Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 59:11 - Sinhala Revised Old Version

11 අපි සියල්ලෝම වලසුන් මෙන් ගොරවමුව, කොබෙයියන් මෙන් කෙඳිරිගාමුව. අපි විනිශ්චය ගැන බලාසිටිමුව, නුමුත් එය එන්නේ නැත; ගැළවීම ගැන බලා සිටිමුව, නුමුත් එය අපෙන් දුරව තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 අපි සියල්ලෝ ම වලසුන් මෙන් ගොරවමු; කොබෙයියන් මෙන් කෙඳිරි ගාමු. අප යුක්තිය සෙව්වත් එය දක්නට නැත; ගැළවීම ගැන බලා සිටියත් එය අපෙන් ඈත් ව තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 අපි සියල්ලෝ ම වලසුන් මෙන් ගොරවමු; කොබෙයියන් මෙන් කෙඳිරි ගාමු. අප යුක්තිය සෙව්වත් එය දක්නට නැත; ගැළවීම ගැන බලා සිටියත් එය අපෙන් ඈත් ව තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 59:11
19 හුවමාරු යොමු  

වැහිලිහිණියෙකු නොහොත් කොකෙකු මෙන් කෑගැසීමි; පරෙවියෙකු මෙන් වැලපුණෙමි. උඩ බැලීමෙන් මාගේ ඇස් දුර්වලවී තිබේ; අහෝ ස්වාමීන්වහන්ස, මම පීඩා විඳිමි, ඔබ මට ඇපවුව මැනව.


එහෙත් ඔවුන් අතරෙන් ගැළවෙන අය ගැළවී ගොස්, සියල්ලෝ එකිනෙකා තම තමාගේ අයුතුකම නිසා මිටියාවත්වල පරෙවියන් මෙන් කෙඳිරිගාමින් කඳුවල සිටින්නෝය.


ඔව්හු තමුන්ගේ යහන්වලදී කෑගසන විට තමුන්ගේ සිත්වලින් මට මොර නොගැසුවෝය. ඔව්හු ධාන්‍යයද මිදියුසද ගැන රැස්වී, මට විරුද්ධව කැරළිගසති.


අහෝ මාගේ දියණිය වන සෙනඟගේ මැරුම්කෑවුන් ගැන රෑ දාවල් අඬන පිණිස මාගේ හිස වතුරද මාගේ ඇස් කඳුළු උල්පතක්ද වුණොත් යෙහෙකි!


සමාදානය ගැන බලා සිටියෙමුව, නුමුත් කිසි හොඳක් නැත; සුවවීමේ කාලයක් ගැන බලා සිටියෙමුව, නුමුත් අහෝ! භීතිය ඇත්තේය,


එබැවින් විනිශ්චය අපෙන් දුරව තිබේ, ධර්මිෂ්ඨකම අපට ළං නොවන්නේය. අප එළිය ගැන බලාසිටින නුමුත් තිබෙන්නේ අඳුරය; දීප්තිමත්කම ගැන බලාසිටින නුමුත් යන්නේ කළුවරෙහිය.


නුඹේ පුත්‍රයෝ ස්වාමීන්වහන්සේගේ කෝපය වන නුඹේ දෙවියන්වහන්සේගේ තරවටුකිරීමෙන් පිරී, ක්ලාන්තවී, දැලක අසුවුණ ගෝනෙකු මෙන් සියලු වීථි සන්ධිවල වැටී සිටිති.


ගැළවීම දුෂ්ටයන්ගෙන් දුරය; මක්නිසාද ඔව්හු ඔබගේ පනත් නොසොයති.


තේජස අපේ දේශයේ වසන පිණිස සැබවින්ම උන්වහන්සේගේ ගැළවීම උන්වහන්සේට භයවෙන්නන් සමීපයෙහිය.


මම ක්ලාන්තව බොහෝසෙයින් තැළී සිටිමි. මාගේ සිතේ කැළඹීම නිසා මොර ගෑමි.


මා දෙසට කන් යොමා මට උත්තර දුන මැනව. සතුරාගේ ශබ්දය නිසාත්, දුෂ්ටයාගේ පීඩාව නිසාත්, මම කැලඹුණු සිතින් මැසිවිලි කියමින් කෙඳිරිගාමි.


සමාදානයේ මාර්ගය ඔව්හු නොදනිති; ඔවුන්ගේ මාවත්වල යුක්තිය නැත. ඔව්හු තමුන්ට ඇද මාවත් සාදාගත්තෝය; එහි යන්නාවූ කිසිවෙක් සමාදානය නොදන්නේය.


යුක්තිය පස්සට හරවාදමනු ලැබීය. ධර්මිෂ්ඨකමද දුරින් තිබේ. මක්නිසාද සැබෑකම වීථියේ වැටුණේය, අවංකකමට ඇතුල්වෙන්ට බැරිය.


ඔබ මාගේ ආත්මය සමාදානය කෙරෙන් දුරුකළසේක; සැපත මට මතක නැතිවිය.


හුශබ් නිර්වස්ත්‍රව ගෙනයනු ලබන්නීය, ඇගේ මෙහෙකාරියෝද තමුන්ගේ ළයට ගසාගනිමින්, පරෙවියන්ගේ හඬින් මෙන් සුසුම්ලති.


දුෂ්ටකම අනුව යන්නෝ ළංවෙති; ඔව්හු ඔබගේ ව්‍යවස්ථාවෙන් දුරුව සිටිති.


නිනිවය පුරාණයේ සිට වතුර පොකුණක් මෙන් (මිනිසුන්ගෙන්) පිරී තිබුණේය. නුමුත් ඔව්හු පලායති; සිටින්න, සිටින්නය කියන නුමුත් කිසිවෙක් හැරී නොබලයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්