යෙසායා 59:9 - Sinhala Revised Old Version එබැවින් විනිශ්චය අපෙන් දුරව තිබේ, ධර්මිෂ්ඨකම අපට ළං නොවන්නේය. අප එළිය ගැන බලාසිටින නුමුත් තිබෙන්නේ අඳුරය; දීප්තිමත්කම ගැන බලාසිටින නුමුත් යන්නේ කළුවරෙහිය. Sinhala New Revised Version සෙනඟ මෙසේ කියති: “යුක්තියත් දැහැමිකමත් අපෙන් දුරු ව තිබෙන්නේ මන්දැ යි අපි දනිමු. අප එළිය සොයන නමුත්, ඇත්තේ අන්ධකාරය ය; දීප්තිය සොයන නමුත්, අප යන්නේ කළුවරෙහි ය. Sinhala New Revised Version 2018 සෙනඟ මෙසේ කියති: “යුක්තියත් දැහැමිකමත් අපෙන් දුරු ව තිබෙන්නේ මන්දැ යි අපි දනිමු. අප එළිය සොයන නමුත්, ඇත්තේ අන්ධකාරය ය; දීප්තිය සොයන නමුත්, අප යන්නේ කළුවරෙහි ය. |
ඔව්හු නොදනිති, තේරුම්ද නොගනිති; අන්ධකාරයෙහි ඔබ මොබ හැසිරෙති. පොළොවේ අත්තිවාරම් සියල්ල සෙලවේ.
ඔව්හු ඒ දවසේ මුහුදේ ගර්ජනාව මෙන් මොවුන්ට විරුද්ධව ගර්ජනාකරන්නෝය. එවිට දේශය දෙස යමෙක් බැලුවොත් අන්ධකාරයත් විපතත් පෙනෙයි, එහි වලාකුල්වල එළිය අඳුරුවී තිබේ.
අපි සියල්ලෝම වලසුන් මෙන් ගොරවමුව, කොබෙයියන් මෙන් කෙඳිරිගාමුව. අපි විනිශ්චය ගැන බලාසිටිමුව, නුමුත් එය එන්නේ නැත; ගැළවීම ගැන බලා සිටිමුව, නුමුත් එය අපෙන් දුරව තිබේ.
යුක්තිය පස්සට හරවාදමනු ලැබීය. ධර්මිෂ්ඨකමද දුරින් තිබේ. මක්නිසාද සැබෑකම වීථියේ වැටුණේය, අවංකකමට ඇතුල්වෙන්ට බැරිය.
සමාදානයේ මාර්ගය ඔව්හු නොදනිති; ඔවුන්ගේ මාවත්වල යුක්තිය නැත. ඔව්හු තමුන්ට ඇද මාවත් සාදාගත්තෝය; එහි යන්නාවූ කිසිවෙක් සමාදානය නොදන්නේය.
ඔව්හු අමාරුවට වැටී, බඩගිනිව, රටෙහි ඔබ මොබ යන්නෝය. ඔවුන්ට බඩගිනිවන විට තරහවී, තමුන්ගේ රජුටද තමුන්ගේ දෙවියන්වහන්සේටද දෙස් කියා උඩ බලන්නෝය.
උන්වහන්සේ අන්ධකාරකරන්ට පළමුවෙන්ද නුඹලාගේ පාද අඳුරු කඳුවල පැකිලෙන්ටත් නුඹලා එළිය ගැන බලා සිටිද්දී උන්වහන්සේ එය මරණයේ සෙවණට හරවා කළුවරකරන්ටත් පළමුවෙන්ද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ගෞරව දෙන්න.
ඔබ යූදා මුළුමනින්ම එපාකළසේක්ද? සියොන් ඔබගේ ආත්මයට පිළිකුලක්වී තිබේද? අපට සුවවීමක් නැති හැටියට ඔබ අපට පහරදුන්නේ මක්නිසාද? අපි සමාදානය ගැන බලා සිටියෙමුව, නුමුත් කිසි හොඳක් නොවීය; සුවවීමේ කාලයක් ගැනද බලා සිටියෙමුව, නුමුත්, මෙන්න, භයානකකම තිබේ.
සමාදානය ගැන බලා සිටියෙමුව, නුමුත් කිසි හොඳක් නැත; සුවවීමේ කාලයක් ගැන බලා සිටියෙමුව, නුමුත් අහෝ! භීතිය ඇත්තේය,
ඔව්හු අන්ධයන් මෙන් වීථිවල ඔබ මොබ යති, මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වස්ත්‍රවල තැවරෙන්ට බැරි තරමට ඔව්හු ලෙයින් කිලුටුවී සිටිති.
තවද මම ඒ කාලයේ ඉර මුදුන් වේලාවට ඉර බසින්ට සලස්වා, එළිය ඇති දවසේදී දේශය අන්ධකාරකරන්නෙමි.
මාරෝත්හි වාසයකරන්නී යහපත ගැන ආශාවෙන් බලාසිටියි. මක්නිසාද විපත්තිය ස්වාමීන්වහන්සේ වෙතින් යෙරුසලමේ දොරටුව ළඟට බැස තිබේ.
නපුර බලන්ට බැරි තරම් පවිත්‍ර ඇස් ඇත්තාවූ, හිංසාව බලාසිටින්ට නොහැකිවූ ඔබවහන්සේ ද්‍රෝහීන් දෙස බලාසිටින්නෙත්, දුෂ්ටයා තමාට වඩා ධර්මිෂ්ඨ තැනැත්තා නාස්තිකරන කල ඔබ නිශ්ශබ්දව සිටින්නෙත්,
සමාදානයය, අනතුරක් නැත කියා කියන විට ගර්භණියට විලිරුජාව පැමිණෙන්නාක්මෙන් හදිසියෙන් ඔවුන් පිටට විනාශය පැමිණේ; ඔව්හුද කිසිසේත් නොගැළවෙන්නෝය.