Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 46:15 - Sinhala Revised Old Version

15 නුඹේ බලසම්පන්න අය පහකරදමනු ලැබුවේ මක්නිසාද? ඔවුන් නොහිටියේ ස්වාමීන්වහන්සේ ඔවුන් පන්නාදැමූ නිසාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 නුඹලාගේ බලසම්පන්න ගව දෙවියා පලා ගියේ ය. ඔහුට ස්ථිර ව සිටීමට නොහැකි වී ද? සමිඳාණෝ ඔහුට පහර දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 නුඹලාගේ බලසම්පන්න ගව දෙවියා පලා ගියේ ය. ඔහුට ස්ථිර ව සිටීමට නොහැකි වී ද? සමිඳාණෝ ඔහුට පහර දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 46:15
12 හුවමාරු යොමු  

දුම් පහව යන්නාක්මෙන් ඔවුන් පහ කළ මැනව. ගිනි ඉදිරිපිට ඉටි දියවන්නාක්මෙන් දුෂ්ටයෝ දෙවියන්වහන්සේ හමුවෙහි විනාශවෙත්වා.


ඔවුන් කැලඹී පස්සට හැරෙනවා මට පෙනුණේ මක්නිසාද? ඔවුන්ගේ බලවන්තයෝ පොඩිකරනු ලැබ, පස්ස නොබලා පලායන්ටම යෙදුණෝය. වටකරින්ම භීතිය ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


මක්නිසාද ඔබ මාගේ ඉණ බලයෙන් සැරසූසේක. මට විරුද්ධව නැගුටුණු අය ඔබ මා යටතේ මැඩපැවැත්වූසේක.


උන්වහන්සේ තමන් ඊගස් විද ඔවුන් විසිරවූසේක; එසේය, බොහෝ විදුළි එවා ඔවුන් පරාජයකළසේක.


ඈ තුළ සිටින ඇගේ කුලීකාර හේවායොත් තර කරපු වස්සන්ට සමානය; මක්නිසාද ඔව්හු පවා පස්සට හැරී එක්ව පලාගියෝය. ඔවුන්ගේ විපත්ති දවස එනම් ඔවුන්ට දඬුවම්කිරීමේ කාලය ඔවුන් පිටට පැමුණුණු නිසා ඔව්හු නොසිටියෝය.


ඔබ ස්වකීය හස්තයෙන් ජාතීන් පිටත එළවා, මොවුන් වාසයකෙරෙවුසේක; ඔබ මනුෂ්‍ය වර්ගයන්ට පීඩාකොට මොවුන් පැතිරවූසේක.


ස්වාමීන්වහන්සේ මේ සියලු ජාතීන් නුඹලා ඉදිරියෙන් පන්නාදමනවා ඇත, නුඹලාද නුඹලාට වඩා මහත්වූ බලවත්වූ ජාතීන් අත්පත් කරගන්නවා ඇත.


එවිට ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: මා විසින් ඵාරාවෝට කරන දේ දැන් නුඹ දක්නෙහිය. මක්නිසාද ඔහු බලවත් අතක් කරණකොටගෙන ඔවුන් යන්ට හරින්නේය, ඔහු බලවත් අතක් කරණකොටගෙන තමාගේ රටින් ඔවුන් පන්නාහරින්නේයයි කීසේක.


දෙවියන්වහන්සේ නැගිටිනසේක්වා, උන්වහන්සේගේ සතුරෝ විසිර යෙත්වා; උන්වහන්සේට වෛරවන්නෝද උන්වහන්සේ ඉදිරියෙන් පලායෙත්වා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්