Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 18:3 - Sinhala Revised Old Version

3 මක්නිසාද සියලු ජාතීහු ඇගේ වේශ්‍යාකමේ උදහස නමැති මුද්‍රිකපානය බී වැටුණෝය; පොළොවේ රජවරු ඈ සමඟ වේශ්‍යාකම්කළෝය, පොළොවේ වෙළෙන්දෝ ඇගේ සැපජීවිකාවේ අධිකකමෙන් ධනවත් වූවෝයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 මන්ද, සියලු ජාතීහු ඇගේ තදබල කාමරාගය නමැති මද්‍යසාරය පානය කළහ. මිහි පිට රජවරු ඈ සමඟ කාමමිථ්‍යාචාරය කළහ. දේශාන්තර වෙළෙන්දෝ ඇගේ සැප ජීවිකාවේ අධිකකමින් ධනවත් වූ හ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

3 මන්ද ඇගේ ලිංගික අපචාර කෝපයේ මිදි යුෂවලින්, සියලු ජාතීහු බීමත් වූහ. පොළොවේ රජවරු ඇය හා පරදාර සේවනයේ ගැලුණහ. පොළොවේ වෙළෙන්දෝ, ඇගේ සුඛෝපභෝගිත්වයේ බලයෙන්, ධනයෙන් වැඩුණහ.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 මන්ද, සියලු ජාතීහු ඇගේ තදබල කාමරාගය නමැති මද්‍යසාරය පානය කළහ. මිහි පිට රජවරු ඈ සමඟ කාමමිථ්‍යාචාරය කළහ. දේශාන්තර වෙළෙන්දෝ ඇගේ සැප ජීවිකාවේ අධිකකමින් ධනවත් වූ හ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 18:3
17 හුවමාරු යොමු  

පොළොවේ රජවරු ඈ සමඟ වේශ්‍යාකම්කළෝය, පොළොවේ වැසියෝද ඇගේ වේශ්‍යාකම් නමැති මුද්‍රිකපානයෙන් මත්වුණෝයයි කීවෝය.


තව දෙවෙනි දේවදූතයෙක්ද (ඔහු) පස්සේ ගොස්: තමාගේ වේශ්‍යාකමේ කෝපය නමැති මුද්‍රිකපානය සියලු ජාතීන්ට පෙවුවාවූ මහත් බබිලෝනිය වැටුණේය, වැටුණේයයි කීය.


ඈ සමඟ වේශ්‍යාකම්කොට සැපජීවිකාවෙන් විසූ පොළොවේ රජවරු ඇගේ දැවීමේ දුම දකින කල, ඇගේ වේදනාවට භයින් දුරින් සිට:


පහනක එළිය නුඹ තුළ තවත් නොබැබළෙන්නේය; මණමාලයාගේවත් මණමාලීගේවත් හඬ නුඹ තුළ තවත් නොඇසෙන්නේය. මක්නිසාද නුඹේ වෙළෙන්දෝ පොළොවේ උත්තමයෝව සිටියෝය; නුඹේ මායමින්ද සියලු ජාතීහු රැවටුණෝය;


බබිලෝනිය වනාහි ස්වාමීන්වහන්සේගේ අතේ තිබුණු මුළු පොළොව මත් කළාවූ රන් කුසලානක්ය. ඇගේ මුද්‍රික පානයෙන් ජාතීහු බීවෝය; එබැවින් ජාතීහු උමතුව සිටිති.


රස කෑම කෑ අය අසරණව වීථිවල හිඳිති. රතු ඇතිරිලි පිට හිඳ ඇතිවුණ අය කසළ ගොඩවල් වැලඳගෙන හිඳිති.


බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් මා කාදමා, මා නාස්තිකොට, මා හිස් භාජනයක් කෙළේය, ඔහු දීර්ඝයෙකු මෙන් මා ගිල, මාගේ ප්‍රියවූ දේවලින් තමාගේ බඩ පුරවාගෙන, මා අහකදැම්මේය.


නුඹ යම් යම් දේ සමඟ වෙහෙසුණෙහිද ඒවා නුඹට එයාකාරවන්නේය. නුඹේ යෞවන වයසේ පටන් නුඹ සමඟ වෙළඳාම්කළ අයවල් තම තමුන්ගේ දිශාවලට අහක්ව යන්නෝය; නුඹ ගළවන්ට කිසිවෙක් නොවන්නේය.


නුමුත් කුමක් බලන්ට ගියහුද? සිහින් වස්ත්‍ර පැළඳගත් මනුෂ්‍යයෙක්ද? බලව, අලංකාර වස්ත්‍ර හැඳ සැපජීවිකාවෙන් සිටින්නෝ රාජමාළිගාවල සිටිති.


මෙසේ වෙන්නේ මන්ත්‍රකාරීවූ ඉතා ශෝභමාන වේශ්‍යාවීගේ වේශ්‍යාකම් රාශිය නිසාය; ඇගේ වේශ්‍යාකම්වලින් ඈ ජාතීන්ද ඇගේ මන්ත්‍රවලින් පවුල්ද විකුණන්නීය.


නුමුත් යෞවන වැන්දඹුවන් එපාකරන්න. මක්නිසාද ඔව්හු ක්‍රිස්තුස්වහන්සේට විරුද්ධවූ තෘෂ්ණාවලින් පෙලඹුණාම සරණපාවාගන්ට ආශාවෙති.


ඈ යම් පමණක් තමාම වර්ණනාකරගනිමින් සැපජීවිකාවෙන් වැඩිවූවාද, එපමණටම ඈට ශෝකය හා වධ දෙන්න. මක්නිසාද: මම බිසවක්ව වැඩහිඳිමි, මම වැන්දඹුවක් නොවෙමි, ශෝකයද කිසිසේත් නොදකිමියි ඈ සිතින් කියාගන්නීය.


ඔව්හු තමුන්ගේ හිස් පිට ධූලි හෙළා, හඬමින් වැලපෙමින්: අහෝ, අහෝ, ඒ මහත් නුවර! ඇගේ වස්තුව හේතුකොටගෙන මුහුදේ නැව් ඇත්තාවූ සියල්ලෝ ඇගෙන් ධනවත්වූවෝය. එක පැයකින් ඈ පාළුවුණාය කියමින් මොරගැසුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්