ඔව්හුද සියලු උස් හෙල් පිටත් සියලු අමු ගස් යටත් උස් තැන්ද රූප-කුළුනුද අෂේරා කණුද සාදාගත්තෝය;
යෙසායා 57:5 - Sinhala Revised Old Version අලෝන ගස් අතරෙන් සියලුම ගස් යටත් රාගයෙන් දැවෙන්නාවූ, මිටියාවත්වල පර්වත විවර යට දරුවන් මරන්නාවූ නුඹලා කැරළිකාරකමේ දරුවොත් බොරුකාර වංශයකුත් නොවන්නහුද? Sinhala New Revised Version ආලෝන ගස් අතරේත්, සියලුම අතු පතර ඇති ගස් යටත් නුඹලා කම් සැපෙහි යෙදෙන්නහු ය. මිටියාවත්හි හා පර්වත විවරයන්හි නුඹලා දරුවන් පූජා කරන්නහු ය. Sinhala New Revised Version 2018 ආලෝන ගස් අතරේත්, සියලුම අතු පතර ඇති ගස් යටත් නුඹලා කම් සැපෙහි යෙදෙන්නහු ය. මිටියාවත්හි හා පර්වත විවරයන්හි නුඹලා දරුවන් පූජා කරන්නහු ය. |
ඔව්හුද සියලු උස් හෙල් පිටත් සියලු අමු ගස් යටත් උස් තැන්ද රූප-කුළුනුද අෂේරා කණුද සාදාගත්තෝය;
එසේ වුණේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඵාරාවෝගේ අත යටතින් තමුන් නිදහස්කොට මිසර දේශයෙන් ගෙනාවාවූ තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කරමින්, වෙන දෙවිවරුන්ට භයව,
කිසිවෙක් තමාගේ පුත්‍රයෙක්වත් දුවෙක්වත් මොලෙක්ට ගින්නෙන් කැප නොකරන පිණිස ඔහු හින්නොම් පුත්‍රයනගේ මිටියාවතෙහි තිබෙන තොපෙත් දූෂ්‍යකෙළේය.
ඇරත් ඔහු හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතෙහි සුවඳ දුම් ඔප්පුකොට, ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පන්නාදැමූ ජාතීන්ගේ පිළිකුල්වල හැටියට තමාගේ පුත්‍රයන් ගින්නෙහි දැවුවේය.
ඔව්හු පසුවදා වේලාසනින් නැගිට, දවන පූජා ඔප්පුකළෝය, ශාන්ති පූජාද ගෙනාවෝය; එවිට සෙනඟ කන්ටත් බොන්ටත් ඉඳ පසුව සෙල්ලම් කරන්ට නැගුටුණෝය.
මක්නිසාද නුඹලා ආශාවූ අලෝන ගස් නිසා ඔව්හු ලජ්ජාවන්නෝය, නුඹලා තෝරාගත් උයන් නිසා නුඹලා වියවුල්වන්නහුය.
එසේම ඔවුන්ගේ දරුවෝද උස්වූ හෙල් උඩ අමු ගස් ළඟ තිබෙන ඔවුන්ගේ පූජාසනද ඔවුන්ගේ අෂේරා කණුද සිහිකරති.
මක්නිසාද පුරාණයේ සිට නුඹ නුඹේ වියගහ බිඳ, නුඹේ බැමි කඩාදමා: මම සේවය නොකරන්නෙමියි කීයෙහිය. මෙසේ උස්වූ සියලු හෙල් පිටද සියලු අමුගස් යටද නුඹ නැඹුරුව වේශ්‍යාකම්කෙළෙහිය.
නුඹේ අයුතුකම පමණක් දැනගන්න, මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව නුඹ කැරළිගසා, එහා මෙහා සියලු අමුගස් යට අන්‍යයන් ළඟට ගියෙහිය, මාගේ හඬට අකීකරුවුණෙහියයි ස්වාමීන්වහන්සේ කියනසේක.
තවද යොෂියා රජුගේ දවස්වලදී ස්වාමීන්වහන්සේ මට මෙසේ කීසේක: අහක්ව ගියාවූ ඉශ්‍රායෙල් කළ දේ නුඹ දුටුවෙහිද? ඈ උස්වූ සියලු කඳු උඩටත් සියලු අමුගස් යටටත් ගොස් එහිදී වේශ්‍යාකම්කළාය.
ඔව්හු තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද මොලෙක්ට දවා කැපකරන්ට හින්නොම් පුත්‍රයාගේ මිටියාවතෙහි තිබෙන බාල්ගේ උස් තැන් ගොඩනැගුවෝය. එසේ යූදාවරුන් විසින් පව්කරන හැටියට ඒ පිළිකුල කිරීමට මා ඔවුන්ට අණකළේවත් එය මාගේ සිතට පැමුණුණේවත් නැත.
නියඟක් ඇගේ ජලයන් පිටට පැමිණ, ඒවා හිදීයනවා ඇත. මක්නිසාද එය කැපූ රූප ඇති දේශයක්ය, ඒ භයානක දේවල් ගැනද ඔව්හු උමතුවී සිටිති.
බබිලෝනිය වනාහි ස්වාමීන්වහන්සේගේ අතේ තිබුණු මුළු පොළොව මත් කළාවූ රන් කුසලානක්ය. ඇගේ මුද්‍රික පානයෙන් ජාතීහු බීවෝය; එබැවින් ජාතීහු උමතුව සිටිති.
ඔවුන් තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද ගින්නෙහි දවන පිණිස හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතෙහි තිබෙන තෝපෙත්හි උස් තැන් ගොඩනැගුවෝය; එය මා විසින් අණකළේවත් ඒක මාගේ සිතට පැමුණුණේවත් නැත.
තවද මා නිසා නුඹ වැදූ නුඹේ පුත්‍රයන්ද නුඹේ දූවරුන්ද නුඹ රැගෙන විනාශවීමට ඔවුන් ඒවාට පූජාකෙළෙහිය.
තවද මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නා පිණිස, මම ඔවුන් අසරණ භාවයට පමුණුවන්ට, ගර්භයේ ප්‍රථම ඵලවූ සියලු කුලුඳුලන් ගිනි මැදින් යැවීමෙන් ඔවුන් දුන් ඔවුන්ගේම පඬුරුවලදී ඔවුන් අපවිත්‍ර බව ප්‍රකාශකෙළෙමි.
ඔවුන්ට දෙන ලෙස මා විසින් මාගේ අත ඔසවා දිවුරුම් දුන් දේශයට මා විසින් ඔවුන් පැමිණෙවු කල, ඔව්හු සියලු උස් හෙල්ද අතු ඝනව තිබෙන සියලු ගස්ද දැක එහි තමුන්ගේ පූජා ඔප්පුකළෝය, උදහස් කරවන තමුන්ගේ පඬුරු එහි පිදුවෝය, එහි ඔව්හු තමුන්ගේ සුගන්ධ ද්‍රව්‍ය සාදා, එහිම තමුන්ගේ පානපූජා වැගිරෙවුවෝය.
නුඹලාගේ පුත්‍රයන් ගිනි මැදින් යැවීමෙන් නුඹලාගේ පඬුරු ඔප්පුකරන කල, නුඹලා අද දක්වා නුඹලාගේ සියලු දේවරූප කරණකොටගෙන කිලුටුවන්නහුද? එබැවින් ඉශ්‍රායෙල් වංශය, මම නුඹලා විසින් විභාගකරනු ලබම්ද? මා ජීවමාන බව සැබෑවා සේම මම නුඹලා විසින් විභාගකරනු නොලබන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
ඔවුන් තමුන්ගේ සියලු දේවරූපවලට මිහිරි සුවඳ ඔප්පුකළ ස්ථාන වන උස්වූ සියලු හෙල්වලත් සියලු කඳු මුදුන්වලත් සියලු අමුගස් යටත් ඝන අතු ඇති සියලු අලෝන ගස් යටත් ඔවුන්ගේ පූජාසන වටකර ඔවුන්ගේ දේවරූප අතරෙහි ඔවුන්ගේ මැරුම්කෑවුන් වැටී සිටින කල, මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නවා ඇත.
නුඹේ වංශයෙන් කිසිවෙකු මොලෙක්ට ගිනි මැදින් යවා පූජාකොට නුඹේ දෙවියන්වහන්සේගේ නාමයට අපහාසනොකරන්න. මම ස්වාමීන්වහන්සේය.
එකල ඔවුන් සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ හඬමින් සිටියදී ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් එක්කෙනෙක් මෝසෙස් ඉදිරියෙහිද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ඉදිරියෙහිද මිදියන් ස්ත්‍රියෙකු කැඳවාගෙන තමාගේ සහෝදරයන් ළඟට ආයේය.
නුඹලා පන්නා දමන ජාතීන් විසින් උස් කඳු පිටද හෙල් පිටද සියලු අමු ගස් යටද තමුන්ගේ දෙවිවරුන්ට සේවය කළාවූ සියලු ස්ථාන විනාශකොට,
මක්නිසාද සියලු ජාතීහු ඇගේ වේශ්‍යාකමේ උදහස නමැති මුද්‍රිකපානය බී වැටුණෝය; පොළොවේ රජවරු ඈ සමඟ වේශ්‍යාකම්කළෝය, පොළොවේ වෙළෙන්දෝ ඇගේ සැපජීවිකාවේ අධිකකමෙන් ධනවත් වූවෝයයි කීවේය.