Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 11:20 - Sinhala Revised Old Version

20 මක්නිසාද ඉශ්‍රායෙල්වරුන් සමඟ යුද්ධ කරන්ට පැමිණීමට ඔවුන්ගේ සිත් දැඩිකර ගැනීම ස්වාමීන්වහන්සේගෙන් පැමුණුණු කාරණයක්ය. මෙසේ වුණේ ඔවුන්ට කරුණානොකර, ඔවුන් මුළුමනින්ම විනාශකර දමා, ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ පරිදි ඔහු විසින් ඔවුන් සිඳදමන පිණිසය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 ඉශ්රායෙල්වරුන් සමඟ සටනට එළඹීමට ඔවුන්ගේ සිත් දැඩි කිරීම සමිඳාණන් වහන්සේ ම අදහස් කළ දෙයකි. මෙසේ කෙළේ, ඔවුන් කිසි දයාවක් නොලබා සහමුලින් ම විනාශකර දමනු ලබන පිණිස ය. මේ වනාහි සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ දේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 ඉශ්රායෙල්වරුන් සමඟ සටනට එළඹීමට ඔවුන්ගේ සිත් දැඩි කිරීම සමිඳාණන් වහන්සේ ම අදහස් කළ දෙයකි. මෙසේ කෙළේ, ඔවුන් කිසි දයාවක් නොලබා සහමුලින් ම විනාශකර දමනු ලබන පිණිස ය. මේ වනාහි සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ දේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 11:20
24 හුවමාරු යොමු  

මෙසේ උන්වහන්සේ කැමති කෙනෙකුට දයාවනසේක, කැමති කෙනෙකු දැඩිකරනසේක.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹ මිසරයට නැවත පැමිණි කල්හි මා විසින් නුඹේ අතෙහි තැබූ සියලු ආශ්චර්යයන් ඵාරාවෝ ඉදිරියේ කරන්ට බලාගන්න. එහෙත් සෙනඟ යන්ට නොහරින ලෙස මම ඔහුගේ සිත දැඩිකරන්නෙමි.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට පාවාදෙන සියලු මනුෂ්‍ය වර්ගයන් නැතිකරන්න; නුඹේ ඇස ඔවුන්ට අනුකම්පා නොකෙරේවා. ඔවුන්ගේ දෙවිවරුන්ට සේවය නොකරන්න; මක්නිසාද ඒක නුඹට මලපතක් වන්නේය.


නුමුත් හෙෂ්බොන්හි රජවූ සීහොන් තමා ළඟින් යන්ට අපට ඉඩ දෙන්ට කැමති නූණේය. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මේ දවසේ තිබෙන්නාක් මෙන් ඔහු නුඹ අතට පාවාදෙන පිණිස ඔහුගේ ආත්මය දැඩිකොට ඔහුගේ සිත මුරණ්ඩු කළසේක.


ඒ කාරණය ස්වාමීන්වහන්සේගෙන් පැමුණුණු බව ඔහුගේ මව්පියෝ නොදැන සිටියෝය; මක්නිසාද ඔහු පිලිස්තිවරුන්ට විරුද්ධව ප්‍රස්තාවක් සෙවුවේය. ඒ කාලයේදී පිලිස්තිවරු ඉශ්‍රායෙල් කෙරෙහි ආණ්ඩුකළෝය.


බලව, මම වනාහි මිසරවරුන්ගේ සිත් දැඩිකරන්නෙමි, ඔව්හු මොවුන් පස්සේ යන්නෝය. මම ඵාරාවෝද ඔහුගේ මුළු සේනාවද ඔහුගේ රථ සහ අසුරුවන්ද කරණකොටගෙන ගෞරව ලබන්නෙමි.


සැබවින් මා විසින් නුඹ ආරක්ෂාකළේ නුඹට මාගේ බලය පෙන්වන පිණිසත් මාගේ නාමය මුළු පොළොවෙහි ප්‍රකාශවෙන පිණිසත්ය.


මෙසේ ඔහු රජු සමඟ කථාකරද්දී අමශියා ඔහුට කථාකොට: නුඹ රජුගේ මන්ත්‍රියෙකු කොට පත්කෙළෙමුද? නිකම් සිටින්න; නුඹ මරනු ලබන්නේ කුමටදැයි කීවේය. එවිට ප්‍රොපේත තෙම නැවතී: නුඹ මාගේ දැනමිතිකම නොඅසා මේක කළ බැවින් දෙවියන්වහන්සේ නුඹ විනාශකරන්ට නියමකරගත් බව මට පෙනේයයි කීවේය.


මෙසේ රජ සෙනඟට ඇහුම්කන් නුදුන්නේය; මක්නිසාද ස්වාමීන්වහන්සේ පිලොනිය අහියා ලවා නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ට කියෙවු තමන්ගේ වචනය ඉෂ්ටකරන පිණිස ඒ කාරණය ස්වාමීන්වහන්සේගෙන් විය.


මනුෂ්‍යයෙකුට විරුද්ධව මනුෂ්‍යයෙක් පව්කළොත් දෙවියන්වහන්සේ ඔහුට යුක්තිය කරනවා ඇත. නුමුත් ස්වාමීන්වහන්සේට විරුද්ධව මනුෂ්‍යයෙක් පව්කළොත් ඔහු වෙනුවට මැදහත්වන්නේ කවුදැයි ඔවුන්ට කීවේය. නුමුත් ඔව්හු තමුන්ගේ පියාගේ හඬට ඇහුම්කන් නුදුන්නෝය, මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් නසන්ට අභිප්‍රාකළසේක.


ස්වාමීන්වහන්සේ ඵාරාවෝගේ සිත දැඩිකළසේක, ඔහු වනාහි ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කී ලෙස ඔවුන්ට ඇහුම්කන්නුදුන්නේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඵාරාවෝ වෙතට යන්න. මක්නිසාද මා විසින් ඵාරාවෝගේ සිතද ඔහුගේ සේවකයන්ගේ සිත්ද දැඩිකළේ ඔවුන් මධ්‍යයෙහි මාගේ ලකුණු දක්වන පිණිසත්


මෝසෙස් සහ ආරොන් ඵාරාවෝ ඉදිරියෙහි මේ සියලු ආශ්චර්යයන් කළෝය. ස්වාමීන්වහන්සේ ඵාරාවෝගේ සිත දැඩිකළසේක, ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන් තමාගේ දේශයෙන් යන්ට නොහැරියේය.


මම ඵාරාවෝගේ සිත දැඩිකරන්නෙමි, ඔහු ඔවුන් ලුහුබැඳ එන්නේය; මම ඵාරාවෝ සහ ඔහුගේ මුළු සේනාව කරණකොටගෙන ගෞරව ලබන්නෙමි; මිසරවරු මා ස්වාමීන්වහන්සේ බව දැනගන්නෝයයි කීසේක. ඔව්හු එසේ කළෝය.


ස්වාමීන්වහන්සේ මිසරයේ රජවූ ඵාරාවෝගේ සිත දැඩි කළසේක, ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන් ලුහුබැඳ ආයේය. මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයෝ ධෛර්යවත් ලෙස නික්ම ගියෝය.


අබ්සලොම්ද සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද: අහිතොපෙල්ගේ මන්ත්‍රණයට වඩා අර්කීය හූෂයිගේ මන්ත්‍රණය හොඳයයි කීවෝය. මක්නිසාද ස්වාමීන්වහන්සේ අබ්සලොම් පිටට නාස්තිය පමුණුවන පිණිස අහිතොපෙල්ගේ හොඳ මන්ත්‍රණය නිෂ්ඵල කරන්ට නියමකර තිබුණේය.


යෝරාම් ළඟට යාම නිසා අහසියාටවූ විනාශය දෙවියන්වහන්සේ කෙරෙන් විය. මක්නිසාද ඔහු ගිය කල ආහබ්ගේ වංශය සිඳ දමන පිණිස ස්වාමීන්වහන්සේ විසින් ආලේපකළාවූ නිම්ෂීගේ පුත්‍රවූ යේහුට විරුද්ධව ඔහු යෙහෝරාම් සමඟ ගියේය.


සේනාවල ස්වාමීන්වහන්සේ දිවුරා කථාකොට: මා යෝජනාකළ ලෙසම සිදුවන්නේය; මා අදහස්කළ ලෙසම ස්ථිරවන්නේය.


මක්නිසාද ස්වාමීන්වහන්සේ සෑම ජාතීන් කෙරෙහි උදහසද ඔවුන්ගේ සියලු සේනාවල් කෙරෙහි කෝපයද ඇතුව සිටිනසේක. උන්වහන්සේ ඔවුන් විනාශයට කැපකොට මැරුම්කෑමට භාරදී තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්