දුෂ්ටයන් පිට උන්වහන්සේ මලපත් වස්වනසේක; ගිනිද ගෙන්දගම්ද දවන සුළඟද ඔවුන්ගේ කුසලානට බෙදෙන කොටස වන්නේය.
යෙසායා 66:15 - Sinhala Revised Old Version මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ගේ උදහස කෝපයෙන්ද තමන්ගේ තර්ජනය ගිනිදැල්වලින්ද ඉෂ්ටකරන පිණිස ගිනි සහිතවද උන්වහන්සේගේ රථ සුළිහුළඟ මෙන්ද එනවා ඇත. Sinhala New Revised Version සමිඳාණෝ ගිනිදලු සහිත ව වඩින සේක. එතුමන්ගේ රථ වාහන සුළිසුළඟ මෙන් වන්නේ ය. සතුරන් වෙත එතුමන්ගේ ඉමහත් කෝපය විදහා පාන සේක. ගිනිදැල් මෙන් චෝදනා නඟන සේක. Sinhala New Revised Version 2018 සමිඳාණෝ ගිනිදලු සහිත ව වඩින සේක. එතුමන්ගේ රථ වාහන සුළිසුළඟ මෙන් වන්නේ ය. සතුරන් වෙත එතුමන්ගේ ඉමහත් කෝපය විදහා පාන සේක. ගිනිදැල් මෙන් චෝදනා නඟන සේක. |
දුෂ්ටයන් පිට උන්වහන්සේ මලපත් වස්වනසේක; ගිනිද ගෙන්දගම්ද දවන සුළඟද ඔවුන්ගේ කුසලානට බෙදෙන කොටස වන්නේය.
ඔබ කෝපවූ කල ඔවුන් ගිනි උදුනක්මෙන් කරනසේක. ස්වාමීන්වහන්සේ තමන් උදහසින් ඔවුන් නැතිකර දමනසේක, ගින්නද ඔවුන් දවා ලන්නේය.
අපේ දෙවියන්වහන්සේ වඩිනසේක, නිශ්ශබ්ද නොවනසේක. උන්වහන්සේ ඉදිරියෙහි ගින්නක් විනාශකරන්නේය, උන්වහන්සේ හාත්පසින්ද සැර කුණාටු අධිකවන්නේය.
දෙවියන්වහන්සේගේ රථ විසිදහසක්ය, දහස්වර දහස් ගණන්ය. ස්වාමීන්වහන්සේ සීනයිහි මෙන්, ශුද්ධස්ථානයෙහි, ඒවා මැද වනසේක.
ඉශ්‍රායෙල්වරුන්ගේ ආලෝකය ගින්නක් පිණිසද ඔවුන්ගේ ශුද්ධ තැනන්වහන්සේ ගිනි දළුවක් පිණිසද වන්නේය. එය ඔහුගේ කටු ගස් හා ගොකටු එක දවසේදීම දවා නැතිකර දමන්නේය.
ස්වාමීන්වහන්ස, ඔබගේ හස්තය ඔසවා තිබෙන නුමුත් ඔව්හු නොදකිති. එහෙත් සෙනඟ උදෙසා ඇති ඔබගේ ජ්වලිතය දැක ඔව්හු ලජ්ජාවන්නෝය; එසේය, ගින්න ඔබගේ සතුරන් දවා දමන්නේය.
ස්වාමීන්වහන්සේද තමන්ගේ මහිමාන්විත හඬ අස්වනසේක, උන්වහන්සේ තමන් කෝපයේ උදහසත් දවා දමන ගිනිදළුවත් වාතවේගයත් කුණාටුවත් ගල් වර්ෂාවත් ඇතිව තමන් හස්තයේ පහළවීම පෙන්වනසේක.
මක්නිසාද පුරාණයේ සිට තෝපෙත් ගින්න පිළියෙළකර තිබේ; එසේය, රජුට ඒක සූදානම්කොට ගැඹුරුකර පළල්කර තිබේ. ඒ ගොඩ වනාහි ගිනි සහ දර සෑයක්ය; ගෙන්දගම් ඔයක් වැනි ස්වාමීන්වහන්සේගේ හුස්මට එය ඇවිළීයයි.
ඔහුගේ පර්වතය භීතිය නිසා පහවී, ඔහුගේ අධිපතීහු කොඩියට කැලඹෙන්නෝයයි සියොන්හි ගින්නක්ද යෙරුසලමෙහි උඳුනක්ද ඇත්තාවූ ස්වාමීන්වහන්සේ කියනසේක.
එබැවින් ස්වාමීන්වහන්සේගේ උදහස තමන්ගේ සෙනඟට විරුද්ධව ඇවිළ, උන්වහන්සේ ඔවුන්ට විරුද්ධව තමන්ගේ අත දිගුකොට, හෙල් චංචලවෙන්ටත් ඔවුන්ගේ මළකඳන් කසළ මෙන් වීථිවල තිබෙන්ටත් ඔවුන්ට පහරදුන්සේක. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී, උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.
ඔවුන්ගේ ඊගස් තියුණුකර තිබේ, ඔවුන්ගේ සියලු දුනු තැත්කවා තිබේ; ඔවුන්ගේ අසුන්ගේ කුර ගිනිගල්ද ඔවුන්ගේ රථචක්‍ර සුළිහුළඟද කොට ගණන්ගනු ලැබේ.
නුඹේ පුත්‍රයෝ ස්වාමීන්වහන්සේගේ කෝපය වන නුඹේ දෙවියන්වහන්සේගේ තරවටුකිරීමෙන් පිරී, ක්ලාන්තවී, දැලක අසුවුණ ගෝනෙකු මෙන් සියලු වීථි සන්ධිවල වැටී සිටිති.
බලව, ඔහු වලාකුල් මෙන්ද ඔහුගේ රථ සුළි හුළඟක් මෙන්ද නැගී එන්නේය. ඔහුගේ අශ්වයෝ රාජාලීන්ට වඩා ශීඝ්‍රය. අහෝ අපට දුක්වේ! මක්නිසාද අපි නාස්තිවීමුව.
මක්නිසාද ස්වාමීන්වහන්සේ යූදාහි මනුෂ්‍යයන්ටත් යෙරුසලමටත් මෙසේ කියනසේක: කටු අතරේ නොවපුරා පුරන්බිම කොටාගන්න.
නුඹේ බලසම්පන්න අය පහකරදමනු ලැබුවේ මක්නිසාද? ඔවුන් නොහිටියේ ස්වාමීන්වහන්සේ ඔවුන් පන්නාදැමූ නිසාය.
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව නුඹ පමුණුවන්නෙමියි කියා පුරාණ කාලයේ අවුරුදුවල අනාගතවාක්‍ය කීවාවූ මාගේ දාසයන්වූ ඉශ්‍රායෙල් අනාගතවක්තෘවරුන් ලවා මා ඒ දවස්වල කියෙවුවේ නුඹ ගැන නොවේද?
මා විසින් උදහසින්ද කෝපයෙන්ද රෞද්‍ර තරවටුවලින්ද නුඹ තුළ විනිශ්චයන් ඉෂ්ටකරන කල්හිත්, විනාශකරන්නාවූ, නුඹලා විනාශ කිරීමට මා එවන්නාවූ සාගතය නැමති විපත්ති-ඊගස් මා නුඹලා අතරට එවන කල්හිත්,
තීන්දුවේ කාලයේදී දකුණු දිශාවේ රජ ඔහුට විරුද්ධව පැමිණෙන්නේය. නුමුත් උතුරු දිශාවේ රජ කුණාටුවක් මෙන් රථද අසරුවන්ද බොහෝ නැව්ද ඇතුව ඔහුට විරුද්ධව ඇවිත්, දේශවලට වැද, ජලය මෙන් ගලාගන සැරෙන් පැමිණෙන්නේය.
ගිනිමය ගංගාවක් උන්වහන්සේ ඉදිරියෙන් ගලාගන ගියේය. දහසක් වර දහස් දෙනෙක් උන්වහන්සේට සේවයකළෝය, දස දහසක් වර දසදහස් දෙනෙක්ද උන්වහන්සේ ඉදිරියේ සිටියෝය. විනිශ්චයකාර සභාව හිඳගත්තාය, පොත්ද දිග අරිනලද්දේය.
ඔව්හු හුළඟ වපුරා, සුළිහුළඟ කපාගන්නෝය. ඔවුන්ට ගොයම් නැත; කොළවල කරල් නැත; තිබුණත්, අන්‍ය දේශීන් ඒවා ගිලගන්නවා ඇත.
ස්වාමිවූ දෙවියන්වහන්සේ මට මෙසේ පෙන්නූසේක: බලව, ගින්නෙන් ප්‍රතිඵලදීමට ස්වාමිවූ දෙවියන්වහන්සේ අඬගැසූසේක. ඊට මහත් ගැඹුර සහ භූමි කොටසක් දාගියේය.
උන්වහන්සේගේ කෝපය ඉදිරියෙහි සිටින්ට පුළුවන් කාටද? උන්වහන්සේගේ බලවත් උදහසේදී පවතින්නේ කවුද? උන්වහන්සේගේ කෝපය ගිනි මෙන් වැගිරෙන්නේය, පර්වතද උන්වහන්සේ ඉදිරියෙහි කඩාවැටෙන්නේය.
ස්වාමීන්වහන්ස, ඔබගේ උදහස ගංගාවලට විරුද්ධව ඇවුළුණේද? එය ගංගාවලට විරුද්ධව තිබුණේද? ඔබගේ අසුන් පිටද ගැළවීම නැමති ඔබගේ රථවලද ඔබ නැගී ගියේ ඔබගේ කෝපය මුහුදට විරුද්ධව තිබුණු නිසාද?
නැවත මම මාගේ ඇස් ඔසවා බැලූ විට රථ සතරක් කඳු දෙකකට අතරෙන් පිටත්ව එනවා දුටිමි; ඒ කඳු වනාහි පිත්තල කඳුය.
රජ්ජුරුවෝ උදහස්වී, තමාගේ යුද්ධසේනාවන් යවා ඒ මිනීමරුවන් විනාශකොට, ඔවුන්ගේ නුවර ගිනිලැවුවේය.
නුඹ විසින් මා අත්හැරීමෙන් කළාවූ නුඹේ නපුරු ක්‍රියා නිසා නුඹ විනාශව ඉක්මනින් නැතිව යන තෙක්, නුඹ කරන්ට අත තබන සියල්ලේදී ස්වාමීන්වහන්සේ ශාපයද පරාජයද තරවටුවද නුඹ පිටට එවනසේක.
නුමුත් දැන් පවතින අහසද පොළොවද එම වචනයෙන් විනිශ්චයෙත් අභක්තිකයන්ගේ විනාශයෙත් දවස දක්වා ඉතුරුකරනු ලැබ ගින්නෙන් දැවීමට තබා තිබේ.