නොදවා පුදන අතිශුද්ධ පූජාවලින් නුඹලාට හිමි කොටස මෙය වනු ඇත. ඔවුන් මට පූජා කරන සෑම ධාන්‍ය පූජාවක් ම, පාප පූජාවක් ම, වන්දි ගෙවීමේ පූජාවක් ම නුඹටත්, නුඹේ දරුවන්ටත් අතිශුද්ධ වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 ගින්නෙන් නොදවා පුදන අතිශුද්ධ පූජාවලින් නුඹලාට හිමි කොටස මෙය වනු ඇත. ඔවුන් මට පූජා කරන සෑම ධාන්‍ය පූජාවක් ම, පාප පූජාවක් ම, වන්දි ගෙවීමේ පූජාවක් ම නුඹටත්, නුඹේ දරුවන්ටත් අතිශුද්ධ වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 18:9
24 හුවමාරු යොමු  

පාප පූජාව යම්සේද අපරාධ පූජාවත් එසේමය. ඒවාට එක පනතක් ඇත්තේය. එයින් සමගිකම් කරන පූජකයා ඒවා ලැබිය යුතුය.


ශුද්ධ ස්ථානයෙහි පාප පූජාවේද දවන පූජාවේද සතුන් මරන ස්ථානයෙහි ඔහු බැටළු පැටවා මැරිය යුතුය. මක්නිසාද පාප පූජාව පූජකයාට අයිතිවාක් මෙන් අපරාධ පූජාවත් අයිතිය. ඒක අතිශුද්ධය.


පොදු සෙනඟගෙන් කිසිවෙක් නොකටයුතුයයි ස්වාමීන්වහන්සේ අණකළ දේවලින් යමක් නොදැනුවත්ව කිරීමෙන් වැරදිකාරයෙක් වී නම්,


අධිපතියෙක් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නොකටයුතුයයි අණකළ දේවලින් යමක් නොදැනුවත්ව කොට වැරදිකාරයෙක්ව සිටින කල,


නුඹලා පාප පූජාව ශුද්ධ ස්ථානයෙහිදී නොකෑවේ මක්නිසාද? එය අති ශුද්ධය. ඇරත් නුඹලා සභාවේ අයුතුකම පහකරන පිණිසද ස්වාමීන්වහන්සේ ඉදිරිපිට ඔවුන් උදෙසා සමගිකමක් කරන පිණිසද උන්වහන්සේ එය නුඹලාට දී තිබේ.


අපරාධ පූජාව පිළිබඳ ව්‍යවස්ථාව මේය: එය අති ශුද්ධය.


තමා විසින් කළ පාපය උදෙසා අපරාධ පූජාව පිණිස රැළෙන් බැටළුවන්ගෙන් හෝ එළුවන්ගෙන් හෝ ගෑනු සතෙකු පාප පූජාවක් පිණිස ස්වාමීන්වහන්සේ වෙතට ගෙනෙන්ට ඕනෑය; පූජකයාද ඔහුගේ පාපය ගැන ඔහු උදෙසා සමගිකමක් කරන්නේය.


යමෙක් කාරණාවක් දැක නොහොත් දැනගන සාක්ෂිකාරයෙක්ව සිටිද්දී, දිවුරවීමේ හඬ අසා නොදන්වා සිටීමෙන් පව්කළොත්, ඔහු තමාගේ අයුතුකම දැරිය යුතුය.


ඒක මුහුන් දමා බදිනු නොලැබිය යුතුය. ගින්නෙන් කළ මාගේ පූජාවලින් ඔවුන්ගේ කොටස මෙන් ඒක දුනිමි; පාප පූජාව මෙන්ද අපරාධ පූජාව මෙන්ද ඒක අති ශුද්ධය.


ශුද්ධ ස්ථානයෙහි සමගි කිරීම පිණිස යම් පාප පූජාවක ලේවලින් සම්මුඛවීමේ කූඩාරමට ගෙනෙනු ලැබේද ඒ පූජාව නොකෑ යුතුය. එය ගින්නෙන් දවනු ලබන්නේය.


පූජකයන් අතරෙහි සියලු පිරිමින්ට එයින් කන්ට පුළුවන. ශුද්ධවූ තැනකදී එය කෑ යුතුය. එය අති ශුද්ධය.


අතිශුද්ධ දේවල් ලෙස එයින් කන්න. සියලු පිරිමින්ට එයින් කන්ට පුළුවන; ඒක නුඹට ශුද්ධ වන්නේය.


එවිට ඔහු මට කථාකොට: වෙන්වූ මළුවට ඉදිරිපිට තිබෙන උතුරු කාමරද දකුණු කාමරද ශුද්ධ කාමර වෙත්, එහි ස්වාමීන්වහන්සේ ළඟට පැමිණෙන පූජකයෝ අති ශුද්ධ දේවල් කන්නෝය. එහි ඔව්හු අති ශුද්ධ දේවල්ද ආහාර පූජාවද පාප පූජාවද අපරාධ පූජාවද තබන්නෝය; මක්නිසාද ඒ ස්ථානය ශුද්ධය.


ඔවුන්ට ආහාර පූජාවද පාප පූජාවද අපරාධ පූජාවද කන්ට පුළුවන; ඉශ්‍රායෙල් අතරෙහි කැපවූ සියල්ලම ඔවුන්ට වන්නේය.


ආහාර පූජාවෙන් ඉතිරි කොටස ආරොන්ටත් ඔහුගේ පුත්‍රයන්ටත් වන්නේය. එය ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවලින් අති ශුද්ධ එකක්ය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:


නුමුත් ඉර බැස්ස කල ඔහු පවිත්‍රවන්නේය; පසුව ශුද්ධවූ දේ කන්ට ඔහුට පුළුවන, මක්නිසාද ඔහුගේ භෝජන ඒවාය.


එහෙත් පූජකයෙකු විසින් තමාගේ මිලයෙන් මිලේට ගත් කෙනෙකුට එයින් කන්ට පුළුවන; ඔහුගේ ගෙදර උපන් අයටත් ඔහුගේ භෝජනවලින් කන්ට පුළුවන.


ලෙවීවරුන්වූ පූජකයන්ටද ලෙවීගේ මුළු ගෝත්‍රයටද ඉශ්‍රායෙල් සමඟ කොටසක්වත් උරුමයක්වත් නොලැබේ. ඔව්හු ස්වාමීන්වහන්සේගේ ගිනි-පූජාද උන්වහන්සේගේ උරුමයද කන්නෝය.


එකල සිරියේ රජවූ හසායෙල් ඇවිත් ගාද්ට විරුද්ධව යුද්ධකොට ඒක අල්ලාගෙන, යෙරුසලමටත් විරුද්ධව එන්ට තමාගේ මුහුණ යොමු කෙළේය.


ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන ප්‍රකාරයට අපේ පුත්‍රයන්ගෙන් සහ සිව්පාවුන්ගෙන් කුලුඳුලන්ද අපේ ගවයින්ගෙන් හා බැටළුවන්ගෙන් කුලුඳුලන්ද අපේ දෙවියන්වහන්සේගේ ගෘහයට එනම් අපේ දෙවියන්වහන්සේගේ ගෘහයෙහි සේවයකරන පූජකයන් වෙතට ගෙනෙන හැටියටත්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්