Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 5:11 - Sinhala Revised Old Version

11 කොබෙයියන් දෙදෙනෙක්වත් පරෙවි පැටවුන් දෙදෙනෙක්වත් ගෙනෙන්ට ඔහුට වත්කම නැත්නම්, ඔහු කළ පාපය ගැන පාප පූජාවක් පිණිස සිහින් පිටි ඒඵාවකින් දසයෙන් කොටසක් ගෙනෙන්ට ඕනෑය; ඒවා පාප පූජාවක් බැවින් ඒ පිට තෙල්වත් තුවරලාවත් නොදැමිය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 “තවද, ඔහුට කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ ගෙනෙන්නට වත්කම නැති නම්, ඔහු තමා කළ පාපය වෙනුවට පාප පූජාවක් වශයෙන් සිහින් පිටි කිලෝග්‍රෑම් එකක් ගෙනා යුතු ය. ඔහු එය මත තෙල් හෝ තුවරලා හෝ නොදැමිය යුතු ය. මන්ද, එය පාප පූජාවකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 “තවද, ඔහුට කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ ගෙනෙන්නට වත්කම නැති නම්, ඔහු තමා කළ පාපය වෙනුවට පාප පූජාවක් වශයෙන් සිහින් පිටි කිලෝග්‍රෑම් එකක් ගෙනා යුතු ය. ඔහු එය මත තෙල් හෝ තුවරලා හෝ නොදැමිය යුතු ය. මන්ද, එය පාප පූජාවකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 5:11
23 හුවමාරු යොමු  

ඒ මනුෂ්‍යයා තමාගේ භාර්යාව පූජකයා වෙතට කැඳවාගෙන ඒවා, ඈ උදෙසා ඇගේ පූජාව පිණිස යව පිටි ඒඵාවකින් දසයෙන් කොටසක් ගෙනේවා; ඒක ශංකා ආහාර පූජාවක් වන වරද සිහිකරවන සිහිවීමේ ආහාර පූජාවක් නිසා ඔහු ඒවා පිට කිසි තෙලක් වත්නොකෙරේවා, ඒවා පිට තුවරලාද නොදමාවා.


අප උන්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ උන්වහන්සේ අප වෙනුවට පාපය වෙන්ට [දෙවියන්වහන්සේ] සැලැස්සූසේක.


ඔහුගේ පඬුර නම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය;


ඔහු ඒවා පූජකයා වෙතට ගෙනා යුතුය, පූජකයාද එයින් අහුරක් වන එහි සිහිවීමේ කොටස ගෙන පූජාසනය පිට ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජා මතුයෙහි දැවිය යුතුය. එය පාප පූජාවක්ය.


පාප පූජාවේ ලෙයින් ස්වල්පයක් පූජාසනයේ පැත්තේ ඉසිය යුතුය; ඉතිරි ලේ පූජාසනය මුල වැගිරෙන්ට හැරීය යුතුය. එය පාප පූජාවක්ය.


තමා විසින් කළ පාපය උදෙසා අපරාධ පූජාව පිණිස රැළෙන් බැටළුවන්ගෙන් හෝ එළුවන්ගෙන් හෝ ගෑනු සතෙකු පාප පූජාවක් පිණිස ස්වාමීන්වහන්සේ වෙතට ගෙනෙන්ට ඕනෑය; පූජකයාද ඔහුගේ පාපය ගැන ඔහු උදෙසා සමගිකමක් කරන්නේය.


ඕමෙරයක් නම් ඒඵාවෙන් දසයෙන් කොටසක්ය.


ඔවුන් ඕමෙර යන මිම්මකින් ඒ මැන්න කල බොහෝ රැස්කළ තැනැත්තාට වැඩිව නොතිබුණේය, ටික රැස්කළ තැනැත්තාට අඩුව නොතිබුණේය; එකිනෙකා තම තමා කන ප්‍රමාණයට එකතුකෙළේය.


ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි කියා තිබෙන හැටියට කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ පූජාකරන පිණිසද, ඔව්හු උන්වහන්සේ යෙරුසලමට ගෙනාවෝය.


ව්‍යවස්ථාවේ ප්‍රකාරයට සියලු දේවල්ම ලෙයින් පවිත්‍රකරනු ලැබේයයි කියන්ට පුළුවන්වා වාගේ පෙනේ, ලේ වැගිරීමක්ද නැතුව ක්ෂමාකිරීමකුත් නැත.


ඉදින් ස්වාමීන්වහන්සේට ඔහුගේ පූජාව පක්ෂීන්ගෙන් වූ දවන පූජාවක් නම්, කොබෙයියන්ගෙන් හෝ පරෙවි පැටවුන්ගෙන් හෝ ඔහු තමාගේ පූජාව ඔප්පුකළ යුතුය.


ආරොන් ආලේප ලබන දවසෙහි ඔහු සහ ඔහුගේ පුත්‍රයන් විසින් ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්නාවූ ඔවුන්ගේ පූජාව මේය–නිරන්තර ආහාර පූජාවක් පිණිස සිහින් පිටි ඒඵාවකින් දසයෙන් කොටසකින් උදයේ එයින් භාගයක්ද සවස එයින් භාගයක්ද වේ.


නුමුත් ඔහු එපමණ වත්කම නැති දිළින්දෙක් නම්, තමා උදෙසා සමගිකමක් කරන්ට තේව කරන අපරාධ පූජාවක් පිණිස එක බැටළුවස්සෙක්ද ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටි ඒඵාවකින් දසයෙන් පංගුවක්ද තෙල් හුණ්ඩුවක්ද ගෙනේවා;


නුමුත් ඔහු නුඹ නියමකරන ගණනේ තරම ගෙවන්ට බැරි දිළින්දෙක් නම් පූජකයා ඉදිරිපිට සිටවනු ලැබිය යුතුය, පූජකයා ඔහුට ගණනක් නියම කෙරේවා; භාරයක්වූ තැනැත්තාගේ වත්කමේ ප්‍රකාරයට පූජකයා ඔහුට නියමකෙරේවා.


බැටළුපැටවෙකු ගෙනෙන්ට ඈට වත්කම නැත්නම් ඈ කොබෙයියන් දෙදෙනෙක් හෝ පරෙවිපැටවුන් දෙදෙනෙක් හෝ ගෙනේවා; එයින් එකෙක් දවන පූජාවටය, අනිකා පාප පූජාවටය. පූජකයාද ඈ උදෙසා සමගිකමක් කරන්නේය, ඈ පවිත්‍රවන්නීයයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්