Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 8:21 - Sinhala Revised Old Version

21 ඔව්හු අමාරුවට වැටී, බඩගිනිව, රටෙහි ඔබ මොබ යන්නෝය. ඔවුන්ට බඩගිනිවන විට තරහවී, තමුන්ගේ රජුටද තමුන්ගේ දෙවියන්වහන්සේටද දෙස් කියා උඩ බලන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 සෙනඟ අමාරුවට වැටී සාගින්න නිසා රටෙහි ඔබමොබ ඉබාගාතේ යනු ඇත. ඔව්හු සාගින්නෙන් හා කෝපයෙන් තමන්ගේ රජුට හා තමන්ගේ දෙවියන්ට දෙස් කියති. ඔව්හු අහස දෙස බැලුවත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 සෙනඟ අමාරුවට වැටී සාගින්න නිසා රටෙහි ඔබමොබ ඉබාගාතේ යනු ඇත. ඔව්හු සාගින්නෙන් හා කෝපයෙන් තමන්ගේ රජුට හා තමන්ගේ දෙවියන්ට දෙස් කියති. ඔව්හු අහස දෙස බැලුවත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 8:21
25 හුවමාරු යොමු  

කෙනෙක් දකුණු පැත්තෙහි ගසාකන නුමුත්, බඩගිනිව සිටියි; ඔහු වම් පැත්තෙහි කන නුමුත්, ඔව්හු තෘප්තියට නොපැමිණෙති. එකිනෙකා තම තමාගේ බාහුවේ මාංසය කන්නේය.


මනුෂ්‍යයෙකුගේ මෝඩකම ඔහුගේ මාර්ගය පෙරළයි; එවිට ඔහුගේ සිත ස්වාමීන්වහන්සේට විරුද්ධව කිපෙයි.


හතරවෙනි මස නවවෙනිදා දේශයේ සෙනඟට කිසි කෑමක් නැතිවන තරම් සාගතය නුවර තුළ බලවත්විය.


මා පිටතට ගියොත් කඩුවෙන් මැරුම්කෑ අය පෙනේ! මා නුවරට ඇතුල්වුණොත් සාගතයෙන් ලෙඩවී ඉන්න අය පෙනේ! මක්නිසාද අනාගතවක්තෘද පූජකයාද කිසිවක් නොදැන දේශයෙහි ඔබමොබ යති.


එවිට ඔහුගේ භාර්යාව: නුඹේ අවංකකම තවම පවත්වාගන ඉන්නවාද? දෙවියන්වහන්සේ අත්හැරදමා මැරෙවයි කීවාය.


නුමුත් ඔබගේ අත දිගුකර ඔහුගේ ඇටවලටත් ඔහුගේ මාංසයටත් තැබුවොත්, ඔහු ඔබගේ මුහුණ ඉදිරියෙහිම ඔබට දොස් කියනවා ඇතැයි කීවේය.


නුමුත් ඔබගේ අත දිගුකර ඔහුට ඇති සියල්ලට ගැසුවොත් ඔහු ඔබගේ මුහුණ ඉදිරියෙහිම ඔබ අත්හරිනවා ඇතැයි කීවේය.


සතරවෙනි මාසයේ නවවෙනිදා දේශයේ සෙනඟට කෑම නැතිවෙන තරම් සාගතය නුවර තුළ බලවත් විය.


දෙවියන්වහන්සේට දෙස් නොකියව, නුඹේ සෙනඟගේ අධිපතියෙකුට ශාප නොකරව.


ඔහු ඔවුන් සමඟ කථාකරද්දීම පණිවිඩකාරයා ඔහු ළඟට ආවේය. රජු කථාකොට: මේ නපුර ස්වාමීන්වහන්සේගෙන් ය; ස්වාමීන්වහන්සේ ගැන මා තවත් බලාපොරොත්තු වෙන්නේ මොකටදැයි කීවේය.


ඉශ්‍රායෙල් ස්ත්‍රියගේ පුත්‍රයා ස්වාමීන්වහන්සේගේ නාමයට අපහාසකොට දෙස් කීවේය. ඔව්හු ඔහු මෝසෙස් ළඟට ගෙනාවෝය. ඔහුගේ මවුගේ නම ෂෙලොමිත්ය, ඈ දාන්ගේ ගෝත්‍රයේ දිබ්රීගේ දුවය.


ඒ දවසෙහි නුඹලා තෝරාගත් නුඹලාගේ රජු නිසා නුඹලා කෑගසනවා ඇත; නුමුත් ස්වාමීන්වහන්සේ ඒ දවසේදී නුඹලාට උත්තරදෙන්නේ නැතැයි කීවේය.


බඩගින්නෙන් ඔහුගේ ශක්තිය හීනවන්නේය, කොරගසමින් යන ඔහුට විපත්තිය ළංවන්නේය.


මනස්සේ විසින් එප්‍රායිම්ද එප්‍රායිම් විසින් මනස්සේද කාදමනවා ඇත. ඔවුන් දෙගොල්ලම එකතුව යූදාට විරුද්ධවන්නෝය. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.


දුප්පතුන්ගේ කුලුඳුලන්ට කෑම ලැබෙන්නේය, දිළින්දෝද සුවසේ නිදාගන්නෝය. මම සාගතයෙන් නුඹේ මුල නසන්නෙමි, එයින් නුඹේ ඉතිරි අයද නසනු ලබන්නෝය.


මේ කාරණා දෙක එනම් පාළුව සහ විනාශයත් සාගතය සහ කඩුවත් නුඹට පැමිණී තිබේ; නුඹට අනුකම්පාව පෙන්වන්නේ කවුද? මම නුඹ කෙසේ සනසන්නෙම්ද?


එබැවින් විනිශ්චය අපෙන් දුරව තිබේ, ධර්මිෂ්ඨකම අපට ළං නොවන්නේය. අප එළිය ගැන බලාසිටින නුමුත් තිබෙන්නේ අඳුරය; දීප්තිමත්කම ගැන බලාසිටින නුමුත් යන්නේ කළුවරෙහිය.


එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, මාගේ මෙහෙකරුවන්ට කන්ට තිබෙද්දී නුඹලාට බඩගිනි වන්නේය. මෙන්න, මාගේ මෙහෙකරුවන්ට බොන්ට තිබෙද්දී නුඹලාට පිපාසා වන්නේය. මෙන්න, මාගේ මෙහෙකරුවන් ප්‍රීතිවෙද්දී නුඹලාට ලජ්ජාව ඇතිවන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්