එහි දාවිත් ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකෙළේය. එවිට ස්වාමීන්වහන්සේ දේශය ගැන කන්නලව්ව පිළිගත්සේක, වසංගතයද ඉශ්‍රායෙල් අතරෙන් නැවතුණේය.
ලෙවී කථාව 17:8 - Sinhala Revised Old Version තවද ඔවුන්ට මෙසේ කියන්න: ඉශ්‍රායෙල් වංශයෙන්වත් ඔවුන් අතරෙහි වසන විදේශීන්ගෙන්වත් දවන පූජාවක් හෝ යාගයක් හෝ පූජාකරන කවරෙක් නුමුත්, Sinhala New Revised Version ‘ඔබ ඔවුන්ට මෙසේ ද කියන්න, ඉශ්රායෙල් ජනයා අතර යමෙක් වේවා, ඔබ අතර වසන විදේශිකයෙක් වේවා, දවන යාග පූජාවක් හෝ පඬුරක් හෝ සමිඳාණන් වහන්සේට පුදන්නේ නම්, Sinhala New Revised Version 2018 ‘ඔබ ඔවුන්ට මෙසේ ද කියන්න, ඉශ්රායෙල් ජනයා අතර යමෙක් වේවා, ඔබ අතර වසන විදේශිකයෙක් වේවා, දවන යාග පූජාවක් හෝ පඬුරක් හෝ සමිඳාණන් වහන්සේට පුදන්නේ නම්, |
එහි දාවිත් ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකෙළේය. එවිට ස්වාමීන්වහන්සේ දේශය ගැන කන්නලව්ව පිළිගත්සේක, වසංගතයද ඉශ්‍රායෙල් අතරෙන් නැවතුණේය.
ඉශ්‍රායෙල් වංශයෙන් හෝ ඔවුන් අතරේ වසන විදේශීන්ගෙන් හෝ කවරෙක් නුමුත් කොයියාකාර ලෙයක්වත් කෑවොත් මම එසේ ලේ කන තැනැත්තාට විරුද්ධව මාගේ මුහුණ යොමුකරමින් ඔහු තමාගේ සෙනඟ අතරෙන් සිඳදමන්නෙමි.
කඳවුරේදී හෝ පිටතදී හෝ ඌ මැරුවොත් ඒ මනුෂ්‍යයාට ලේ අපරාධය තබනු ලැබේ; ඒ මනුෂ්‍යයා ලේ වැගිරෙවු බැවින් ඔහු තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය.
ඔවුන් යක්ෂයන් පස්සේ වේශ්‍යාකමින් ගොස් තමුන්ගේ පූජා ඔවුන්ට තවත් පූජා නොකළයුතුය. මෙය ඔවුන්ට ස්වකීය පරම්පරාවල නිරන්තර පනතක් වන්නේය.
ස්වාමීන්වහන්සේට ඔප්පුකරන පිණිස එය සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට නොගෙනාවොත් ඒ මනුෂ්‍යයා තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය.
තමාගේ පූජාවකොට ඔහු බැටළු පැටවෙකු ඔප්පුකරන්නේනම් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඌ ඔප්පු කෙරේවා.
මක්නිසාද ඉර උදාවන තැන් පටන් බස්නා තැන දක්වා මාගේ නාමය ජාතීන් අතරේ උතුම්ය; සියලුම ස්ථානවල සුවඳ දුම්ද පිරිසිදු පූජාවක්ද මාගේ නාමයට ඔප්පුකරනු ලබන්නේය. එසේය, මාගේ නාමය ජාතීන් අතරේ උතුම්යයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
එවිට රූබෙන් පුත්‍රයන්ද ගාද් පුත්‍රයන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද කානාන් දේශය ඉදිරිපිට ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ පැත්තෙහි යොර්දාන අසබඩ පළාතේ පූජාසනයක් ගොඩනගා තිබේයයි ඉශ්‍රායෙල් පුත්‍රයන්ට ආරංචිවිය.
ඔව්හු ගිලියද් දේශයෙහි රූබෙන් පුත්‍රයන්ද ගාද් පුත්‍රයන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද ළඟට අවුත් කථාකරමින්:
නුඹලා අද දවසේ ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිගසන පිණිස පූජාසනයක් ගොඩනගා ගැනීමෙන් නුඹලා අද ස්වාමීන්වහන්සේ වෙතින් අහක්ව ගොස් ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේට විරුද්ධව කළාවූ මේ අපරාධය කිමෙක්ද?
මේ බලකොටුව මුදුනේ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජාසනයක් නිසි පිළිවෙළට සාදා, දෙවෙනි ගොනා ගෙන නුඹ කපන්නාවූ අෂේරා කණුවේ ලීවලින් ඌ දවන පූජාවක්කොට ඔප්පුකරන්නැයි කීසේක.
නුඹ මට පෙරටුව ගිල්ගාල්ට යන්න; මම වනාහි දවන පූජා ඔප්පුකරන පිණිසත් ශාන්ති පූජාවල යාගයන් පූජාකරන පිණිසත් නුඹ ළඟට එන්නෙමි. මා නුඹ ළඟට ඇවිත් නුඹ කළයුතු දේ නුඹට දන්වන තුරු සත් දවසක් බලාසිටින්නැයි කීවේය.
සාමුවෙල්ද: මා යන්නේ කොහොමද? එය සාවුල්ට සැලවුණොත් ඔහු මා මරනවා ඇතැයි කීවේය. ස්වාමීන්වහන්සේද නුඹ වැස්සියක් ගෙනගොස්: මම ස්වාමීන්වහන්සේට පූජා කරන්ට ආවෙමියි කියන්න.
සාමුවෙල් කිරිබොන බැටළු පැටවෙකු රැගෙන ස්වාමීන්වහන්සේට මුළු දවන පූජාවක් කොට ඔප්පුකර, ඉශ්‍රායෙල්වරුන් උදෙසා ස්වාමීන්වහන්සේට යාච්ඤාකෙළේය; ස්වාමීන්වහන්සේ ඔහුට උත්තර දුන්සේක.