Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 10:8 - Sinhala Revised Old Version

8 නුඹ මට පෙරටුව ගිල්ගාල්ට යන්න; මම වනාහි දවන පූජා ඔප්පුකරන පිණිසත් ශාන්ති පූජාවල යාගයන් පූජාකරන පිණිසත් නුඹ ළඟට එන්නෙමි. මා නුඹ ළඟට ඇවිත් නුඹ කළයුතු දේ නුඹට දන්වන තුරු සත් දවසක් බලාසිටින්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 ඔබ මට පෙරටුව ගිල්ගාල්ට යන්න. මම දවන යාග පූජා ඔප්පු කරන පිණිසත්, ශාන්ති පූජාවල යාගයන් පූජා කරන පිණිසත් ඔබ ළඟට එන්නෙමි. මා ඔබ ළඟට අවුත්, ඔබ කළ යුතු දේ ඔබට දන්වන තුරු සත් දවසක් බලා සිටින්න.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 ඔබ මට පෙරටුව ගිල්ගාල්ට යන්න. මම දවන යාග පූජා ඔප්පු කරන පිණිසත්, ශාන්ති පූජාවල යාගයන් පූජා කරන පිණිසත් ඔබ ළඟට එන්නෙමි. මා ඔබ ළඟට අවුත්, ඔබ කළ යුතු දේ ඔබට දන්වන තුරු සත් දවසක් බලා සිටින්න.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 10:8
7 හුවමාරු යොමු  

සාවුල් විසින් පිලිස්තිවරුන්ගේ මුර සමුදාවට පහරදුන් බවත් පිලිස්තිවරුන් ඉශ්‍රායෙල්ට පිළිකුල්කළ බවත් සියලු ඉශ්‍රායෙල්වරුන්ට සැලවිය. සෙනඟද ගිල්ගාල්හි සිටිය සාවුල් වෙතට රැස්වූවෝය.


සාමුවෙල්ද: නුඹේ කඩුව ස්ත්‍රීන් දරුවන් නැති අය කළාක්මෙන් නුඹේ මෑණියොත් ස්ත්‍රීන් අතරෙහි දරුවන් නැත්තියක් වන්නීයයි කීය. සාමුවෙල් ගිල්ගාල්හිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ආගග් කැබලිකොට කපාදැමුවේය.


ඔහු උගේ තෙල සහ පිටිකොන්ද ළඟින් කපාගන්න මුළු තර වල්ගයද අතුණු වැසී තිබෙන තෙලද අතුණු පිට තිබෙන තෙල සියල්ලද,


මෙසේ සෙනඟ පළමුවෙනි මස දසවෙනිදා යොර්දානෙන් නැගී අවුත් යෙරිකෝවට නැගෙනහිර දිශාවෙන් ගිල්ගාල්හි කඳවුරු බැඳ ගත්තෝය.


තවද බහුරීම්හි බෙන්යමිය ගේරාගේ පුත්‍රවූ ෂිමෙයි ඉක්මන්කර යූදා මනුෂ්‍යයන් සමඟ දාවිත් රජුගේ පෙරමගට බැස ආවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්