Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 22:15 - Sinhala Revised Old Version

15 ඔව්හු ගිලියද් දේශයෙහි රූබෙන් පුත්‍රයන්ද ගාද් පුත්‍රයන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද ළඟට අවුත් කථාකරමින්:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 ඔව්හු අවුත් ගිලියද් දේශයෙහි රූබන්ගේ ගෝත්‍රයේ සෙනඟට ද ගාද් ගෝත්‍රයේ සෙනඟට ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ සෙනඟට ද මෙසේ කී හ:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 ඔව්හු අවුත් ගිලියද් දේශයෙහි රූබන්ගේ ගෝත්‍රයේ සෙනඟට ද ගාද් ගෝත්‍රයේ සෙනඟට ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ සෙනඟට ද මෙසේ කී හ:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 22:15
31 හුවමාරු යොමු  

කථාකරන තැනන්වහන්සේ එපා නොකරන්ට බලාගන්න. මක්නිසාද පොළොවේදී අවවාදකළ තැනන්වහන්සේ එපාකළ විට ඔව්හු නොගැළවුණෝ නම්, ස්වර්ගයෙන් අවවාදකරන තැනන්වහන්සේ කෙරෙන් අහක්ව ගියොත් අපි කොහොම ගැළවෙමුද?


එනම්, අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමයෙන්, නුඹලා සහ මාගේ ආත්මය අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ බලය ඇතුව රැස්වුණාම,


ඉතින්, සහෝදරයෙනි, නුඹලා සියල්ලන් විසින් එකම දේ කථාකරන හැටියටද, නුඹලා අතරෙහි භේද නැතුව එක සිතින් හා එක කල්පනාවෙන් එකඟව සම්පූර්ණව සිටින හැටියටද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් නුඹලාගෙන් ඉල්ලමි.


ඔහු ඔවුන් කී දේත් පිළිනොගත්තොත්, සභාවට කියන්න. සභාව කී දේත් පිළිනොගත්තොත්, ඔහු නුඹට අන්‍යජාතියෙක් මෙන්ද සුංගම් අයකරන්නෙක් මෙන්ද වේවා.


නුමුත් ඔව්හු කැරළිගසා, උන්වහන්සේගේ ශුද්ධාත්මයට දුක් ඉපදෙවූවෝය. ඒ නිසා උන්වහන්සේ ඔවුන්ට සතුරෙක් වී, උන්වහන්සේම ඔවුන්ට විරුද්ධව යුද්ධකළසේක.


මුරණ්ඩු කැරළිකාර පරම්පරාවක් වූ, තමුන්ගේ සිත් එකඟකර නොගත්තාවූ, දෙවියන්වහන්සේ කෙරෙහි ස්ථිර සිතක් නැත්තාවූ පරම්පරාවක්ව සිටි ඔවුන්ගේ පියවරුන් මෙන් නොවන පිණිසත්ය.


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ ධර්මිෂ්ඨය; මක්නිසාද අද තිබෙන ලෙස අපි ස්වල්ප දෙනෙක්ව ඉතුරුව සිටිමුව. මෙන්න, අපි ඔබ ඉදිරියේ අපේ අපරාධවල ගැලී සිටිමුව; මක්නිසාද මේ කාරණය නිසා ඔබ ඉදිරියේ කිසිවෙකුට සිටිය නොහැකියයි කීවේය.


ඔව්හු තමුන්ටත් තමුන්ගේ පුත්‍රයන්ටත් ඔවුන්ගේ දූවරුන්ගෙන් භාර්යාවන් ගත්තෝය; මෙසේ ශුද්ධ වංශය දේශවල ජනයන් සමඟ මිශ්‍රවූය. එසේය, මේ අපරාධයට මූලිකවූවෝත් අධිපතීන් හා මුලාදෑනියෝයයි කීවෝය.


ඔවුන්ට කථාකොට: අල්ලාගන ආ තැනැත්තන් මෙහි නොගෙනායුතුය, මක්නිසාද ස්වාමීන්වහන්සේට විරුද්ධව අප කළ වරද හැර අපේ පාප සහ අපේ අපරාධ වැඩිකරන්ට නුඹලා සිතන්නහුය. මක්නිසාද අපේ අපරාධය මහත්ය, තද උදහසද ඉශ්‍රායෙල් කෙරෙහි තිබේයයි කීවේය.


ඔහුට විරුද්ධව සිටිමින්, ඔහුට කථාකොට: උස්සියානි, සුවඳ දුම් ඔප්පුකිරීමට කැපකරනලද ආරොන්ගේ පුත්‍රයන් වන පූජකයන්ට මිස ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පුකිරීම ඔබට අයිති වැඩක් නොවේ. ශුද්ධස්ථානයෙන් පිටතට යන්න; මක්නිසාද ඔබ වරද කෙළෙහිය; මෙය දෙවිවූ ස්වාමීන්වහන්සේගෙන් ඔබට ගෞරව පිණිස නොවන්නේයයි කීවෝය.


අමශියා ස්වාමීන්වහන්සේ වෙතින් අහක්ව ගිය පසු මනුෂ්‍යයෝ යෙරුසලමෙහි ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයක් කළෝය; ඔහු ලාකීෂ්ට පලාගියේය. නුමුත් ඔව්හු ඔහු පස්සේ ලාකීෂ්ට මිනිසුන් යවා එහිදී ඔහු මරා,


මෙසේ අද දවස දක්වා තිබෙන පරිදි ඉශ්‍රායෙල්වරු දාවිත්ගේ වංශයට විරුද්ධව කැරළිගැසූහ.


යෝවාබ් කථාකොට: දැන් සිටින පමණට වඩා ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟ සියක් ගුණයක් වැඩිකරනසේක්වා. එහෙත්, මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, ඔවුන් සියල්ලෝම මාගේ ස්වාමියාගේ සේවකයෝ නොවෙද්ද? මාගේ ස්වාමියා මේක අණකර ඉශ්‍රායෙල්වරුන් පිටට වරද පමුණුවන්නේ මක්නිසාදැයි කීය.


මක්නිසාද කැරළිකාරකම පේනකීමේ පාපයටත් මුරණ්ඩුකම දේවතාවන් හා රූප ඇදහීමටත් සමානය. නුඹ ස්වාමීන්වහන්සේගේ වචනය පහකළ නිසා උන්වහන්සේත් නුඹ රජකමෙන් පහකළසේකැයි කීවේය.


එහෙත් නුඹලා අද ස්වාමීන්වහන්සේ වෙතින් අහක්ව යන්නහුය. මෙසේ නුඹලා අද ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිගසන හෙයින් හෙට උන්වහන්සේ මුළු ඉශ්‍රායෙල් සභාව කෙරෙහි උදහස්වෙනවා ඇත.


ඉශ්‍රායෙල් පුත්‍රයන් ඒ බව ඇසූ කල ඔවුන්ට විරුද්ධව යුද්ධයට යන පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ෂීලෝහි රැස්වුණාය.


නුමුත් නුඹ කීකරුනොවන හැටියට නුඹේ සිත හැරීගොස්, අන් දෙවිවරුන්ට නමස්කාරකිරීමටත් සේවය කිරීමටත්


මක්නිසාද ඔවුන් අන් දෙවිවරුන්ට සේවයකරන පිණිස නුඹේ පුත්‍රයා මා අනුව යාමෙන් අහකට හරවාගන්නවා ඇත. එවිට ස්වාමීන්වහන්සේගේ උදහස නුඹට විරුද්ධව ඇවිළ උන්වහන්සේ වහාම නුඹ විනාශකරනවා ඇත.


නුඹලා උන්වහන්සේ අනුව නොගොස් හැරීගියොත් නැවතත් උන්වහන්සේ ඔවුන් කාන්තාරයෙහි තවත් නවත්වනවා ඇත; එසේ නුඹලා මේ මුළු සෙනඟ නාස්තිකරන්නහුයයි කීවේය.


අමලෙක්වරුන්ද කානානිවරුන්ද එහි නුඹලා ඉදිරිපිට සිටින බැවින් නුඹලා කඩුවෙන් වැටෙනවා ඇත. නුඹලා ස්වාමීන්වහන්සේ අනුව යාමෙන් හැරී ගොස් සිටින බැවින් ස්වාමීන්වහන්සේ නුඹලා සමඟ නොසිටිනසේකැයි කීවේය.


ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න–පුරුෂයෙක් හෝ ස්ත්‍රියෙක් හෝ මනුෂ්‍යයන් විසින් කරන කොයියම් පාපයක් නුමුත් කර ස්වාමීන්වහන්සේට විරුද්ධව අපරාධයක් කළොත් එසේ ඒ අය වරදකාරයන් වුණාම,


එවිට ඔවුන් මට විරුද්ධව කළ ද්‍රෝහිකමෙන් වුණාවූ තමුන්ගේ අයුතුකමද, තමුන්ගේ පියවරුන්ගේ අයුතුකමද, ඔවුන් මට විරුද්ධව හැසුරුණු නිසා,


සැබවින් ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වරදකාරයෙක්යයි කීසේක.


මා අණකළ මාර්ගයෙන් ඉක්මනින් අහක්ව ගියෝය. ඔව්හු වාත්තු වස්සෙකු සාදාගෙන ඊට නමස්කාරකර, පූජාකර–එම්බා ඉශ්‍රායෙල්, නුඹ මිසර දේශයෙන් ගෙනාවාවූ නුඹේ දෙවියෝ මේයයි කීවෝයයි කීසේක.


ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් එක එක පිය පෙළපතට අධිපතිව සිටි අධිපතිවරුන් දසදෙනෙක්ද යැවුවෝය. ඔව්හු එකිනෙකා ඉශ්‍රායෙල් දහස් ගණන් අතරෙහි තම තමුන්ගේ පිය පෙළපත්වලට ප්‍රධානියෝව සිටියෝය.


නුඹලා අද දවසේ ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිගසන පිණිස පූජාසනයක් ගොඩනගා ගැනීමෙන් නුඹලා අද ස්වාමීන්වහන්සේ වෙතින් අහක්ව ගොස් ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේට විරුද්ධව කළාවූ මේ අපරාධය කිමෙක්ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්