යෙසායා 63:17 - Sinhala Revised Old Version ස්වාමීන්වහන්ස, ඔබගේ මාර්ගවලින් අප මුළාවයන්ටත් ඔබ කෙරෙහි භය නොවන සේ අපේ සිත් දැඩිවෙන්ටත් හරින්නේ මක්නිසාද? ඔබගේ උරුම-ගෝත්‍ර වන ඔබගේ මෙහෙකරුවන් නිසා හැරී අව මැනව. Sinhala New Revised Version සමිඳුනි, ඔබේ මාර්ගවලින් අප මුළාව යන්නත්, ඔබ කෙරෙහි බිය නොවන සේ අපේ සිත් දැඩි වන්නත් හරින්නේ කුමක් නිසා ද? ඔබේ සේවකයන් නිසාත්, ඔබේ උරුමයට අයිති ගෝත්‍ර නිසාත් අප වෙත හැරී එනු මැනව. Sinhala New Revised Version 2018 සමිඳුනි, ඔබේ මාර්ගවලින් අප මුළාව යන්නත්, ඔබ කෙරෙහි බිය නොවන සේ අපේ සිත් දැඩි වන්නත් හරින්නේ කුමක් නිසා ද? ඔබේ සේවකයන් නිසාත්, ඔබේ උරුමයට අයිති ගෝත්‍ර නිසාත් අප වෙත හැරී එනු මැනව. |
අයුතුකම්කරන මනුෂ්‍යයන් සමඟ දුෂ්ට ක්‍රියාවල පවතින ලෙස, කිසි නපුරු දෙයකට මාගේ සිත යොමුවෙන්ට නොහළ මැනව; ඔවුන්ගේ මිහිරි දේද අනුභව නොකරෙමේවා.
මෝසෙස් සහ ආරොන් ඵාරාවෝ ඉදිරියෙහි මේ සියලු ආශ්චර්යයන් කළෝය. ස්වාමීන්වහන්සේ ඵාරාවෝගේ සිත දැඩිකළසේක, ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන් තමාගේ දේශයෙන් යන්ට නොහැරියේය.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹ මිසරයට නැවත පැමිණි කල්හි මා විසින් නුඹේ අතෙහි තැබූ සියලු ආශ්චර්යයන් ඵාරාවෝ ඉදිරියේ කරන්ට බලාගන්න. එහෙත් සෙනඟ යන්ට නොහරින ලෙස මම ඔහුගේ සිත දැඩිකරන්නෙමි.
මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ කථාකොට: මාගේ සෙනඟවූ මිසරයටත් මාගේ හස්තකර්මාන්තයවූ අෂූර්ටත් මාගේ උරුමයවූ ඉශ්‍රායෙල්ටත් ආශීර්වාදවේවයි කියා ඔවුන්ට ආශීර්වාදකළසේක.
ස්වාමීන්වහන්සේ කථාකොට: මේ සෙනඟ තමුන්ගේ මුඛයෙන් ළංවී තමුන්ගේ තොල්වලින් මට ගෞරවකරන නුමුත්, ඔවුන්ගේ සිත මාගෙන් දුරුකරගත් බැවින්ද, මා කෙරෙහි තිබෙන ඔවුන්ගේ භය මනුෂ්‍යයන්ගෙන් ඉගෙනගත් ආඥාවක්ව තිබෙන බැවින්ද,
මම තවත් මේ සෙනඟ අතරේ පුදුම ක්‍රියාවක් එනම් පුදුමවූ අපූරු ක්‍රියාවක් කරන්ට පටන්ගන්නෙමි. ඔවුන්ගේ ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව නැතිවී යන්නේය, ඔවුන්ගේ නැණවතුන්ගේ නුවණද සැඟවීයන්නේයයි කීසේක.
උන්වහන්සේගේ හුස්මද උතුරා කුළල දක්වා ගලන ඔයක් මෙන් විනාශය නැමති කුල්ලෙන් ජාතීන් පොළන පිණිසත්, මුළාකරවන කටකලියාවක් ජනයන්ගේ හකුවල දමන පිණිසත් පැමිණෙන්නේය.
මේ සෙනඟ තමුන්ගේ ඇස්වලින් නොදැක, තමුන්ගේ කන්වලින් නොඅසා, තමුන්ගේ සිත්වලින් තේරුම් නොගෙන, නොහැරී සුවය නොලැබ සිටින පිණිස, ඔවුන්ගේ සිත දැඩිකර, ඔවුන්ගේ කන් බිහිරිකර, ඔවුන්ගේ ඇස් අඳුරුකරන්නැයි කීසේක.
තවද මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නා පිණිස, මම ඔවුන් අසරණ භාවයට පමුණුවන්ට, ගර්භයේ ප්‍රථම ඵලවූ සියලු කුලුඳුලන් ගිනි මැදින් යැවීමෙන් ඔවුන් දුන් ඔවුන්ගේම පඬුරුවලදී ඔවුන් අපවිත්‍ර බව ප්‍රකාශකෙළෙමි.
එවිට ස්වාමීන්වහන්සේගේ දූතයා උත්තරදෙමින්: සේනාවල ස්වාමීන්වහන්ස, ඔබ විසින් දැනට සැත්තෑ අවුරුද්දක් උදහස දැක්වූ යෙරුසලමටත් යූදාහි නුවරවලටත් කොපමණ කල් අනුකම්පා නොකර සිටිනසේක්දැයි කීවේය.
ගිවිසුම් පෙට්ටිය නැවතුණු කල ඔහු: ස්වාමීන්වහන්ස, ඉශ්‍රායෙල්වරුන්ගේ දහස් ගණන්වලින් දස දහස් දෙනා වෙතට හැරී අව මැනවයි කීවේය.
ඔවුන් තමුන්ගේ ඇස්වලින් නොදකින පිණිසත් හිතෙන් තේරුම් නොගන්නා පිණිසත් හරවනු නොලබන පිණිසත් මා විසින් සුවකරනු නොලබන පිණිසත් උන්වහන්සේ ඔවුන්ගේ ඇස් අන්ධකළසේක, ඔවුන්ගේ හිත් දැඩිකළසේකැයි කීය.
නුමුත් හෙෂ්බොන්හි රජවූ සීහොන් තමා ළඟින් යන්ට අපට ඉඩ දෙන්ට කැමති නූණේය. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මේ දවසේ තිබෙන්නාක් මෙන් ඔහු නුඹ අතට පාවාදෙන පිණිස ඔහුගේ ආත්මය දැඩිකොට ඔහුගේ සිත මුරණ්ඩු කළසේක.
මක්නිසාද ඉශ්‍රායෙල්වරුන් සමඟ යුද්ධ කරන්ට පැමිණීමට ඔවුන්ගේ සිත් දැඩිකර ගැනීම ස්වාමීන්වහන්සේගෙන් පැමුණුණු කාරණයක්ය. මෙසේ වුණේ ඔවුන්ට කරුණානොකර, ඔවුන් මුළුමනින්ම විනාශකර දමා, ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ පරිදි ඔහු විසින් ඔවුන් සිඳදමන පිණිසය.