Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 22:11 - Sinhala Revised Old Version

11 එවිට රූබෙන් පුත්‍රයන්ද ගාද් පුත්‍රයන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද කානාන් දේශය ඉදිරිපිට ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ පැත්තෙහි යොර්දාන අසබඩ පළාතේ පූජාසනයක් ගොඩනගා තිබේයයි ඉශ්‍රායෙල් පුත්‍රයන්ට ආරංචිවිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 එවිට, රූබන් ගෝත්‍රයේ සෙනඟ ද ගාද් ගෝත්‍රයේ සෙනඟ ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ සෙනඟ ද කානාන් දේශයේ ඉදිරිපිට ඉශ්රායෙල් සෙනඟ වාසය කළ පැත්තෙහි ජොර්දාන් ගඟ අසබඩ පළාතේ පූජාසනයක් ගොඩනඟා තිබේ යයි ඉශ්රායෙල් සෙනඟට ආරංචි විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 එවිට, රූබන් ගෝත්‍රයේ සෙනඟ ද ගාද් ගෝත්‍රයේ සෙනඟ ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ සෙනඟ ද කානාන් දේශයේ ඉදිරිපිට ඉශ්රායෙල් සෙනඟ වාසය කළ පැත්තෙහි ජොර්දාන් ගඟ අසබඩ පළාතේ පූජාසනයක් ගොඩනඟා තිබේ යයි ඉශ්රායෙල් සෙනඟට ආරංචි විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 22:11
13 හුවමාරු යොමු  

මේ කාරණා සිද්ධවුණේ යොහන් බව්තීස්මකරමින් සිටි යොර්දානෙන් එගොඩ බෙතානියේදීය.


ඒ මනුෂ්‍යයෝ යොර්දානට යන මාර්ගයෙන් තොටුපළවල් දක්වා ඔවුන් පස්සේ එළවාගන ගියෝය. ඔවුන් පස්සේ එළවාගන ගිය අය පිටතට ගිය හැටියේම දොර වසනලද්දේය.


එවිට යේසුස්වහන්සේගේ ශරීරය තබනලද ස්ථානයෙහි සුදු වස්ත්‍ර හඳනාලද දේවදූතයන් දෙදෙනෙක් එක්කෙනෙක් හිස ළඟද එක්කෙනෙක් පාද ළඟද ඉඳගෙන ඉන්නවා දුටුවාය.


සතියේ පළමුවෙනිදා අලුයම් වේලේ, අඳුර තිබියදීම, මග්දලායේ මරියා සොහොන්ගේ ළඟට ගොස්, සොහොන්ගෙයින් ගල අහක්කොට තිබෙන බව දුටුවාය.


ගිලියද්වරු එප්‍රායිම්ට යන යොර්දාන් තොටුපල් අල්ලාගත්තෝය. තවද පලාගිය එප්‍රායිම්වරුන්ගෙන් යමෙක් ඇවිත්: මට එගොඩවෙන්ට අරින්නැයි කී කල ගිලියද් මනුෂ්‍යයෝ: නුඹ එප්‍රායිමියයෙක්දැයි ඔහුගෙන් අසති;


කානාන් දේශයෙහි තිබෙන යොර්දානේ අසබඩ පළාතට ඔවුන් පැමුණුණ කල රූබෙන් පුත්‍රයෝද ගාද් පුත්‍රයෝද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද එහි යොර්දාන ළඟ පූජාසනයක් එනම් දැකීමට මහත් පූජාසනයක් ගොඩනැගුවෝය.


නුඹලා අද දවසේ ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිගසන පිණිස පූජාසනයක් ගොඩනගා ගැනීමෙන් නුඹලා අද ස්වාමීන්වහන්සේ වෙතින් අහක්ව ගොස් ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේට විරුද්ධව කළාවූ මේ අපරාධය කිමෙක්ද?


නුඹලාගේ උරුම දේශය අපවිත්‍ර නම් ස්වාමීන්වහන්සේගේ මණ්ඩපය පිහිටුවා තිබෙන උන්වහන්සේගේ උරුම දේශයට එතරව අප අතරේ උරුමය ගන්න. නුමුත් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පූජාසනය හැර නුඹලාට වෙන පූජාසනයක් ගොඩනැගීමෙන් ස්වාමීන්වහන්සේටත් අපටත් විරුද්ධව කැරළි නොගසන්න.


නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය පිහිටුවන්ට තෝරාගන්නාවූ ස්ථානයට මා විසින් නුඹලාට අණකරන නුඹලාගේ දවන පූජාද යාග පූජාද දසයෙන් කොටස්ද නුඹලාගේ අතෙහි එසවීම් පූජාවද නුඹලා කැමැත්තෙන්ම වෙන්නාවූ නුඹලාගේ සියලු විශිෂ්ට බාරද ගෙනවුත්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්