Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 46:20 - Sinhala Revised Old Version

20 ඔහුද: මේක පූජකයන් අපරාධ පූජාව සහ පාප පූජාව තම්බන්ටත් ආහාර පූජාව බදින්ටත් ඕනෑවූ ඉඩමය; එසේ කරන්නේ සෙනඟ ශුද්ධකරන පිණිස ඒවා පිට-මළුවට නොගෙනියන පිණිසයයි මට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 ඔහු ද කතා කරමින්, “මේක පූජකයන් අපරාධ පූජාව සහ පාප පූජාව තම්බන්නටත්, ආහාර පූජාව බදින්නටත් වෙන් කර ඇති ස්ථානය වේ. එසේ කරන්නේ, සෙනඟ ශුද්ධ කරන පිණිස ඒවා පිට මළුවට නොගෙන යන පිණිස ය”යි මට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 ඔහු ද කතා කරමින්, “මේක පූජකයන් අපරාධ පූජාව සහ පාප පූජාව තම්බන්නටත්, ආහාර පූජාව බදින්නටත් වෙන් කර ඇති ස්ථානය වේ. එසේ කරන්නේ, සෙනඟ ශුද්ධ කරන පිණිස ඒවා පිට මළුවට නොගෙන යන පිණිස ය”යි මට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 46:20
13 හුවමාරු යොමු  

ඔව්හු පාස්කුව ව්‍යවහාරය ලෙස ගින්නෙන් පුලුස්සා, ශුද්ධවූ අනික් ඒවා ඇතිලිවලද කටාරම්වලද හැළිවලද තම්බා, ඉක්මනින් මුළු සෙනඟට ගෙනැත් දුන්නෝය.


ඔවුන්ට ආහාර පූජාවද පාප පූජාවද අපරාධ පූජාවද කන්ට පුළුවන; ඉශ්‍රායෙල් අතරෙහි කැපවූ සියල්ලම ඔවුන්ට වන්නේය.


ඔවුන් පිට-මළුවට එනම් පිට-මළුවේ සෙනඟ ළඟට යන කල, ඔවුන් සේවයකරන්ට අඳින තමුන්ගේ වස්ත්‍ර ගළවා, ඒවා ශුද්ධස්ථානයේ කාමරවල තබා, තමුන්ගේ වස්ත්‍රවලින් සෙනඟ විශුද්ධ නොකරන පිණිස වෙන වස්ත්‍ර ඇඳගනිත්වා.


එවිට ඔහු පිට-මළුවට මා පමුණුවා, මළුවේ මුලු හතර ළඟින් මා ගෙනගියේය; එවිට මළුවේ එක එක මුල්ලෙහි මළුවක් තිබෙන බව දුටිමි.


ඒ කාලයෙහි අශ්වයන්ගේ මිණිගෙඩිවල: ස්වාමීන්වහන්සේට ශුද්ධය කියා ලියා තිබෙනවා ඇත; ස්වාමීන්වහන්සේගේ ගෘහයේ සැළිද පූජාසනය ඉදිරියෙහි තිබෙන පාත්‍රා මෙන් වන්නේය.


නුඹ කැපකිරීමේ බැටළුවා රැගෙන ශුද්ධවූ තැනක උගේ මාංසය පිසින්න.


යමෙක් ආහාර පූජාවක් ස්වාමීන්වහන්සේට ඔප්පුකරන කල ඔහුගේ පූජාව සිහින් පිටිවලින් විය යුතුය; ඔහු ඊ පිට තෙල් වත්කොට, ඊ පිට තුවරලා දමා,


ආහාර පූජාවෙන් ඉතිරි කොටස ආරොන්ටත් ඔහුගේ පුත්‍රයන්ටත් වන්නේය. එය ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවලින් අති ශුද්ධ එකක්ය.


ආහාර පූජාවෙන් ඉතිරි කොටස ආරොන්ටත් ඔහුගේ පුත්‍රයන්ටත් වන්නේය. එය ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවලින් අති ශුද්ධ එකක්ය.


එවිට ඔහු: මේවා ගෘහයේ සේවකයන් විසින් සෙනඟගේ පූජා තම්බන්ට ඕනෑවූ ගෙවල්යයි මට කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්