Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 20:31 - Sinhala Revised Old Version

31 නුඹලාගේ පුත්‍රයන් ගිනි මැදින් යැවීමෙන් නුඹලාගේ පඬුරු ඔප්පුකරන කල, නුඹලා අද දක්වා නුඹලාගේ සියලු දේවරූප කරණකොටගෙන කිලුටුවන්නහුද? එබැවින් ඉශ්‍රායෙල් වංශය, මම නුඹලා විසින් විභාගකරනු ලබම්ද? මා ජීවමාන බව සැබෑවා සේම මම නුඹලා විසින් විභාගකරනු නොලබන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 නුඹලාගේ පුත්‍රයන් ගින්නෙහි පූජා කරමින් නුඹලාගේ පඬුරු ඔප්පු කරන කල, නුඹලා අද දක්වා නුඹලාගේ සියලු දේව රූප කරණකොටගෙන කිළුටු වන්නහු ද? කරුණු මෙසේ ව තිබිය දී ඉශ්රායෙල් ජනයෙනි, නුඹලා තවමත් මාගේ කැමැත්ත විමසන පිණිස පැමිණෙන්නහු ය. මාගේ ජීවමාන නාමයෙන් දිවුරා නුඹලාට මාගෙන් විමසන්න ඉඩ නොදෙමි යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 නුඹලාගේ පුත්‍රයන් ගින්නෙහි පූජා කරමින් නුඹලාගේ පඬුරු ඔප්පු කරන කල, නුඹලා අද දක්වා නුඹලාගේ සියලු දේව රූප කරණකොටගෙන කිළුටු වන්නහු ද? කරුණු මෙසේ ව තිබිය දී ඉශ්රායෙල් ජනයෙනි, නුඹලා තවමත් මාගේ කැමැත්ත විමසන පිණිස පැමිණෙන්නහු ය. මාගේ ජීවමාන නාමයෙන් දිවුරා නුඹලාට මාගෙන් විමසන්න ඉඩ නොදෙමි යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 20:31
25 හුවමාරු යොමු  

තවද මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නා පිණිස, මම ඔවුන් අසරණ භාවයට පමුණුවන්ට, ගර්භයේ ප්‍රථම ඵලවූ සියලු කුලුඳුලන් ගිනි මැදින් යැවීමෙන් ඔවුන් දුන් ඔවුන්ගේම පඬුරුවලදී ඔවුන් අපවිත්‍ර බව ප්‍රකාශකෙළෙමි.


ඔවුන් තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද ගින්නෙහි දවන පිණිස හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතෙහි තිබෙන තෝපෙත්හි උස් තැන් ගොඩනැගුවෝය; එය මා විසින් අණකළේවත් ඒක මාගේ සිතට පැමුණුණේවත් නැත.


එසේ උන්වහන්සේ අඬගැසූ කල ඔවුන් නාසා සිටියාක්මෙන් ඔවුන් අඬගසන කල මමත් නාසා සිට,


මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ට කථාකොට ඔවුන්ට මෙසේ කියන්න: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–නුඹලා ආවේ මාගෙන් විභාගකරන්ටද? මා ජීවමාන බව සැබෑවා සේම නුඹලාගේ විභාග කිරීමට මම ඇහුම්කන් නොදෙන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


තවද මා නිසා නුඹ වැදූ නුඹේ පුත්‍රයන්ද නුඹේ දූවරුන්ද නුඹ රැගෙන විනාශවීමට ඔවුන් ඒවාට පූජාකෙළෙහිය.


තවද ඔවුන් තමුන්ගේ පුත්‍රයන් බාල්ට දවන පූජා කොට ගින්නෙහි පුලුස්සන පිණිස බාල්ට උස්තැන් ගොඩනගා තිබේ. මා එය අණකළේවත් කීවේවත් එය මාගේ සිතට පැමුණුණේවත් නැත.


ඔවුන් නිරාහාරව සිටින කල මම ඔවුන්ගේ කන්නලව්ව නොඅසන්නෙමි; ඔවුන් දවන පූජාවද ආහාර පූජාවද ඔප්පුකරන විටත් මම ඒවා පිළිනොගෙන, කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද ඔවුන් විනාශකරන්නෙමියි කීසේක.


නුඹලාගේ අත් විදහනකල මාගේ ඇස් නුඹලාගෙන් සඟවාගන්නෙමි. එසේය, නුඹලා යාච්ඤා බොහෝමයක් කරන කල්හිත් මම නොඅසන්නෙමි. නුඹලාගේ අත් ලෙයින් පිරී තිබේ.


ව්‍යවස්ථාව ඇසීමෙන් තමාගේ කන් ඉවත හරවාගන්නාගේ යාච්ඤාව පවා පිළිකුලක්ය.


අයුතුකම් කිරීමේ අභිප්‍රායක් මාගේ සිතෙහි ඇත්නම්, ස්වාමීන්වහන්සේ මාගේ බස් නාසනසේක.


ඔහු සර්වපරාක්‍රමයාණන් තුළ ප්‍රීතිවී, නිතරම දෙවියන්වහන්සේට යාච්ඤාකරනවා ඇද්ද?


අභක්තිකයා කොල්ලකාගන්න නුමුත්, දෙවියන්වහන්සේ ඔහුගේ ප්‍රාණය අහක්කරගන්න විට ඔහුගේ බලාපොරොත්තුව කුමක්ද?


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නුඹේ ප්‍රේමවන්තයන් සමඟද නුඹේ සියලු පිළිකුල්වල රූප සමඟද නුඹ කළ වේශ්‍යාකම්වලිනුත් නුඹ ඒවාට දුන් නුඹේ දරුවන්ගේ ලේවලිනුත් නුඹේ මුදල් වියදම්වී නුඹේ නග්නභාවය පෙනුණු බැවින්,


තවද, මනුෂ්‍ය පුත්‍රය, නුඹේ සෙනඟගේ පුත්‍රයෝ පවුරු ළඟදීද ගෙවල්වල දොරකඩවලදීද නුඹ ගැන කථාකොට: එන්න, ස්වාමීන්වහන්සේගෙන් පැමිණෙන වචනය මොකද කියා අසන්නැයි එකිනෙකා තම තමාගේ සහෝදරයාට කියති.


එවිට මනුෂ්‍යයෝ ස්වාමීන්වහන්සේගේ වචනය සොයන පිණිස මුහුදෙන් මුහුදට ගමන්කරන්නෝය, උතුරේ සිට නැගෙනහිරටද ඔබ මොබ දුවනවා ඇත, නුමුත් ඔවුන්ට සම්බවෙන්නේ නැත.


අලෝන ගස් අතරෙන් සියලුම ගස් යටත් රාගයෙන් දැවෙන්නාවූ, මිටියාවත්වල පර්වත විවර යට දරුවන් මරන්නාවූ නුඹලා කැරළිකාරකමේ දරුවොත් බොරුකාර වංශයකුත් නොවන්නහුද?


මක්නිසාද ඔව්හු කාමමිථ්‍යාචාරයකළෝය, ලේ ඔවුන්ගේ අත්වල තිබේ, තමුන්ගේ පිළිම සමඟ ඔව්හු කාමමිථ්‍යාචාරයකළෝය; ඔව්හු මා නිසා බිහිකළ පුත්‍රයන්ද ගින්නෙහි විනාශවෙන්ට ඒවාට කැපකළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්