Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 32:35 - Sinhala Revised Old Version

35 ඔව්හු තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද මොලෙක්ට දවා කැපකරන්ට හින්නොම් පුත්‍රයාගේ මිටියාවතෙහි තිබෙන බාල්ගේ උස් තැන් ගොඩනැගුවෝය. එසේ යූදාවරුන් විසින් පව්කරන හැටියට ඒ පිළිකුල කිරීමට මා ඔවුන්ට අණකළේවත් එය මාගේ සිතට පැමුණුණේවත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 ඔව්හු තමන්ගේ දූ පුතුන් මොලෙක් දෙවියා ඉදිරියෙහි දවා කැප කරන්නට හින්නොම් පුත්‍රයාගේ මිටියාවතෙහි බාල් දෙවියාට ගිරිකුළු දේවාල ගොඩනැඟුවෝ ය. ඔවුන් ඒ දේ කෙළේ, මාගේ අණට විරුද්ධ ව ය. එබඳු පිළිකුල් මඟින් ඔවුන් පාපයට පෙළඹවීමට මට අදහසක් පහළ වුණේ වත් මා ඔවුන්ට අණ කළේ වත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

35 ඔව්හු තමන්ගේ දූ පුතුන් මොලෙක් දෙවියා ඉදිරියෙහි දවා කැප කරන්නට හින්නොම් පුත්‍රයාගේ මිටියාවතෙහි බාල් දෙවියාට ගිරිකුළු දේවාල ගොඩනැඟුවෝ ය. ඔවුන් ඒ දේ කෙළේ, මාගේ අණට විරුද්ධ ව ය. එබඳු පිළිකුල් මඟින් ඔවුන් පාපයට පෙළඹවීමට මට අදහසක් පහළ වුණේ වත් මා ඔවුන්ට අණ කළේ වත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 32:35
33 හුවමාරු යොමු  

ඔවුන් තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද ගින්නෙහි දවන පිණිස හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතෙහි තිබෙන තෝපෙත්හි උස් තැන් ගොඩනැගුවෝය; එය මා විසින් අණකළේවත් ඒක මාගේ සිතට පැමුණුණේවත් නැත.


නුඹේ වංශයෙන් කිසිවෙකු මොලෙක්ට ගිනි මැදින් යවා පූජාකොට නුඹේ දෙවියන්වහන්සේගේ නාමයට අපහාසනොකරන්න. මම ස්වාමීන්වහන්සේය.


ඔහු තමාගේ පුත්‍රයන් හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතේදී ගින්නෙන් කැපකෙළේය. ඔහු නිමිති බැලීම්ද ශාස්ත්‍රකීම්ද මායම්ද ව්‍යවහාරකොට, ආත්ම බන්ධනකාරයන්ද අනවිනකාරයන්ද ආශ්‍රයකෙළේය. ස්වාමීන්වහන්සේ කෝපකරවන හැටියට උන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ ඔහු බොහෝසෙයින්ම කෙළේය.


කිසිවෙක් තමාගේ පුත්‍රයෙක්වත් දුවෙක්වත් මොලෙක්ට ගින්නෙන් කැප නොකරන පිණිස ඔහු හින්නොම් පුත්‍රයනගේ මිටියාවතෙහි තිබෙන තොපෙත් දූෂ්‍යකෙළේය.


එසේ වුණේ ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කරමින් යෙරොබොවම්ගේ මාර්ගයෙහිද ඉශ්‍රායෙල්ට පව්කරන්ට සලස්වන ලෙස ඔහු කළාවූ පාපයේ හැටියටද හැසිරෙමින් ඔහු කළාවූ පාපවල් නිසාය.


මක්නිසාද ඔව්හු කාමමිථ්‍යාචාරයකළෝය, ලේ ඔවුන්ගේ අත්වල තිබේ, තමුන්ගේ පිළිම සමඟ ඔව්හු කාමමිථ්‍යාචාරයකළෝය; ඔව්හු මා නිසා බිහිකළ පුත්‍රයන්ද ගින්නෙහි විනාශවෙන්ට ඒවාට කැපකළෝය.


අලෝන ගස් අතරෙන් සියලුම ගස් යටත් රාගයෙන් දැවෙන්නාවූ, මිටියාවත්වල පර්වත විවර යට දරුවන් මරන්නාවූ නුඹලා කැරළිකාරකමේ දරුවොත් බොරුකාර වංශයකුත් නොවන්නහුද?


නුමුත් ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් විනාශකරදැමූ ජාතීන්ට වඩා නපුරුකම් කරන හැටියට මනස්සේ යූදාවරුන්ද යෙරුසලමේ වැසියන්ද මුළාකෙළේය.


තවද බෙතෙල්හි තිබුණ පූජාසනයද ඉශ්‍රායෙල්වරුන්ට පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම් සෑදූ උස්තැනද වන පූජාසනයත් උස්තැනත් ඔහු කඩා දමා, උස්තැන පුලුස්සා දමා කුඩුකර, අෂේරා පිළිමයද පුලුස්සාදැමුවේය.


යූදාහි රජවූ මනස්සේ මේ පිළිකුල්කම් කරමින් ඔහුට පළමුවෙන් සිටි අමෝරිවරුන් කළ සියල්ලට වඩා නපුරුකම් කොට, යූදාවරුන්ටද තමාගේ දේව රූපවලින් පව්කරන්ට සැලැස්වූ නිසා,


එසේ වුවත් ඔහු ඉශ්‍රායෙල්ට පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ පාපවලින් අහක්නොවී, ඒවාට ඇලුම්ව සිටියේය.


නුඹ මා කෝපකරවමින් ඉශ්‍රායෙල්ට පව්කරන්ට සලස්වමින් කළ ක්‍රියාව නිසා නුඹේ වංශය නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ වංශය මෙන්ද අහියාගේ පුත්‍රවූ බාෂාගේ වංශය මෙන්ද කරන්නෙමියි කියනසේකැයි කීවේය.


එසේ වුණේ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උදහස්කරන ලෙස යෙරොබොවම් විසින් කළාවූද ඉශ්‍රායෙල්වරුන්ට කරන්ට සැලැස්සුවාවූද පව් නිසා ස්වාමීන්වහන්සේ තමන්ගේ දාසයාවූ ෂීලොනිය අහියා ලවා කියෙවු උන්වහන්සේගේ වචනයේ හැටියටය.


ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කොට, තමාගේ පියාගේ මාර්ගයෙහිද ඉශ්‍රායෙල්ට පව්කරන්ට සැලැස්සුවාවූ ඔහුගේ පාපයෙහිද හැසුරුණේය.


යෙරොබොවම් කළාවූද ඉශ්‍රායෙල්වරුන්ට කරන්ට සැලැස්සුවාවූද පාපවල් නිසා උන්වහන්සේ ඉශ්‍රායෙල් අත්හැර දමනවා ඇතැයි කීවේය.


මා මෙසේ කරන්නේ ඔවුන් ඔහුගේ පියවූ දාවිත් මෙන් මාගේ ඇස් හමුයෙහි හරිව තිබුණු දේද මාගේ පනත්ද විනිශ්චයයන්ද ඉෂ්ටකරමින් මාගේ මාර්ගවල නොහැසිර මා අත්හැර, ශීදොන්වරුන්ගේ දේවතාවිවූ අෂ්ටාරොත්ටද මෝවබ්වරුන්ගේ දෙවිවූ කෙමොෂ්ටද අම්මොන් පුත්‍රයන්ගේ දෙවිවූ මිල්කොම්ටද නමස්කාරකළ නිසාය.


ඈ එසේ කිලුටුවූ පසු ඈ අත්ඇරියාවූ ඇගේ ප්‍රථම පුරුෂයාට නැවත ඈ භාර්යාව කොට ගන්ට නුපුළුවන; මක්නිසාද ඒක ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පිළිකුලක්ය. නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උරුමයක් පිණිස නුඹට දෙන දේශයට වරද නොපමුණුවන්න.


තමාගේ පුත්‍රයා හෝ දුව හෝ ගිනි මැදින් යවා පූජාකරන කෙනෙක්වත් පේනකියන්නෙක්වත් නිමිති බලන්නෙක්වත් ශාස්ත්‍ර කියන්නෙක්වත් මායාකාරයෙක්වත්,


මෝසෙස්ද ආරොන්ට කථාකොට: මේ සෙනඟ කෙරෙහි මහත්වූ පාපයක් පමුණුවන්ට ඔවුන් නුඹට කළේ කුමක්දැයි ඇසුවේය.


නමස්කාරකරන පිණිස නුඹලා විසින් සාදනලද රූප එනම් මොලොක්ගේ කූඩාරමද රෙපාන් දෙවියාගේ තාරකාවද ඔසවාගෙනගියහුය. එබැවින් නුඹලා බබිලෝනියෙන් එපිටට ගෙනයන්නෙමි යනුයි.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹ විසින් එයාකාර නොකළ යුතුය. මක්නිසාද ස්වාමීන්වහන්සේ ද්වේෂකරන්නාවූ පිළිකුල්කරන්නාවූ සියලු දේවල් ඔව්හු තමුන්ගේ දෙවිවරුන් සඳහා කළෝය; ඔවුන්ගේ පුත්‍රයන්ද ඔවුන්ගේ දූවරුන්ද පවා ඔවුන්ගේ දෙවිවරුන්ට ගින්නේ දවා පූජාකරති.


එකල සාලමොන් යෙරුසලම ඉදිරියෙහිවූ කන්දේ මෝවබ්වරුන්ගේ පිළිකුලවූ කෙමොෂ්ටත් අම්මොන් පුත්‍රයන්ගේ පිළිකුලවූ මොලෙක්ටත් උස්තැනක් ගොඩනැගුවේය.


මක්නිසාද යූදාහි දරුවෝ මාගේ ඇස් හමුවෙහි නපුරුව තිබෙන දේ කළෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මාගේ නාමය තබා තිබෙන ගෘහය අපවිත්‍ර කරන්ට ඔවුන් තමුන්ගේ පිළිකුල් දේවල් එහි තබා තිබේ.


හාර්සිත් නම් දොරටුව ළඟ තිබෙන හින්නොම් පුත්‍රයාගේ මිටියාවතට පැමිණ මා විසින් නුඹට කියන වචන එහිදී ප්‍රකාශකරමින් මෙසේ කියන්න:


මමද: අහෝ මා ද්වේෂකරන ඔය පිළිකුල් දෙය නොකරන්නැයි කියන්ට ප්‍රොපේතවරුන් වන මාගේ සියලු සේවකයන් අලුයම් වේලාවේ පටන්ම නුඹලා ළඟට එවුවෙමි.


තවද: මාගේ නාමය යෙරුසලමෙහි තබන්නෙමියි ස්වාමීන්වහන්සේ යම් ගෘහයක් ගැන කීසේක්ද ඒ ගෘහයෙහි ඔහු පූජාසන ගොඩනැගුවේය.


පූජකයන්ගේ සියලු ප්‍රධානීහුද සෙනඟ ද ජාතීන්ගේ සියලු පිළිකුල්වල හැටියට බොහෝසේ අපරාධකරමින්, ස්වාමීන්වහන්සේ යෙරුසලමෙහි විශුද්ධකළ උන්වහන්සේගේ ගෘහය අපවිත්‍රකළෝය.


නුඹේ සියලුම ප්‍රේමවන්තයෝ නුඹ මතකනැතිකළෝය; ඔවුන් නුඹ ගැන විභාගකරන්නේ නැත. නුඹේ අයුතුකමේ මහත්කම නිසාද නුඹේ පව් වැඩිවූ නිසාද සතුරෙකුගේ පහරවලින්, කෲර කෙනෙකුගේ දඬුවමකින් නුඹට පහරදුනිමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්