Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 7:13 - Sinhala Revised Old Version

13 ඔහුගේ පඬුර නම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 ඔහුගේ පඬුරු නම්, කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 ඔහුගේ පඬුරු නම්, කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 7:13
23 හුවමාරු යොමු  

ඔවුන් විසින් දිය යුතු මෙසේය, ගණන්ගනු ලබන එක් එක්කෙනා ශුද්ධ ස්ථානයේ ෂෙකෙල් මිලයේ හැටියට ස්වාමීන්වහන්සේට පඬුරක් පිණිස ෂෙකෙල් බාගයක් දිය යුතුය. (ෂෙකෙලයක් නම් ගේරා විස්සක්ය.)


යමෙක් ආහාර පූජාවක් ස්වාමීන්වහන්සේට ඔප්පුකරන කල ඔහුගේ පූජාව සිහින් පිටිවලින් විය යුතුය; ඔහු ඊ පිට තෙල් වත්කොට, ඊ පිට තුවරලා දමා,


ඔහු මේසය පිට තබන භාජන වන ඒකේ තැටිද ඒකේ හැඳිද ඒකේ පාත්‍රාද පාන පූජා වත්කරන පිණිස ඒකේ කෙණ්ඩිද පවිත්‍ර රනින් සෑදුවේය.


ඒකේ තැටිද ඒකේ හැඳිද ඒකේ කෙණ්ඩිද ඒකේ පාත්‍රාද ඒවායින් වත්කරන පිණිස පවිත්‍ර රනින් සාදන්න.


ඔහුගේ හිස තැටියක ලා ගෙනවුත් තරුණියට දෙනලද්දේය. ඈද ඒක ඇගේ මවු ළඟට ගෙනගියාය.


ඈද තමාගේ මවු විසින් පොළඹවනු ලැබ: යොහන් බව්තීස්තගේ හිස තැටියක ලා මෙහිදී මට දුන මැනවැයි කීවාය.


ඒ කාලයෙහි අශ්වයන්ගේ මිණිගෙඩිවල: ස්වාමීන්වහන්සේට ශුද්ධය කියා ලියා තිබෙනවා ඇත; ස්වාමීන්වහන්සේගේ ගෘහයේ සැළිද පූජාසනය ඉදිරියෙහි තිබෙන පාත්‍රා මෙන් වන්නේය.


බේල්ෂශර් මුද්‍රිකපානය බොන අතර, යෙරුසලමේ තිබුණු මාළිගාවෙන් තමාගේ පියවූ නෙබුකද්නෙශර් විසින් ගත්තාවූ රන් රිදී භාජනවලින් රජද තමාගේ උත්තමයන්ද තමාගේ භාර්යාවරුන්ද උපභාර්යාවරුන්ද විසින් බොන පිණිස ඒවා ගෙනෙන්ට අණකෙළේය.


තළිද ගිනි-භාජනද තාළිද ඇතිළිද පහන් කඳුද පාත්‍රාද කෙන්ඩිද යන රන් බඩුවල රන්ද රිදී බඩුවල රිදීද රැකවලුන්ගේ අධිපතියා ගෙනගියේය.


රජුද ඔහුගේ මන්ත්‍රීවරුන්ද අධිපතීන්ද එහි සිටි සියලු ඉශ්‍රායෙල්වරුන්ද විසින් අපේ දෙවියන්වහන්සේගේ ගෘහය උදෙසා ඔප්පුකළ පඬුර වන රිදීද රන්ද භාණ්ඩද ඔවුන්ට කිරා භාරදුනිමි.


හැළිද හැඳිද තාලිද යන මේවාය. හීරාම් ස්වාමීන්වහන්සේගේ ගෘහය උදෙසා සාලමොන් රජුට සෑදූ මේ සියලු බඩු ඔපදැමූ පිත්තලෙන් විය.


අඩි දසයද අඩි පිට තිබුණ භාජන දසයද;


එක් එක්කෙනා වෙනුවට ෂෙකෙල් පහක් බැගින් ගනින්න; ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙලට ගේරා විස්සක් බැගින් ගනින්න.


නුඹේ සියලු නියමකිරීම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙලට ගේරා විස්සක් බැගින් විය යුතුය.


විසි අවුරුද්ද පටන් සැට අවුරුද්ද දක්වා වයස් ඇති පුරුෂයෙක් ගැන නුඹේ නියමකිරීම ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට රිදී ෂෙකෙල් පනහක් වන්නේය.


පළමුවෙනි දවසේදී තමාගේ පඬුර ඔප්පුකළේ යූදා ගෝත්‍රයේ අම්මිනාදාබ්ගේ පුත්‍රවූ නාෂොන්ය.


සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ, ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද;


ඔහුගේ පඬුරනම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය;


එසේ තමාගේ පූජාව ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්නා ආහාර පූජාවක් පිණිස තෙල් හිනකින් සතරෙන් කොටසක් සමඟ සිහින් පිටි ඒඵාවකින් දසයෙන් කොටසක් මිශ්‍රකර ඔප්පුකෙරේවා.


ආහාර පූජාවකට කොටා සිඳගත් තෙල් හිනකින් සතරෙන් කොටසක් සමඟ මිශ්‍රකළ සිහින් පිටි ඒඵාවකින් දසයෙන් කොටසක් ඔප්පුකරන්න.


නුඹලා උදෙසා සමඟිකමක් කරන පිණිස පාප පූජාවක් කොට එක එළුවෙක්ද ඔප්පුකරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්