Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 66:15 - Sinhala New Revised Version

15 සමිඳාණෝ ගිනිදලු සහිත ව වඩින සේක. එතුමන්ගේ රථ වාහන සුළිසුළඟ මෙන් වන්නේ ය. සතුරන් වෙත එතුමන්ගේ ඉමහත් කෝපය විදහා පාන සේක. ගිනිදැල් මෙන් චෝදනා නඟන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 සමිඳාණෝ ගිනිදලු සහිත ව වඩින සේක. එතුමන්ගේ රථ වාහන සුළිසුළඟ මෙන් වන්නේ ය. සතුරන් වෙත එතුමන්ගේ ඉමහත් කෝපය විදහා පාන සේක. ගිනිදැල් මෙන් චෝදනා නඟන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ගේ උදහස කෝපයෙන්ද තමන්ගේ තර්ජනය ගිනිදැල්වලින්ද ඉෂ්ටකරන පිණිස ගිනි සහිතවද උන්වහන්සේගේ රථ සුළිහුළඟ මෙන්ද එනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 66:15
33 හුවමාරු යොමු  

මීට කලකට පෙර අසිරියාවේ රජ්ජුරුවන් පුළුස්සාදමන මහා ගින්නක් ඇති තැනක් සූදානම්කර තිබුණේ ය. එය ඉතා ගැඹුරු ය, පළල් ය. එහි උසට දර ගොඩ ගසා ඇත. එහි ගිනි දල්වන පිණිස සමිඳාණන් වහන්සේ ගිනි වැනි හුස්මක් ඒ පිට හෙළන සේක.


රජතුමා උදහස් වී, තමාගේ යුද්ධ සේනා යවා ඒ මිනීමරුවන් විනාශ කොට ඔවුන්ගේ නුවර ගිනි ලැවී ය.


එතුමාණන් පෙරටුවෙන් ගින්නක් යන්නේ ය; එය එතුමන් සිසාරා සිටින සතුරන් දවාලන්නේ ය.


යුද්ධ රථ දසදහස් ගණන් සමඟ සමිඳාණෝ සීනයි කන්දෙන් ශුද්ධස්ථානයට වඩින සේක.


ඔබේ කෝපය ඔවුන්ට බුර බුරා නඟින ගිනි උදුනක් වනු ඇත, හිමි තුමාණෝ සිය උදහසින් ඔවුන් වනසාලන සේක. ගින්නකින් මෙන් ඔවුන් දවා ලන සේක.


දුදනන් මත ගිනි පුපුරු වස්වන සේක; ගෙන්දගම් දවා පුළුස්සන සුළඟ ද ඔවුන් හිස පිටට එවන සේක.


සමිඳාණන් වහන්සේ ජුදාහි ද ජෙරුසලමෙහි ද වැසියන්ට මෙසේ වදාරන සේක: “කටු අතරේ නොවපුරා පුරන් බිම් කොටා ගන්න.


අපේ දෙවිඳාණෝ වඩින සේක; නිහඬ ව නොසිටින සේක. එතුමන් අබිමුව විනාශකාරී ගින්නක් ඇත; එතුමන් සිසාරා චණ්ඩ මාරුතයක් හමයි.


දෙවි සමිඳාණන් වහන්සේ මට මේ දර්ශනය දැක්වූ සේක: උන් වහන්සේ ගින්නකින් සෙනඟට දඬුවම් කරන්න සූදානම් වන බව මම දිටිමි. ඒ ගින්න ජල පොළොව දවා, ගොඩබිම ද දවන්න පටන්ගත්තේ ය.


“නියමිත අවසාන කාලයේ දී, මිසරයේ රජ ඔහුට විරුද්ධ ව පැමිණෙන්නේ ය. එහෙත්, සිරියාවේ රජු සුළි සුළඟක් සේ රථවාහන ද අසරුවන් ද බොහෝ නැව් ද සමඟ ඔහුට විරුද්ධ ව සටනට එළඹෙන්නේ ය. ඔහු ගලා යන ජලගැල්මක් සේ රටවල් උඩින් කඩා බිඳගෙන යන්නේ ය.


දැන් පවතින අහස හා පොළොව, එම වචනයෙන් ම, විනිශ්චයේ හා අභක්තිකයන්ගේ විනාශයේ දවස දක්වා, ගිනිබත් කිරීම පිණිස ඉතිරි කොට තබා ඇති බව ද ඔව්හු අමතක කරති.


“ඔබේ නපුරු ක්‍රියාවලින් ඔබ සමිඳාණන් වහන්සේ අත්හළ නිසා උන් වහන්සේ ඔබ නාස්ති වී, විගස වැනසී යන තෙක් ඔබටත් ඔබේ වැඩකටයුතු සියල්ලටත් සාපය ද වියවුල් ද තර්ජන ද පමුණුවන සේක.


සමිඳුන්ගේ උදහස සෙනඟට විරුද්ධ ව ඇවිළී ඇත. ඔවුන්ට දඬුවම් කිරීමට එතුමාණෝ අත ඔසවා ඔවුන්ට පහර දුන් සේක. එවිට කඳු කම්පා වනු ඇත; මැරෙන අයගේ මළකඳන් කුණු කසළ මෙන් වීථිවල දමා තිබෙනු ඇත. මේ සියල්ල සිදු වුවත් සමිඳුන්ගේ උදහස නිවී නැත. ඔවුන්ට දඬුවම් කරන පිණිස එතුමන් ඔසවාගත් තම හස්තය එසේ ම තිබෙනු ඇත.


ඔවුන්ගේ ඊතල තියුණු කර තිබේ; දුනු සියල්ල තැත් කවා තිබේ. ඔවුන්ගේ අශ්වයන්ගේ කුර ගිනිගල් මෙන් ශක්තිමත් ය; රථවල රෝද සුළි සුළඟ මෙන් වේගවත් ව කැරකෙයි.


ඉශ්රායෙල්ගේ ආලෝකය වන දෙවිඳාණෝ ගින්නක් වන සේක. ඉශ්රායෙල්ගේ ශුද්ධ දෙවිඳාණෝ ගිනි දැල්ලක් මෙන් වී කටු ගස් ද ගොකටු ද එක දවසක දී ම විනාශ කර දමන සේක.


ඔවුන්ට දඬුවම් කිරීමට ඔබේ හස්තය එසවී ඇත. එහෙත්, ඔව්හු ඒ බව නොදනිති. සමිඳුනි, ඔවුන් ලජ්ජාවට පමුණුවා ඔවුන් දුකට පත් කළ මැනව. ඔබ අදහස් කළ දඬුවමින් ඔව්හු දුක් විඳිත් වා! ඔබේ සෙනඟට ඔබ කෙතරම් ප්‍රේම කරන සේක් දැ යි ඔවුන්ට පෙන්වුව මැනව.


ඔවුන්ගේ රජ භීතියෙන් පලා යන්නේ ය. නිලධාරීහු තැතිගෙන ඔවුන්ගේ ධජ සංකේතය ඉවත දමන්නෝ ය. මෙසේ පවසන්නේ ඉශ්රායෙල්හි නමස්කාරය ලබන, එහි දවන යාග පූජා ලබන සමිඳාණෝ ය.”


නුඹේ පුත්‍රයෝ සමිඳුන්ගේ කෝපයෙන්, නුඹේ දෙවිඳුන්ගේ තරවටුවෙන් මිරිකී, ක්ලාන්ත වී දැලක අසු වූ ගෝනෙකු මෙන් සියලු වීථි සන්ධිවල වැටී සිටිති.


“බලන්න, සතුරා වලාකුළු මෙන් ද ඔහුගේ රථ සුළි සුළඟක් මෙන් ද නැඟී එන්නේ ය. ඔහුගේ අශ්වයෝ රාජාලින්ට වඩා ශීඝ්‍ර ය. අහෝ, අපට වන විපතක මහත! අපි විනාශයි!


සාමයෙන් පැවති ඔවුන්ගේ දේශය සමිඳාණන් වහන්සේගේ කෝපය කරණකොටගෙන විනාශයට පත් වී ඇත.


නුඹලාගේ බලසම්පන්න ගව දෙවියා පලා ගියේ ය. ඔහුට ස්ථිර ව සිටීමට නොහැකි වී ද? සමිඳාණෝ ඔහුට පහර දුන් සේක.


මා උදහසින් ද කෝපයෙන් ද රුදුරු දඬුවම්වලින් ද මාගේ නියෝගයන් නුඹ වෙත ඉෂ්ට කරන කල්හි නුඹ අවට සිටින සියලු විජාතීන් භීතියෙන් ඇලළී යනු ඇත. නුඹලා අවට සිටින විජාතීන්ට එය නින්දාවක් සහ සරදමක් ද යස පාඩමක් හා භීතියක් ද වන්නේ ය. මෙසේ පවසන්නේ, සමිඳාණන් වහන්සේ වන මම ය.


මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව නුඹ පමුණුවන්නෙමි යි පෙර කාලයේ දිවැස් වැකි කී මාගේ දාසයන් වූ ඉශ්රායෙල් දිවැසිවරුන් මඟින් මා ඒ දවස්වල කීවේ නුඹ ගැන නොවේ ද?’ “


ඔව්හු සුළඟ වපුරා, සුළි සුළඟ කපාගනිති; ගොයම් කරල් නැත, කරල් තිබුණත් විදේශීන් ඒවා ගිලදමනු ඇත.


උන් වහන්සේගේ කෝපයට මුහුණ පෑ හැක්කේ කවරෙකුට ද? උන් වහන්සේගේ ඇවිලෙන උදහසේ දී නොනැසී සිටිය හැක්කේ කවරෙකුට ද? උන් වහන්සේගේ කෝපාග්නිය දැල්වෙන විට පර්වත පවා ධූලි මෙන් උන් වහන්සේ ඉදිරියෙහි ඇද හැළෙන්නේ ය.


සමිඳුනි, ඔබ උදහස් වුණේ ගංගාවන්ට විරුද්ධ ව ද? කෝප වුණේ මුහුදට විරුද්ධ ව ද? ඔබ අසුන් පිට නැඟී එන විට ඔබේ ඒ ගමන ජයග්‍රහණය සඳහා ය.


එතුමාණෝ අහස නමාගෙන පහළ වූ සේක. එතුමන්ගේ පා යට ගන’ඳුර පැවතිණි.


සමිඳාණන් වහන්සේ තමන්ගේ මහිමාන්විත හඬ සියල්ලන්ට ඇසෙන්නට සලස්වා තමන්ගේ උදහසේ තද පරුෂකම සියල්ලන්ට දැනෙන්නට සලස්වන සේක. එවිට ගිනි දලු ද ධාරානිපාත වර්ෂාව ද වැහි කුණාටු ද ගල් වර්ෂා ද ඇති වන්නේ ය.


ගිනිමය ගංගාවක් උන් වහන්සේ ඉදිරියෙන් ගලාගෙන ගියේ ය. ලක්ෂ සංබ්‍යාත පිරිසක් උන් වහන්සේට උපස්ථාන කළහ. කෝටි ප්‍රකෝටි සංබ්‍යාත පිරිසක් උන් වහන්සේ ඉදිරියේ සිටියහ. අධිකරණ සභාව අසුන් ගත්තා ය. පොත් දිගඅරින ලද්දේ ය.


මම හිස ඔසවා බැලූ විට කඳු දෙකක් අතරෙන් රථ සතරක් පිට වී එනවා දිටිමි. ඒ කඳු ලෝකඩ කඳු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්