Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මීකා 1:12 - Sinhala Revised Old Version

12 මාරෝත්හි වාසයකරන්නී යහපත ගැන ආශාවෙන් බලාසිටියි. මක්නිසාද විපත්තිය ස්වාමීන්වහන්සේ වෙතින් යෙරුසලමේ දොරටුව ළඟට බැස තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 සමිඳාණන් වහන්සේ විනාශය ජෙරුසලම් දොරටුවට ළං කර තිබෙන බැවින් මාරෝත්හි සෙනඟ සුසුම්ලමින් සහනයක් බලා සිටිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 සමිඳාණන් වහන්සේ විනාශය ජෙරුසලම් දොරටුවට ළං කර තිබෙන බැවින් මාරෝත්හි සෙනඟ සුසුම්ලමින් සහනයක් බලා සිටිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මීකා 1:12
9 හුවමාරු යොමු  

ඔබ යූදා මුළුමනින්ම එපාකළසේක්ද? සියොන් ඔබගේ ආත්මයට පිළිකුලක්වී තිබේද? අපට සුවවීමක් නැති හැටියට ඔබ අපට පහරදුන්නේ මක්නිසාද? අපි සමාදානය ගැන බලා සිටියෙමුව, නුමුත් කිසි හොඳක් නොවීය; සුවවීමේ කාලයක් ගැනද බලා සිටියෙමුව, නුමුත්, මෙන්න, භයානකකම තිබේ.


මක්නිසාද ඇගේ තුවාල අසාධ්‍යව තිබේ. එය යූදා දක්වාත් පැමුණුණේය; මාගේ සෙනඟගේ දොරටුව දක්වාම යෙරුසලම ළඟටම ආයේය.


යම් නුවරක හොරණෑව පිම්බාම සෙනඟ භය නොවන්නෝද? ස්වාමීන්වහන්සේ නොපැමිණෙවු විපත්තියක් නුවරක ඇත්තේද?


සමාදානය ගැන බලා සිටියෙමුව, නුමුත් කිසි හොඳක් නැත; සුවවීමේ කාලයක් ගැන බලා සිටියෙමුව, නුමුත් අහෝ! භීතිය ඇත්තේය,


එළිය සාදන්නාවූ, අන්ධකාරය උපදවන්නාවූ, සමාදානය දෙන්නාවූ, විපත උපදවන්නාවූ තැනන්වහන්සේ වෙමි; මම මේ සියල්ල සිදු කරන ස්වාමීන්වහන්සේයයි කියනසේක.


මා විසින් සැපත බලාසිටි කල විපත පැමිණියේය; එළිය ගැන බලාසිටිද්දී අන්ධකාරය පැමිණියේය.


ඔහු එන කොට ඒලී පාර අද්දර තිබුණ තමාගේ ආසනයේ හිඳගන බලා උන්නේය. මක්නිසාද දෙවියන්වහන්සේගේ පෙට්ටිය ගැන ඔහුගේ හිත ගැහි ගැහී තිබුණේය. ඒ මනුෂ්‍යයා නුවරට ඇවිත් එපවත් කී කල නුවර වැසි සියල්ලෝ මොරගැසුවෝය.


ඈද: මට නායොමියයි නොකියා මාරායයි කියන්න. මක්නිසාද සර්වපරාක්‍රමයාණන්වන්සේ මා අති තික්තකමට පැමිණෙවූසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්